සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාගම වෛද්‍ය පීඨ ප්‍රහාරයට   මැරයන්  පැමිණ ඇත්තේ රාජ්‍ය ඇමති අරුන්දිකගේ අමාත්‍යාංශයෙන්…

මැර පිරිස ගෙන්වූ සිසුවාත් රෝහල්ගත වෙලා...

by editor
පෙබරවාරි 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට ඇතුලු වී මැර ප්‍රහාරයක් එල්ල කළ මැර කණ්ඩායම පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ අමාත්‍යාංශ‍යේ සේවය කරන පිරිසක් බව හෙළි වී තිබේ.

මැර පිරිස පැමිණි වාහනය පොල් සංවර්ධන අධිකාරියට අයත්ව තිබියදී අමාත්‍යාංශයේ කටයුතු සඳහා නිදහස් කර ඇති වාහනයකි.

වාහනයේ රියදුරු ද අමාත්‍යාංශයේ සේවකයෙක් වන අතර අමාත්‍යාංශ කාර්යමණ්ඩල සාමාජිකයෙකුගේ හැඳුනුම්පතක් සහිත මුදල් පසුම්බියක් ද වෛද්‍ය පීඨ භූමියේ ගැටුම ඇති වූ ස්ථානයේ තිබී සොයාගෙන ඇත.

මෙම ගැටුමට මැර පිරිස ගෙන්වා ඇත්තේත් අභ්‍යන්තර ශිෂ්‍යයෙක් විසින් බව හෙළි වී ඇත. මෙම සිසුවා රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුතාගේ පන්ති සගයෙක් බවත් ඔහු සමග එක්ව ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවත් විමර්ශනවලදී හෙළි වී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වෙතත් ගැටුමෙන් පසු මෙම සිසුවාද රෝහල් ගත වී ඇති අතර රෝහල් ගත වූ සිසුන් සිව් දෙනාගෙන් මීගමුව රෝහලට ඇතුළත් වී ඇත්තේ ගැටුමට මැර කණ්ඩායම ගෙන්වූ සිසුවා බවට තොරතුරු ලැබී ඇත.
ගැටුම ඇති වූ අවස්ථාවේ දී සිසුන්ද මැරයින්ට පහර දී ඇති බවත්, මැරයින් පැමිණි වාහනයේ රෝදවල හුළං ඇර ගේට්ටු වසා අවහිර කර පොලිස් අත්අඩංගුවට එය පත් කර ඇත්තේත් සිසුන් බවත් වාර්තා වේ.

සිද්ධිය පිළිබඳ විශේෂ විමර්ශනයක් සඳහා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පිට කැළණිය පොලිස් අධිකාරීවරයා යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබේ.

මේ පිළිබඳ මාධ්‍ය ප්‍රකාශක රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එය පහතින් දැක්වේ.

මාධ්‍ය නිවේදනය

රාගම වෛද්‍ය පීඨයට පැන දේශපාලන මැරයෝ පහර දෙති

රාගම වෛද්‍ය පීඨයේ හතරවන වසරේ වෛද්‍ය සිසුන් විසින් තුන්වන වසරේ වෛද්‍ය සිසුන්ට දුන් උපදෙස් වලට උරනවූ අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයා සමඟ සමීප සම්බන්ධතා පවත්වන එක් වෛද්‍ය සිසුවෙක් විසින් එම මැර බලය උපයෝගි කර ගනිමින් තමන්ගේ ගෙදරවන් තමන්ගෙම සහෝදර වෛද්‍ය සිසුන්ට පහරදීම සඳහා මැර කණ්ඩායමක් ඊයේ දින රාගම වෛද්‍ය පීඨයට එවා ඇත

එහිදී සමස්ත සිසුන් විසින් එම මැර කණ්ඩායමේ එක් මැරයෙක් අල්ලාගෙන ඇති අතර වාහනයක් ද දමා පැන ගොස් ඇත

එම මැරයා රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යටතේ සේවය කරන අයෙකු බවට මේ වන විට කරුණු ස්ථිරව සහතික වී ඇත

මීට පෙර රාජ්‍ය වෛද්‍ය පීඨ වල මෙවැනි සිදුවීම් සිදුවී නොමැති අතර තමන්ගේම සහෝදර සිසුන්ට පහරදීමට දේශපාලන බලය යොදා ගැනීම ඉතා තක්කඩි බියසුළු ශිෂ්ට සමාජය විසින් නොඉවසන කරුණක් බව දෙමාපිය සංගමය මතය වේ

මෙහිදී එක් සිසුවෙකුගේ හෝ ජීවිතයට අනතුරක් වූයේ නම් වගකිව යුත්තේ කවුරුන් ද

මෙය ඉතා භයානක පූර්වාදර්ශයක් වන අතර මෙවැනි සිදුවීම් අනාගතයේදී සිදු නොවීමට වග බලා ගත යුතු වේ.

එසේම මේ සිද්ධියට සම්බන්ධව වෛද්‍ය පීඨය තුළට මැරයන් රැගෙන ආ වෛද්‍ය සිසුවා මානසික වෛද්‍යවරයකු වෙත යොමු කළ යුතු බවත් ඔහු තවදුරටත් වෛද්‍ය පීඨය තුළ සිටීමෙන් අනිකුත් ශිෂ්‍යයන්ට අනාගතයේ දී නැවතත් මෙවැනි කරදර වලට මුහුණපෑමට සිදුවනු ඇති බවත් වෛද්‍යවරයෙකු වීමට පුහුණුව ලබන මෙම වෛද්‍ය සිසුවා අනාගතයේදී වෛද්‍යවරුන්ට පමණක් නොව රෝගීන්ටද මෙවැනි ම ආකාරයකින් කටයුතු කරනු ලැබුවහොත් එය සමස්ථ වෛද්‍ය ප්‍රජාවටම මහත් අවමානයක් බව වෛද්‍ය පීඨ දෙමාපිය සංගමයේ මතය වේ.

මීට පෙර ද අදාළ සිසුවා සිසුන් සමඟ ගැටුම් ඇති කරගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් ජේෂ්ඨ සිසුන් ද අධ්‍යයන කාර්ය මණ්ඩලය දැනුවත් කර ඇති බව පැහැදිලි වේ.

කරුණු එසේ හෙයින් ගැටුම්වලින් තොරව සිසුන්ට නිදහසේ අධ්‍යාපනය ලැබීමට එම ශිෂ්‍යයා බාධාවක් වී ඇති බව දැන් ලැබී ඇති සාක්ෂි වලින් තහවුරු වේ.

තමන්ගේ ගෙදර වැඩිහිටි සොහොයුරෙකු විසින් දුන් අවවාද උපදෙස් වලට උරණවූ බාල සොහොයුරකු තමන්ගේම ගෙදරට පිටතින් දේශපාලන මැර කණ්ඩායම් ගෙන්වා ගෙදර තමන්ගේම සහෝදර සාමාජිකයන්ට පහර දීම වැනි ඉතා බියගුළු ක්‍රියාවකි.

කරුණු එසේ හෙයින් මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සහ වෛද්‍ය පීඨ අධ්‍යයන කාර්ය මණ්ඩලය මේ සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කොට සමස්ත සිසුන්ට සාධාරණයක් ඉටු කළ යුතු බව අපගේ හැඟීමයි.

එසේම වෛද්‍ය පීඨ තුළ ගැටුමක් ඇතිකර වෛද්‍ය පීඨයට පමණක් නොව සමස්ථ වෛද්‍ය ප්‍රජාවට අපකීර්තියක් ගෙන දුන් අදාල ශිෂ්‍යයා සම්බන්ධයෙන් නීති මගින් කටයුතු කරන ලෙස වෛද්‍ය පීඨ දෙමව්පිය සංගමය අදාළ බලධාරීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

එසේම වෛද්‍යපීඨය තුළට ගැටුමක් ඇති කර ශිෂ්‍යයන්ට පහර දීමට ආ මැරයන්ට ද අපරාධ නීතිය යටතේ දඬුවම් කළ යුතු අතර ඔවුන් මෙහෙයවූ අදාළ රාජ්‍ය ඇමතිවරයාට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇත.

වසන්ත අල්විස්
මාධ්‍ය ප්‍රකාශක රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය
0716898874

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය පද්ධතිය අවුල්‌ කරන්න වෘත්තිය සමිතියක උත්සහයක්

Next Post

වෛද්‍ය පීඨ ප්‍රහාරයේ මැරයන් 06ක් පොලිස් අත්අඩංගුවට..

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.