අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට යළිත් මාසයකට අමුත්තන් දෙදෙනකුට ඔහු බැලීමට සහ සතියකට විනාඩි තුනක දුරකථන ඇමතුමක් ලබා ගැනීමට අවස්ථාව හිමිවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය සති දෙක තුළ මන්ත්‍රීවරයාට අමුත්තන් සහ දුරකථන ඇමතුම් ලබා ගැනීමේ අවස්ථාව අත්හිටුවා තිබුණේ ගම්පහ දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා ඔහු සමඟ ජංගම දුරකථනයෙන් සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටීමේ වරද පිළිගැනීමෙන් අනතුරුවය.
සෑම මාසයකම තමන් බැලීමට පැමිණිය යුත්තේ කවර අමුත්තන්ද යන්න තීරණය කිරීමේ අයිතිය රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට පැවරෙන අතර අන්තර්ජාල මාර්ගයෙන්ම අමුත්තන් දින වෙන් කර ගැනීමේ පහසුකම පවතින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර අධිකාරී චන්දන ඒකනායක පවසයි.