බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අප්‍රේල් 10 වනදා ආරම්භ වන බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය පවසයි.
එහි වැඩබලන අධ්‍යක්ෂ ජයලත් පෙරේරා මහතා පැවසුවේ අදියර දෙකක් යටතේ විවාදය පැවැත්වෙන බවය.
අප්‍රේල් 10 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.
පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය පවසයි.
අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටුවීම සහ පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” පිළිබඳ විවාදය පැවැත්වීමටත්, දෙදින විවාදයක් ලෙස මේ සඳහා මැයි මාසයේ තවත් දිනයක් යොදා ගැනීමටත් මෙහිදී තීරණය වී තිබේ.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව පසුගිය 14 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ( දෙරණ)







