සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රන්වලගේ රියදුරු බලපත්‍රය අධිකරණයෙන් තාවකාලිකව අත්හිටුවයි…

by editor
දෙසැම්බර් 19, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • බීමත්කම පරීක්ෂා කිරීමට රෝහල්ගත වීමෙන් පසු ලබා ගත් රුධිර සහ මුත්‍රා සාම්පල රස පරීක්ෂකට යොමු කළ නමුත් තවම වාර්තා නොලැබුන බව පොලිසිය අධිකරණයට කියයි….

ආන්දෝලනාත්මක රිය අනතුරක් සිදුකළ ගම්පහ දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතා නායක අශෝක රන්වලගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට මහර මෙහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ අද ( 19) නියෝග කළේය.

එමෙන්ම චූදිත මන්ත්‍රීවරයා ජාතික ප්‍රවාහන අධිකාරියට යොමු කර ඔහුට රිය පැදවීම සඳහා යෝග්‍යතාවයක් තිබේ දැයි නැවත පරීක්ෂා කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවේය.

පසුගිය 11 වැනිදා සපුගස්කන්ද දෙහිමුල්ල හන්දියේ දි සිදුවුන මෙම රිය අනතුරින් කුඩා බිළිදෙකු ඇතුළු තිදෙනෙකුට තුවාල සිදුවුන අතර රන්වලට එරෙහි නීතිය ක්‍රියාත්මක කිරීමේ වෙනසක් සම්බන්ධව සමාජ විරෝධයක් නිර්මාණය වූයේය.

කෙසේ වෙතත් චූදිත මන්ත්‍රීවරයා අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් වූයේත් නැත. ඔහු වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් වූ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ සිය සේවා දායකයා මේ වනවිටත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බැවැන් අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි බවය.

රන්වලගේ නීතිඥයා අධිකරණයට කීවේ රිය අනතුර නිසා පාදයකට හානි වී ඇති කාන්තාවට රුපියල් පනස් දහසක් ද , තුවාල ලද බිළිඳාට රුපියල් විසි පන් දහසක් ද,  ඔහුගේ මවට රුපියල් විසිපන් දහසක් ද වශයෙන් මුදල් වන්දි මුල් අවස්ථාවේ දී ලබා දුන් බවය.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

එහිදී විනිසුරුවරයා පැවසුවේ රිය අනතුර සම්බන්ධ වූ නඩු කටයුත්ත තවමත් තම අධිකරණය හමුවේ විභාග වන බැවින් වන්දි මුදල් සම්බන්ධ නියෝග දීමට අධිකරණය මැදිහත් නොවන නමුත් සහන මුදලක් ලබා ගැනීමට පැමිණිලිකාර පාර්ශවය එකඟ වන්නේ නම් එයට මැදිහත්වීමක් සිදුනොකරන බවය.

තමන් එම මුදල ලබා ගැනීමට සූදානම් නොමැති බව පාදයට දැඩි ලෙස හානි වී ඇති කාන්තාවගේ සැමියා එම අවස්ථාවේ දී අධිකරණයට දැන්වූයේය.

සැකකරු අනතුර සිදුවන අවස්ථාවේ දී බීමත්ව සිටියේ දැයි අනාවරණය කර ගැනීම සඳහා රෝහල්ගතව සිටිය දී ලබා ගත් ලේ හා මුත්‍රා සාම්පල රජයේ රස පරීක්ෂවකරයා වෙත යවා ඇතත් මේ දක්වා ඒ් පිළිබඳව වාර්තාව ලැබී නැති බව මේ අවස්ථාවේ දී පොලිසිය අධිකරණයට දන්වනු ලැබුවේය.

කරුණු ඉදිරිපත් වන ආකාරය විමසමින් මහේස්ත්‍රාත්වරයා සැකකාර මන්ත්‍රීවරයා තවමත් රෝහල්ගතව සිටීම පිළිබඳ විමසුවේය. මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කර සිටියේ රිය අනතුරින් තුවාල ලැබුවේ පැමිණිලිකාර පාර්ශවය ද නැතහොත් විත්තිකරුදැයි පොලිසියෙන් විමසා සිටියේය. පොලිසිය කීවේ අනතුරින් තුවාල ලැබූ පැමිණිලිකාර පාර්ශවයේ තිදෙනෙක් රෝහල්ගත කර ඇති බවය. එසේ නම් අනතුරින් තුවාල නොලැබූ විත්තිකරු තවමත් රෝහල්ගතව සිටින්නේ ඇයිදැයි මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් විමසුවේය.

ඒ් අවස්ථාවේ දී ඉදිරිපත් වූ රන්වලගේ නීතිඥයා අධිකරණයට කීවේ සිය සේවාදායකයා අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවය.

නඩුව යළි ජනවාරි මස 16 වැනිදාට කැඳවීමට අධිකරණය දින නියම කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව ඡන්ද විමසීමකින් තොරව සම්මත වෙයි…

Next Post

පෑලියගොඩ නගර සභාවේ අයවැයත් මාලිමාව පරදී…

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.