ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිසංස්කරණවලින් පෙනෙන්නේ ප්‍රතික්ෂේප වූ දේශපාලනඥයන් ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරුවලට පත්කිරීමක් බව පොදුජන පෙරමුණේ මන්ත්‍රී ඩසල් අලප්පෙරුම සඳහන් කළේය.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා කියා සිටියේ පොරොන්දු වූ පරිදි සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවට ජනාධිපතිවරයා මෙවැනි ප්‍රතිසංස්කරණ සිදුකරන බවයි
“තමන්ට ඡන්දය දුන් මන්ත්‍රීවරුන් සනසාලීමත්, ප්‍රතික්ෂේප වූ පක්ෂයේ හිතවතුන්ට ත්‍යාග පිරිනැමීමත් පැරණි ජඩ ක්රමයේම අඛණ්ඩ පැවැත්මක්” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය. එම ට්විටර් පණිවිඩය පහත දැක්වේ.
President's @RW_UNP reforms so far seem to be appointing rejected politicians to snr. advisor positions, instead of forming a consensual government as promised. Consoling MPs who voted for him & rewarding his rejected party allies,are a continuation of the same old sordid method
— Dullas Alahapperuma (@DullasOfficial) August 1, 2022
ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පැවැති ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහට එරෙහිව ඩලස් අලහප්පෙරුම තරග කළේය.