මෙරට කොරෝනා වසංගතය මර්දනය කිරීමේ එන්නත් වැඩපිළිවෙළ යටතේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලක්ෂයකට අධික පිරිසකට ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.
අද (02) දිනය තුළ පුද්ගලයන් 23,217 දෙනෙකුට එන්නත ලබාදී ඇත.
ඒ අනුව පසුගිය 29 වැනිදා සිට මේ දක්වා 118,767 දෙනෙකුට මෙලෙස එන්නත ලබාදුන් බව එම නිවේදනයේ සඳහන් වේ.