බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රතු වරෙන්තු තිබියදීත් යළි යළිත් කුඩු සමග හසුවී  නිදහස්වන කිඹුලා ඇලේ ගුණා…

ඉන්දියාවේත් ලංකාවේත් දේශපාලනය මෙහෙයවන මේ පාතාල අපරාධකරු මෙවරවත් ලංකාවට භාර දෙයි ද?

by editor
පෙබරවාරි 2, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • ඉන්දියාවේ සිටත් රටේ දේශපාලනයට බලපෑම් කළා… ඔහු උදව් කළ කොළඹ දේශපාලකයෙක් අද ප්‍රභල ඇමතියෙක්…

  • ඉන්දියාවේ ජීවත් වුනෙත් දේශපාලන බලය සහිත ප්‍රභූවරයෙක් විදිහට… තූත්තුකුඩියෙ පා පන්දු කණ්ඩායමකුත් ගුණා විසින් නඩත්තු කළා…

  • රට පනින්න කලින් ගුණාගෙ රාජධානිය පොලිසීයට තහනම්… මෝදර පොලිසියෙ ඕ.අයි.සී පත් කළෙත් ගුණා…

  • චන්ද්‍රිකා ජනාධිපතිනිය ඝාතන කුමන්ත්‍රණය සිටි පාතාල අපරාධකරු ගුණා…

අපේ රටේ මත්කුඩු ජාවාරමේ ආරම්භක පුරුක් අතර ඉහළින්ම සිටින්නේ කිඹුලා ඇලේ ගුණාය.

දශකයකට ආසන්න කාලයක් තිස්සේ ගුණා සිටියේ ඉන්දියාවේය. ඒ කොලිවුඩ් චිත්‍රපටවල දකින ඉන්දියාවේ මුඩුක්කු පරිසරයකය.  ඔහු ජීවත්වූ ප්‍රෙද්ශයේ ඔහු ප්‍රභූ චරිතයකි. තමිල්නාඩුවේ තූත්තුතුඩියේ මුල් කාලයේ ජීවත් වූ ඔහු පාපන්දු කණ්ඩායමක්ද නඩත්තු කළේය. මත්කුඩු  ජාවාරම් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම ඉන්දියානු පොලිස් අත්අඩංගුවටද ඔහු පත්ව ඇතත් එරට ඔහුට ඇති දේශපාලන හයි හත්තිය නිසාම වැඩි කාලයක් බන්ධනාගාරගතව සිටියේ නැත.

ඉන්දියාවේ පමණක් නොව, මෙරටද ඔහුට ඇති දේශපාලන සම්බන්ධකම් බොහෝය. ඉකුත් මහා මැතිවරණයේදී පවා ඔහු ඉන්දියාවේ සිටියත් කොළඹ අපේක්ෂකයෙකුගේ ජයග්‍රහණයට සිය ගෝලබාලයින් මෙහෙයවා තිබුණේ කෝටි ගණනින් මුදල් විසිකරමිනි. අද ඔහු ප්‍රබල ඇමතිවරයෙකි.

රටන් පලා යෑම

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

කිඹුලා ඇලේ ගුණා රටින් පළායන්නේ මහින්ද ආණ්ඩුව පැවැති සමයේ පාතාල අපරාධකරුවන් සුදු වෑන් රථවලින් පැහැර ගැනීමට ලක්වීමත් සමගිනි. බෝට්ටුවක නැගී ඔහු ඉන්දියාවට යන්නේ   සිය සහෝදරයා වූ සුරේෂ් ද කැටිවය. ඒ වන විටත් ඔහුට එරෙහිව බස්නාහාර පළාත් සභාවේ එවකට පොදු පෙරමුණේ සිටි ඇමතිවරයෙක් වූ සුනිල් මෙන්ඩිස් ඝාතනයේ චෝදනාවක්  තිබුණේය.

ඔහු ඉන්දියාවට පනින්නට ආසන්නතම හේතුව වන්නේ ඔහුගේ ගෝලබාලයින් සිව් දෙනෙක් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී පැහැර ගැනීමකට ලක්ව දොම්පේ පැත්තේ සුසාන භුමියක වෙඩි තබා ඝාතනය කිරීමය.  කිඹුලා ඇල ගුණා ඉන්දියාවට පලා ගියේය.

පොලිසියට එල්ල කළ ප්‍රහාර

ඔහු ඉන්දියාවට පලා ගිය පසුව ඔහුගේ මස්සිනා යැයි කියනු ලබන පුද්ගලයෙක් ඇතුළු කිහිප දෙනෙක් වෙන්නප්පුව පැත්තේ වගුරුබිමක ඝාතනය වූයේය.  එම ඝාතනයෙන් පසු ගුණා පොලීසියට ඉන්දියාවේ සිට අභියෝග කරන්නේ  පොලිස් පරීක්ෂකවරයෙක් වූ ඩග්ලස් නිමල් සහ ඔහුගේ බිරියව අතුරුගිරියේදී කුළී ඝාතකයින් යොදා වෙඩි තබා මරා දැමීමෙනි.

කිඹුලා ඇලේ ගුණා වත්මන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පොලිස් අධීකාරීවරයෙක්ව සිටියදී ඝාතනය කිරීමටද මාන බැලුවේය. ගුණාගේ එල්.ටී.ටී.ටී.ඊ සම්බන්ධකම් සොයා ගනිමින් එල්.ටී.ටී.ඊ.යෙන් ඔහුට ලැබී තිබුණු ස්නයිෆර් වර්ගයේ ගිනි අවි සොයා කෙරුණු මෙහයුමක් අඩපණ කිරීමට එම පොලිස් නිලධාරියාව ඝාතනය කිරීමට මාන බලා තිබුණේය. ඒ ඔහුගේ සමීපතම ගෝලයෙක් වන කොටගාමිණී යොදාගෙනය.

කොටගාමිණීත් මුල් කාලයේම ගුණා සමග ඉන්දියාවට පැන්නේය. ගුණාගේ මත්කුඩු ජාලය ඉන්දියාවේ සිට මෙහෙයවනු ලැබුවේ කොට ගාමිණීය.    වරක් ඔහුව හොරායින් කිලෝ 20 ක් සමග ඉන්දියානු මධ්‍යම මත්ද්‍රව්‍ය කාර්යාංශයට කොටුවිය. ඒ සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයකින් පසු ඔහුට දඩුවම් නියම විය. ඒ අනුව කොට ගාමිණි දැන් ඉන්නේ ඉන්දියාවේ හිරේය.

චන්ද්‍රිකා ඝාතන තැත

මෙරටින් ඉන්දියාට පැන ගන්නා පාතාලයේ අපරාධකරුවන්ට එරට රැඳී සිටීමට පහසුකම් සපයා දෙන්නේද ගුණාය. 1999 වසරේ පැවැති ජනාධිපතිවරණයේ අවසන් රැළියේදී එවකට ජනාධිපතිධූරයේ රැඳී සිටි ජනාධිපති අපේක්ෂිකාව  වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉලක්කරගනිමින් පුරහල් භූමියේ පුපුරායන මිනිස් බෝම්බයටද ගුණාගේ සම්බන්ධයක් පැවතුණි. එම බෝම්බකාරිය පුරහල් භුමියට එවන්නේ ගුණාගේ කණ්ඩායමක් හරහාය. ඒ අය පෙනී සිටියේ චන්ද්‍රිකා ජනාධිපතිනියගේ ආධාරකරුවන් ලෙසිණි.

මේ පිරිස භාරව සිටින්නේ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. දැන් ඔහු ජීවතුන් අතර නැත. ඒ දේශපාලන ගැටුමකින් ඔහු වෙඩි වැදී ඝාතනය වී ඇති බැවිණි. කිඹුලා ඇල සිට පැමිණි ගුණාගේ පිරිස් පරීක්ෂාවකින් තොරව පුරහල් භූමියට එදා ඇතුළු කිරීමට චන්ද්‍රිකාගේ ආරක්ෂක අංශයට බලපෑම්කර තිබුණේ එම දේශපාලනඥයාය. ඔහු ගුණාගේ සමීපතයෙකි. එම දේශපාලනඥයා පමණක් නොව, වතුකරය හොල්ලාගෙන සිටි ප්‍රබල දේශපාලනඥයෙක්ද ගුණාගේ සමීපතයෙක් විය. ඒ නිසාම ගුණා කිඹුලා ඇල පැත්තේ පවත්වාගෙන ගියේ පාතාල අධිරාජ්‍යකි. ඒ කොලිවුඩ් චිත්‍රපටවල මෙනි.

ගුණාගේ පොලිසිය

කිඹුලා ඇල පැත්තේ ජනතාවට එකල පොලීසියට යාම තහනම්ය. පැමිණිලි විභාග කළේ කිඹුලා ඇල ගුණාගේ පාතාලයේ පොලිසීය සහ උසාවියයි. වරක් එම කිඹුලා ඇල ගුණාගේ පොලීසියට සහ උසාවියට ප්‍රහාරයක් එල්ලවන්නේ නාදුනන කණ්ඩයාමකිනි. ඒ මධ්‍යම රාත්‍රියකදීය. එම ප්‍රහාරය එල්ලවී  විනාඩි තිහක් ගතවන්නට මත්තෙන් පොලිස් ලොක්කන් පිරිවරාගෙන දේශපාලනඥයන් රොත්තක්ම කිඹුලා ඇලට එන්නේ ගුණාට හානියක් වීදැයි සොයා බලන්නටය. පොලිස් ලොක්කන්ට දේශපාලනඥයන් අණ දෙන්නේ එම ප්‍රහාරය එල්ලකළ අය වහාම නීතිය හමුවට ඉදිරිපත් කරන ලෙසටය.

ගුණාගේ රාජධානිය පැත්තේ එකල පොලීසිය පස් පාගන්නේ නැත. එම රාජධානිය අයත් වූයේ මෝදර පොලිස් වසමටය. එම පොලීසියේ ස්ථානාධිපතිවරයා පවා පත්වූයේ ගුණාගේ අනුදැනුම ඇතිවය. ඇතැම් පොලිස් නිලධාරීන් උසස් වීම් ගන්නටත් ස්ථාන මාරුවීම් සකස්කර ගන්නටත් හමුවන්නට යන්නේ ගුණාවය. එක දුරකතන ඇමතුමකින් ගුණා ඒ අවශ්‍යතා ඉටුකරනු ලැබීය.

බුම්මා..

ගුණා රටින් පැණගත් පසු ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදනයක් පවා නිකුත් කළේය. ඒ 2010 වසරේදීය. ඉන්දියානු පොලීසිය අවස්ථා දෙක තුනකදීම ඔහුව අත්අඩංගුවට ගෙන මුදා හැර ඇත්තේද එම රතු නිවේදනය නිකුත්කර තිබියදීය. ඒ කිසිදු අවස්ථාවක දී ගුණාව ශ්‍රී ලංකාවට භාරදුන්නේ නැත.

මෙවරත් ගුණාව ඉන්දියානු පොලීසිය අත්අඩංගුවට ගත්තේය. ඒ පාතාලයට බැස සිටින බුම්මා නැමැති එල්.ටී.ටී,ඊ. වෙඩික්කරුවාද සමගිනි. බුම්මාද පාතාලයේ හඳුනා ගැනීම අනුව වැඩ්ඩෙකි. මෑතකදී කොළඹ මහා නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක්ව කොටහේනේදී ඝාතනය කළේ ඔහුය.

බුම්මාගේ මත්කුඩු තොගයක් ගිනි අවි රැසක්  පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්   ජා- ඇල පැත්තේ නිවසකකින් සොයා ගන්නේ මෑතකදය. එහෙත් බුම්මාට එරෙහිව නම් තවමත් රතු නිවේදනයක් නිකුත්කර නැත.

මේ දෙදෙනාට අමතරව ගුණාගේ පුතාද අත්අඩංගුවට ගත් අය අතර සිට ඇත. මේ තිදෙනාව අත්අඩංගුවට ගත්තේ යැයි කියැවෙන්නේ චෙන්නායි සිට දිල්ලියට යාමට ගුවන් තොටුපොලේ රැඳී සිටියදීය. ඒ රතු නිවේදනයට නොව, මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් ඉන්දියානු පොලීසිය විසින් කරනු ලබන විමර්ශනයකට අදාලවය. ඒ මෑතකදී ඉන්දියානු වෙරළ ආරක්ෂක බලකාය විසින් අල්ලාගත් හෙරොයින් කිලෝ 100  සම්බන්ධවය. එම මත්කුඩු ජාවාරම හා බැදුණු තවත් දෙනෙක් පසුව අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ අය අතර පිළියන්දල දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීවට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සහ ගත් මාකදුරේ මධුෂ්ගේ සැළසුමේ කොටස්කරුවෙක් වූ මොහොමඩ් නවාස්ද සිටියේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොවිඩ් වැළඳුණු හිත හොඳ දොස්තර මහත්තයා අවසන් ගමන් යයි…

Next Post

මෙරට කොවිඩ් එන්නත දුන් අය ලක්ෂය පනී

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.