බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් එක්ක දීගය අවසානයි… ඔහුගේ දේශපාලන වේදිකාවට නගින සියලු දෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව පොහොට්ටුව නිවේදනය කරයි!

by editor
ජූලි 29, 2024
in පුවත්
Ranil-Basil
Share on FacebookShare on Twitter

මින් ඉදිරියට දේශපාලන කටයුතුවල දී ජනාධිපතිවරයාට කිසිම සහයක් ලබා නොදෙන අතර ඔහුගේ දේශපාලන රැස්වීම්වලට එක්වන සියලුම පොහොට්ටු මන්ත්‍රීවරුන් සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගෙන පක්ෂයෙන් නෙරපන බව පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් අද ( 29 ) නිවේදනය කළේය.

එමෙන්ම පොහොට්ටුවේ අනුමාතියක් නොගෙන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්වන සියලු දෙනාටම එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට අද දේශපාලන මණ්ඩලයේ දී අති මහත් බහුතරයකින් අනුමත වූ බව ද මහලේකම්වරයා කීවේය.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට එම පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණය කිරීමත් සමග මෙම තීන්දුව ගෙන ඇත.

අද පැවති එම පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගත් බවත් දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් 82 දෙදෙනාගෙන් 79 ක් රැස්වීමට එක්ව සිටි අතර ඉන් 11 දෙනෙක් හැර අනෙක් සියලුම සාමාජිකයින් පොහොට්ටුව ලකුණ යටතේ පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමේ යෝජනාව සම්මත කළ බවත් වාර්තා වේ.

දේශපාලන මණ්ඩල රැස්වීම නිමා වී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පැවසුවේ මෙවැන්නකි.

RelatedPosts

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

“අද පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය රැස් වුනා පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ තීන්දුවක් ගැනීමට. එහිදී යෝජනාවක් ඉදිරිපත් කළා පක්ෂය වෙනුවෙන් පක්ෂයේම සාමාජිකයෙක් ඉදිරිපත් කළ යුතුය කියන කාරණය සම්බන්ධයෙන්. එහිදී කීප දෙනෙක් ඊට විරුද්ධව අදහස් දැක්වූවා. අති බහුතරයක් ඊට පක්ෂව අදහස් දැක්වූවා.

ඒ අනුව මත විමසුමක් කළා. ඒ අනුව ඉතා වැඩි බහුතරයෙන් සම්මත වුනා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයෙක් ඉදිරිපත් විය යුතු බවට.

ඊට අමතරව මේ තීන්දුවට විරුද්ධව ක්‍රියා කරන යම් අයෙක් වේ නම් ඔවුන්ට එරෙහිව විනය පියවර ගැනීමටත් ඒ වගේම පක්ෂයේ කිසි යම් කෙනෙක් පක්ෂයේ අනුමැතියකින් තොරව ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් ඒ අයටත් විරුද්ධව වහාම විනය ක්‍රියාමාර්ග ගත යුත බවටත්, යෝජනා සම්මතයක් සිදුකර ගත්තා.

ඉදිරි දින කීපය තුළ දැනට සලකා බලමින් සිටින අපේක්ෂකයින් අතරින් සුදුසුම අපේක්ෂකයා ජනාධිපතිවරණයට සුදුසම ජයගත හැකි අපේක්ෂකයා ඉදිරිපත් කරනවා.

දැන් අප පක්ෂය විසින් ඉදිරිපත් කරන්න තීන්දු කළා අපේක්ෂකයෙක්. ඒ නිසා වර්තමාන ජනාධිපතිවරයාට කිසිම සහයෝගයක් ලබා දෙන්න පුලුවන් කමක් නෑ. ඒ තත්ත්වය තුළ මින් ඉදිරියට අපේ පක්ෂයේ කවුරුන් හෝ වෙනත් මැතිවරණ වේදිකාවක හිටියොත් ඔවුන් සම්බන්ධව විනය පියවර ගන්නවා.

සාගර කාරියවසම් කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වී වලට සහතික මිලක් නොදී මැතිවරණවලට ඡන්ද හිඟා කන්න ගම්වල හතරමායිමට එන්න එපා යැයි මහවැලි ගොවීහු රජයට දන්වති!

Next Post

ව්‍යවස්ථාව උල්ලංඝණය නොකර වැඩ බලන පොලිස්පතිවරයෙක් පත්  කරන්න… ඉල්ලා අස්වූ අධිකරණ ඇමති ජනාධිපතිට කියයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.