සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් බටලන්ද කොමිෂන් වාර්තාව ප්‍රතික්ෂේප කරයි… විශේෂ ප්‍රකාශය මෙන්න…

by editor
මාර්තු 16, 2025
in පුවත්
Ranil
Share on FacebookShare on Twitter
  • 2000 දී සැසි වාර්තාවක් ලෙස තිබූ බටලන්ද කොමිෂන් සභා වාර්තාව ගැන විවාදයක් එවකට පාර්ලිමේන්තුවේ සිටි ජවිපෙ හෝ ඉල්ලුවෙ නෑ…

  • පාර්ලිමේන්තු සැසි වාර්තාවක් අවුරුදු 25කට පස්සේ විවාදයට ගැනීම ලෝකයේ මොනම පාර්ලිමේන්තු සම්ප්‍රදායකවත් නෑ…. රනිල් කියයි…

බටලන්ද කොමිෂන් වාර්තාව මුලුමනින්ම ප්‍රතික්ෂේප කරන බවත් එය හංගාගෙන සිටි බව කිසිවෙකුටත් චෝදනා කළ නොහැකි බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ඔහු මේ බව අද (16) ප්‍රකාශ කළේ බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ සිය ප්‍රකාශය නිකුත් කරමිනි

ඔහු පවසන්නේ වර්ෂ 2000 දී පාර්ලිමේන්තු සැසි වාර්තාවක් හැටියට බටලන්ද වාර්තාව තිබුණු නමුත් එවකට පාර්ලිමේන්තුවේ සිටි ජනතා විමුක්ති පෙරමුණ බවා ඒ සම්බන්ධයෙන් විවාද කිරීමට ඉල්ලීම් නොකළ බව ද බොහෝ දෙනෙක් වාර්තාව පිළි නොගත් බවද පෙන්වා දෙන හිටපු ජනාධිපතිවරයා මෙතෙක් බලයට පත් වු කිසිදු දේශපාලන පක්ෂයක් මේ වාර්තාව හරහා පටු දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු නොකළ බව අවධාරණය කළේය.

එමෙන්ම අවුරුදු 25කට පසු පාර්ලිමේන්තු සැසි වාර්තාවක් පාර්ලිමේන්තුවේ විවාද කිරීමේ කිසිම සම්ප්‍රදායක් මේ රටේ හෝ ලොකයේ කිසිම රටක නැති බව කී රනිල් වික්‍රමසිංහ බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ තුන්වන පරිච්ඡේදයේ 88-89 වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින් වැපිරූ ධරුණු භීෂණය සම්බන්ධව පූර්ණ විස්තරයක් ඇති බව ද ප්‍රකාශ කළේය.

ඔහු පෙන්වා දුන්නේ ඔහු සිදුකළේ කඩා වැටුනු ජන ජීවිත , ආර්ථිකය ගොඩ නගමින් රටේ සාමය සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බලයේ සිටි ආණ්ඩුව විසින් පැවරූ වගකීම පමණක් බවය.

හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පහත දැක්වේ.

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

1987 වසරේ දී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණ රට පුරා භීෂණයක් ඇති කිරීමට ක්‍රියා කරනු ලැබුවා.

ඒ අවස්ථාවේදී රටේ මර්මස්ථාන ආරක්ෂා කිරීමේ බලය ජේ. ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා විසින් කැබිනට් අමාත්‍යවරුන්ට පැවරුවා.

බියගම ප්‍රදේශයේ තෙල් පිරිපහදුව, ඩීසල් විදුලි බලාගාරය, මහවැලියේ සිට කොළඹට විදුලිය ලබා දෙන මධ්‍යස්ථානය , වෙළෙඳ කලාපය ලෙස ආර්ථික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක් තිබුණා. ඒ ප්‍රදේශය ආරක්ෂා කිරීම සඳහා හමුදා කැඳවනු ලැබුවා.

ආරක්ෂක අංශ වලට රැඳී සිටීම සඳහා ලංකා පොහොර නිපදවීමේ සංස්ථාවට අයත් ඒ වන විට අතහැර දමා තිබූ ගොඩනැගිලි සහ නිවාස කිහිපයක් ලබාදීමට තීරණය කෙරිණා. ඒ වන විටත් ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකු එහි නිවාස කිහිපයක පදිංචිව සිටියා.

මේ භීෂණ කාලය තුළදී සපුගස්කන්ද පොලිස් ස්ථානයට පහරදී ස්ථානාධිපතිවරයා මරා දමනු ලැබුවා. ඒ අවස්ථාවේදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය රංජන් විජේරත්න මහතා මට කතා කර යුද හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා නිවාස සංකීර්ණයේ හිස්ව පවතින නිවාස ඔවුනට ලබාදෙන ලෙස ඉල්ලා සිටියා. ඒ අනුව එවකට සිටි ඈවරකරු මගින් අදාළ නිවාස කැලණිය පොලිස් අධිකාරී නලින් දෙල්ගොඩ මහතා වෙත පැවරීමටත් පියවර ගත්තා.

පළාත් සභා මන්ත්‍රීවරයකු, සමූපාකාර සමිති සභාපතිවරයකු, පොලිස් සාජන්වරයකු, ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙකුම ඝාතනය කිරීම මේ අතර වාරයේදී සිදු වූවා. ඒ සමගම තවත් පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසකට ද පහර දීමක් කෙරුණා.

කඩා වැටුනු ජන ජීවිත , ආර්ථිකය ගොඩ නගමින් රටේ සාමය සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බලයේ සිටි ආණ්ඩුව විසින් කටයුතු කළා.

1994 න් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය බටලන්ද ප්‍රදේශයේ වධකාකාරයක් තිබුණේදැයි සෙවීමට කොමිසමක් දැම්මා. ඊට නොයෙකුත් පුද්ගලයින් කැඳෙව්වා. මා ඊට කැඳෙව්වේ සාක්කිකරුවකු ලෙස පමණයි.

ඒ වන විට මා රටේ විපක්ෂ නායක ලෙස කටයුතු කළා. බටලන්ද කොමිසම පත් කළේ සම්පූර්ණ දේශපාලන මඩ ගැසීම අරමුණු කරගෙනයි. නමුත් ඒ උත්සාහය සාර්ථක වුණේ නැහැ. වාර්තාවේ තීරණ වල මා සම්බන්ධයෙන් සඳහන් කර තිබෙන්නේ ඇමති හැටියට පොලිස් අධිකාරීවරයා මගින් පොලිස් නිලධාරීන්ට නිවාස දීම නිවැරදි නොවන බවයි. එහි නියම ක්‍රමවේදය විය යුත්තේ පොලිස්පතිවරයාට නිවාස බාර දී ඒ හරහා අදාල නිලධාරීන්ට පැවරීමයි.

මේ ක්‍රියාකාරකම නිසා මමත් නලින් දෙල්ගොඩ මහතාත් වක්‍රාකාරයෙන් වගකිව යුතු බව කොමිෂන් වාර්තාවේ සඳහන් වෙනවා. කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වෙනත් කිසිදු කරුණක් මට අදාළ වන්නේ නැහැ.

ජනතා විමුක්ති පෙරමුණ 1988-90 කාලයේ කළ ත්‍රස්ත්‍රවාදී ක්‍රියා රාශියක් ගැන කොමිෂන් වාර්තාවේ තීරණ සමාප්ති නිරීක්ෂණ සමාප්ති නිරීක්ෂණ වල දැක්වෙනවා. එහි පසුබිමත් කියැවෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කළ දරුණු ත්‍රස්ත ක්‍රියා ගැන කොමිෂන් වාර්තාවේ තුන්වැනි පරිච්ඡේදයේ දීර්ඝ වශයෙන් කරුණු සඳහන් වනවා. මුළු ඉතිහාසයම එහි ඇතුලත් කර තිබෙනවා.

ඉහත කරුණු ඇරෙන්න අනෙක් කිසිම චෝදනාවක් මට අදාල වන්නේ නැහැ. ඒ වාර්තාව මා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.

බටලන්ද කොමිෂන් වාර්තාව හංගාගෙන සිටියා කියා කිසිවෙකුටත් චෝදනා කළ නොහැකියි.වර්ෂ 2000 දී පාර්ලිමේන්තු සැසි වාර්තාවක් හැටියට එය තිබුණා. නමුත් කිසිවකුත් ඒ සම්බන්ධයෙන් විවාද කිරීමට ඉල්ලීම් කළේ නැහැ. අඩුම තරමින් ජනතා විමුක්ති පෙරමුණවත් එවැනි ඉල්ලීමක් කළේ නැහැ. බොහෝ දෙනෙක් වාර්තාව පිළිගත්තේ නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට පියවර නොගත් බව අපට විශ්වාස කළ හැකියි.

මෙතෙක් බලයට පත් වු කිසිදු දේශපාලන පක්ෂයක් මේ වාර්තාව හරහා පටු දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු නොකළ බවද කිව යුතුයි.

ඒ වගේම පාර්ලිමේන්තු සැසි වාර්තාව අවුරුදු විසි පහකින් පසුව පාර්ලිමේන්තුවේ විවාද කිරීමේ කිසිම සම්ප්‍රදායක් මේ රටේවත් අනෙක් පාර්ලිමේන්තු වලවත් නැහැ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

“බටලන්ද විවාදයට” දින නියම වෙයි!

Next Post

ඉදිරියේ දී රෝගීන් ප්‍රාණ ඇපයට ගෙන සෞඛ්‍ය සේවා අඩපණ කෙරුවොත් සිදුවන දේ සෞඛ්‍ය ඇමති වෘත්තිකයින්ට දන්වයි!

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.