ලලිත් චාමින්ද –
බිත්තරයක මිල රුපියල් 52 හා 56 දක්වා විශාල වශයෙන් වැඩිවී තිබේ. කුකුළු මස් කිලෝවක මිලද රුපියල් 1400 දක්වා වැඩිවී ඇති ආකාරය වෙලෙඳපලේ නිරීක්ෂණය විය.
හිටිහැටියේම බිත්තරයක මිල විශාල වශයෙන් වැඩි වි ඇති අතර ගෑස් ලැබිමත් සමග ආපනශාලා විවෘත කිරිමෙන් පසු බිත්තර සදහා විශාල වශයෙන් ඇතිවු ඉල්ලුම නිසා බිත්තර මිල වැඩිවි ඇති බැව් කුකුළු පාලනයේ නිරත ගොවිහු පවසති.
පසුගිය කාලයේ බිත්තර මිල අඩුවිම නිසා කුකුළු පාලනයේ නිරත සුළු පරිමාණ ගොවින් සතුන් විකුණා දමා කුකුළු පාලනයෙන් ඉවත්වු බවද ඔවුහු පෙන්වාදෙති.
කුකුළු පාලනයේ නිරත ගොවියකු වන ගාල්ල කපුහෙම්පල ප්‍රදේශයේ පදිංචි රංජිත් අනුර මෙසේ කිවේය.
“කකුළු කෑම මිල විශාල වශයෙන් වැඩිවෙලා තියෙනවා. පැටව් කෑම කිලෝවක් රුපියල් 380ක් විතර වෙනවා. පැටව් කෑම දින 21යන තෙක් දෙන්න ඕන. නාම්බෝ කුකුළු කෑම කිලෝවක් රුපියල් 300ක් වෙනවා. මාස තුනහමාරක් විතර යනකම් නාම්බෝ කෑම දෙන්න ඕන. මේ නිසා කුකුළු ගොවිපොළක් පවත්වාගෙන යාම සදහා විශාල වියදමක් දැරීමට සිදුවෙලා තියෙනවා.“ රංජිත් අනුර කීවේය.







