ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය ආධාර යටතේ නිවාස ඒකක 4,074 ක් ඉදිකිරීමේ ව්‍යාපාතියේ උප ව්‍යාපෘති 06 න් එක් උප ව්‍යාපෘතියක් වන රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවතේ නිවාස ඒකක 300 ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරිම සඳහා අනුමැතිය ලැබෙන්නේ 2020-03-04 දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ය.
එම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරුගේ දුර්වල කාර්ය සාධනය හේතුවෙන් අදාළ කොන්ත්‍රාත් ගිවිසුම අවලංගු කර එකී ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීම පිණිස ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ එවකට ලංසු කැඳවා තිබේ.
ඒ අනුව ඉදිරිපත් වී ඇති ලංසු 06 සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය මත පදනම්ව, රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවතේ නිවාස ඒකක 300 ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව M/s Maga Engineering (Pvt) Ltd වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලදී.







