අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ ළමයින්ට “සිලබස් “හදන තැන හොර ආචාර්ය උපාධිකාරයෙක් වැඩ!

තවත් උපාධි හොරෙක් නඩුත් නැතිව අවුරුදු ගණනක් වැඩ... සියලු ශාස්ත්‍රීය කටයුතුවලට සම්බන්ධ වෙනවා...

by editor
ජූනි 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ අධ්‍යාපනය සම්බන්ධව ශාස්ත්‍රීය වගකීම දරන ජාතික අධ්‍යාපන ආයතනයේ, මීපේ මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති අධ්‍යාපන නායකත්ව සංවර්ධන හා කළමනාකරණ පීඨයේ සහකාර කථිකාචාර්යවරයෙක් ස්වකීය ශාස්ත්‍රීය සුදුසුකම් ලෙස ව්‍යාජ ආචාර්ය උපාධි සහතිකයක් ඉදිරිපත් කර ඇති බවට එම ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන අංශය වෙත දන්වා යවා වසර දෙකක කාලයක් ගත වී ඇතත් තවමත් ඒ නිලධාරියා සම්බන්ධව නිසි පියවරක් ගැනීමට අමාත්‍යාංශය අපොහොසත් වී ඇතැයි වාර්තා වේ.

අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම ලිපිය අමාත්‍යාංශය වෙත යොමු කරන්නේ වර්ෂ 2019.07.24 දාය.

මෙම පුද්ගලයා ආචාර්ය උපාධිය ලබාගත් බව කියන ආයතනය විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් පිළිගෙන තම වෙබ් අඩවියේ ප්‍රකාශ කළ ඇති පිළිගත් විදෙස් විශ්විද්‍යාල නාමලේඛණයේ නොමැති බවත්, තමන්ට එම සරසවියේ නම පොදුරාජ්‍ය මණ්ඩලීය අත්පොතේ හෝ ජාත්‍යාන්තර පිළිගත් විශ්විද්‍යාල ලේඛණයේ සොයාගත නොහැකි වූ බවත් ජාතික අධ්‍යාපන ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා ලිඛිතව අධ්‍යාපන අමාත්‍යංශයේ අභ්‍යන්තර විගණන අංශයට පැමිණිලි කර තිබේ.

වහාම මෙම උපාධි සහතිකයේ වලංගු භාවය විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් සහතික කරගන්නා ලෙසත්, මෙම පුද්ගලයා මෙම විශ්විද්‍යාලයේ අදාල වකවානුව තුළ සැබෑ ලෙසම පාඨමාලා හැදෑරීම් සිදුකළා ද යන්න පිළිබඳ ඇගයීම් දත්ත, ආචාර්ය උපාධි පර්යේෂණයේ අධීක්ෂකවරයාගේ වාර්තා ලබාගෙන සහතික කළ වාර්තාවක් ලබා ගන්නා ලෙසත්, මෙම පුද්ගලයා ඉදිරිපත් කර ඇති ශාස්ත්‍රපති උපාධිය පිළිබඳවත් ඉහත ආකාරයෙන්ම සොයා බැලීමක් කරන ලෙසත් අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිර්දේශ කර තිබේ.

මෙම තැනැත්තා “ආචාර්ය“ නාමය භාවිත කරමින් අපොස උසස්පෙළ ගිණුම්කරණය විෂය නිර්දේශය ආවරණය කරන පොත් ගණනාවක් ලියා පල කර ඇති ආකාරයත්, නුවර, කෑගල්ල හා කුරුණෑගල ප්‍රදේශයන්හි උසස්පෙළ සඳහා පුද්ගලික පන්ති පවත්වන ආකාරයත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැඩසටහන් ගණනාවකට සහභාගී වෙමින් ප්‍රශ්න පත්‍ර සැකසීම, උත්තර පත්‍ර ඇගයීම ඇතුළු ක්‍රියාකාරකම් රැසකට දායකවන වන ආකාරයත් දක්වා මෙම තහවුරු කරගැනීම අත්‍යවශ්‍ය බව අතිරේක අධ්‍යක්ෂවරයා විසින් පැහැදිලි කරයි.

කථිකාචාර්යවරයෙකුට කිසිසේත්ම නුසුදුසු පුද්ගලික චර්යා රටාවන් හා සදාචාර සම්පන්න නොවන හැසිරීම්, වංචා කිරීම් රැසක් සමබන්ධව චෝදනා ලැබ සිටින මෙම පුද්ගලයා සම්බන්ධව නෛතිකව කටයුතු කර අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගෞරවනීය හා වගකිවයුතු ආයතනයක ගුණාත්මක බව ආරක්ෂා කරන ලෙස සහකාර අධ්‍යක්ෂවරයා ලිඛිතව අමාත්‍යාංශයට දන්වා තිබුණ ද මෙම පුද්ගලයා මේ වනවිටත් ගැටලුවකින් තොරව ජාතික අධ්‍යාපන ආයතනයේ රැකියාව කරන බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ පිළිබඳව කළ විමසීමක දී සමස්ථ ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ තමන්ද මේ සිද්ධිය සම්බන්ධව මෙන්ම පොදුවේ ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රමිතියෙන් තොර අශාස්ත්‍රීය ස්වරූපය අවස්ථා ගණනක දීම පෙන්වා දී ඇති නමුත් ඊට කන් දෙනු වෙනුවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් ආචාර්ය උපාලි සේදර උත්සාහ කරන්නේ ගුරු අධ්‍යාපන විද්‍යා පීඨවලට ලබා දීමට යෝජිත උපාධිය ජාතික අධ්‍යාපන ආයතනය හරහා ලබා දී උපාධියත් හෑල්ලු කිරීමට බවය.



RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

තෙල් මිල වැඩි කළේ ඛණිජතෙල් නීතිගත සංස්ථාව බිලියන 33.9ක් ලාභ ලබද්දී – මහ බැංකු වාර්තාව හෙළි කරයි…

Next Post

මිරිස්සට මුහුදෙන් පැමිණි කුඩු කිලෝ 200 කොස්ගොඩ සුජීගේ බව හෙළිවේ!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.