සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වී වලට සහතික මිලක් නොදී මැතිවරණවලට ඡන්ද හිඟා කන්න ගම්වල හතරමායිමට එන්න එපා යැයි මහවැලි ගොවීහු රජයට දන්වති!

by editor
ජූලි 29, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

වී කිලෝවක් නිෂ්පාදන‍ය කිරිමට යන වියදම සැලකිල්ලට ගනිමින් මෙවර යල කන්නයේ වී කිලෝවක් සඳහා සාධාරණ සහතික මිලක් ඉදිරි දින තුන තුළ නොදුනහොත් දැවැන්ත ගොවි උද්ඝෝෂණයක් ආරම්භ කර රජයේ කිසිම දේශපාලන නියෝජිතයෙකුට සිය ගම්මාන හතර මායිමට එන්නට ඉඩ නොදෙන විරෝධතාවයක් ගොඩනගන බව මහවැලි බි කලාපයේ සෙවණපිටිය ගොවිසංවිධාන 21ක නියෝජිත පිරිසක් අද (29) පෙරවරුවේ සෙවනපිටිය වෙල් යායේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළහ.

මේ වනවිට යල කන්නයේ වී අස්වනු නෙළෙමින් පවතින අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පෞද්ගලික වී මෝල් හිමියන් තමන්ගේ වීෙඅ ස්වනු තුට්ටු දෙකට ලබා ගනිමින් සිටින බවත් කිසිදු ස්ථානයක රජය මගින් වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන බවත් ගොවීහු කියති.

වහාම රජය මැදිහත් වි ගොවියාගේ වී අස්වනු සහතික මිලකට හෝ සාධාරණ මිලකට ලබා ගැනීමෙ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසද මෙහිදී සංවිධාන නියෝජිතයින් රජයෙන් ඉල්ලීමක් කළහ. ඔවුන් ඉල්ලා සිටින්නේ වී කිලෝවක් සදහා රුපියල් 150ක සහතික මිලකි.
පොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල් හිමියන් මේ වන විට කීරි සම්භා මිලදී ගැනීමෙන් වැලකී සිටින අතර, නාඩු හා සම්බා වි කිලෝ වක මිල රුපියල් 100 දක්වා පහළ දමා ඇති බැවින් තම වි නිෂ්පාදන සාධාරණ මිලකට ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසද ගොවි සංවිධාන නියෝජිතයෝ මෙහිදී සඳහන් කළහ.

දින තුනක් ඇතුළත රජය වී කිලෝවක සහතික මිල රුපියල් 150 ක් බවට පත් නොකළහොත් මහවැලි බි කලාපයේ සියලු ගොවි සංවිධාන එක්ව සෙවණපිටිය නගර මධ්‍යයේ දැවැන්ත අරගලයක් ක්‍රියාත්මක කරන බව සෙවනපිටිය කොට්ඨාස ගොවි සංවිධාන සභාපති අසංක සංජීව මෙහිදී සඳහන් කළේය.

මෙවර යල කන්නයේ වි නිෂ්පාදනය සඳහා ප්‍රමිතියෙන් තොර වල් නාශක සහ කෘමි නාශක, මෙන්ම පොහොර ලබා දී තිබෙන බවත්. ඒ තත්ත්වය අනුව අක්කර දෙකහමාරකින් තමන් අපේක්ෂා කළ වී අසන ලබා ගැනීමට නොහැකි වී ඇති බවත්, එවැනි තත්ත්වයන් මත තවත් අමතර වියදම් දරමින් කෘමි නාශක, හා වල්නාශක අවස්ථා කිහිපයකදී යෙදීමට සිදු වු බවද ගොවි සංවිධාන නියෝජිතවරු මෙහිදී අවධාරණය කළහ.

සාමාන්‍යයෙන් අක්කර දෙකහමාරකින් වී කිලෝ 5000ක් පමණ ලැබෙන බවත්, එම වී කිලෝ 5000 රුපියල් 100 බැගින් අලෙවි කිරීමට සිදුවුවහොත් සම්පූර්ණ කුඹුරකින් ලබාගැනීමට හැකිවන්නේ රුපියල් ලක්‍ෂ 5 පමණ මුදලක් බව ද ගොවීන් සඳහන් කළහ.
මෙවර යල කන්නයේ අක්කර දෙකහමාරක කුඹුරක අස්වනු නෙළීම සඳහා සූත්‍ර වලට පමණක් රුපියල් 45,000ක් 50,000 මුදලක් ගෙවීමට සිදුවන බවත්, මෙම තත්ත්වයන් තුළ තුන්සිය හැටපස් දවසම පොලොව හා ගැටෙමින් කරන ගොවිතැන සඳහා අනෙකුත් පිරිවැයත් එක් වූ විට ගොවියෙකුට ජීවත් වන්නට ඉතිරිවන්නේ කොපමණ සොච්චමක් දැයි ඔවුහු ප්‍රශ්න කරති.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

මෙවර යල කන්නයේ වී කිලෝවක් සඳහා සහතික මිල නියම නොකළහොත් ඉදිරියේ පැවත්වන ජනාධිපතිවරණයේදී ගමට කිසිදු දේශපාල නියෝජිතයකුට පැමිණීමට ඉඩ නොදෙන බවත්, ඊට පෙර වී කිලෝවකට රුපියල් 150 ක මිලක් නියම කරන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් මෙන්ම කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ද ඉල්ලා සිටන බවද ගොවි නියෝජිතවරු කීහ.

මෙවර මහවැලි බි කලාපයේ ගොවි පවුල් 25,000 ක පිරිසක් කුඹුරු 65,000 කට වැඩි ප්‍රමාණයක් වී වගා කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අත් අඩංගුවට පෙර  තොණ්ඩමන් මෝසමක් හරහා උසාවියේ පෙනී සිටී…

Next Post

රනිල් එක්ක දීගය අවසානයි… ඔහුගේ දේශපාලන වේදිකාවට නගින සියලු දෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව පොහොට්ටුව නිවේදනය කරයි!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.