හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම ජනප්‍රිය නළු රංජන් රාමනායක මහ මැතිවරණයට ඉදිරිපත්වීමට එරෙහිව ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කරන ස්වාධීන කණ්ඩායමක මන්ත්‍රීවරයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
ඔහුගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලමින් පෙත්සම් කරු ඉල්ලා සිටින්නේ රන්ජන් රාමනායකට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට හිමිකමක් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙසය.
මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී ඇති කේ.එම්. මහින්ද සේනානායක විසිනි.
එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම හා එහි සාමාජිකයින්, රන්ජන් රාමනායක, ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ඇතුළු පිරිසක් නම් කර ඇත.
රන්ජන් රාමනායක සමගි ජන බලවේගයෙන් තරග වැද පසුගිය මහ මැතිවරණයෙන් විශාල මනාප ප්‍රමාණයක් සහිතව පාර්ලමේන්තුවට තේරී පත් වී දූෂණ විරෝධය වෙනුවෙන් විශාල හඬක් නගමින් සිටිය දී අධිකරණයට අපහාස කිරීමේ වරදට අවුරුදු 04ක් බරපතල වැඩ සහිතව බන්ධනාගාරගත කරනු ලැබුවේය.
පසුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කොන්දේසි සහිතව ඔහුට සමාව ලබා දීමට කුටයුතු කරනු ලැබුවේය.







