බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ සියලුම යෞවන සමාජවල විධායක තනතුරු දේශපාලකයෙක් තීන්දු කරන්නේ කොහොම?… සජිත් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි!

by editor
අගෝස්තු 5, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පැරණි පැවති යෞවන සමාජ සියල්ලම විසුරුවා හැර නව යෞවන සමාජ පිහිටුවීමේ ක්‍රියාවලියේ අවසන් ඉලක්කය රජයේ දේශපාලනය එම යෞවන සමාජ තුළට රැගෙන යෑම බවත් එම ක්‍රියාවලිය තුළ යෞවන සමාජ විධායක තනතුරුවලට පුද්ගලයින් පත් කරගැනීමේ දී මේ බව සාක්ෂි සාධක සහිතව පෙනෙමින් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (05) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

ඔහු 27/2 යටතේ අද පාර්ලිමේන්වේ දී රජයට ඉදිරිපත් කළ ප්‍රශ්නය වූයේ මෙම යෞවන සමාජ පිහිටුවීම පිළිබඳ රටේ ඇති වී තිබෙන ආන්දෝලනය ය.

විපක්ෂනායකවරයා සිය ප්‍රශ්නය මෙසේ පාර්ලිමේන්තුව අභියස තැබුවේ දේශපාලනීකරණය වූ සියලුම යෞවන සමාජ පිළිබඳ ලේඛනයක් ද සභාගත කර හැන්සාඩ්ගත කිරිමෙනි.

එහිදී විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේය.

මෑතක දී ජාතික තරුණ සේවා සභාව විසින් නිකුත් කර ඇති 2/11/25/1 දරන චක්‍රලේඛය මගින් 2025 මැයි 23 දිනට පෙර පිහිටවා තිබූ සියලු යෞවන සමාජවල නීත්‍යානුකූල භාවය අහෝසි කර නව යෞවන සමාජ පිහිටුවීමේ හෝ ප්‍රති සංවිධානය කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කරලා තියනවා.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

එහි දී සියලුම යෞවන සමාජ දේශපාලනීයකරණය කර ඇති බවට චෝදනා රැසක් ආණ්ඩුවට එල්ල වි තිබෙනවා. විශේෂයෙන්ම මෙහිදී දේශපාලන උවමනාවන් මත යෞවන සමාජයන් සඳහා විධායක නිලධාරීන් පත් කරගැනීමේ වැඩපිළවෙළක් ඉතාම පැහැදිලිව සාක්ෂි සහිතව තොරතුරු වාර්තා වෙනවා.

මෙය යෞවන සමාජ පද්ධතියේ ස්වෛරී භාවය සහ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයන් ක්‍රියාත්මක වීම අවදානමට ලක්කරමින් නව නියෝග මාලාවක් මගින් දේශපාලන හිතවතුන් සඳහා වාසියක් ලබා දීමේ උත්සාහයක් බව පැහැදිලිවම පෙනී යනවා.

ඒ නිසා මේ සම්බන්ධයෙන් ආණ්ඩුව මෙම සභාවට කරුණු දැක්වීමක් කළ යුතු යැයි අවධාරණය කර සිටිනවා.

ඒ අනුව පහත සඳහන් ප්‍රශ්නවලට නිශ්චිත පැහැදිලි කිරීම් සහ පිළිතුරු රජයෙන් බලාපොරොත්තු වෙනවා.

  • ජාතික තරුණ සේවා සභාව විසින් අංක 2/11/25/1 යටතේ නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව නව යෞවන සමාජ පිහිටුවීමට හෝ ප්‍රතිසංවිධානය කිරීමට කටයුතු කිරීමේ දී යෞවන සමාජ දේශපාලනීකරණයට ලක් කර ඇති බවට එල්ලවන චෝදනාවන් රජය පිළිගන්නේ ද?.
  • නොඑසේ නම් ‍දිවයිනේ බොහෝ යෞවන සමාජවලට උදාහරණ ලෙස කළුතර, පොලොන්නරුව, බදුල්ල කෑගල්ල, හම්බන්තොට නුවර එළිය කොළඹ, ඇතුළු ප්‍රදේශ ගණනාවක විධායක තනතුරු සඳහා ආණ්ඩුව සිය දේශපාලන හිතවතුන් පමණක් පත් කරගැනීම සඳහා වූ වැඩපිළිවෙළක් දියත් කිරීම යෞවන සමාජ දේශපාලනීකරණයක් නොවන්නේ ද?
  • නැතහොත් ජාතික තරුණ සේවා සභාව විසින් නිකුත් රක ඇති  2025/05/16 දිනැති ලිපිය මගින් 2025/05/23 දිනට පෙර පිහිටුවා ඇති සියලුම යෞවන සමාජවල නීත්‍යානුකූල භාවය අහොසි කොට නව යෞවන සමාජ පිහිටුවීම හෝ ප්‍රතිසංවිධානය කිරීමේ ආණ්ඩුවේ මුඛ්‍ය පරමාර්ථය කුමක් ද?
  • ජාතික තරුණ සේවා සභාව විසින් සමස්ථ යෞවන සමාජ සඳහා බලපැවැත්වෙන පරිදි එක් ස්ථාවර නියෝග මාලාවක් ඉදිරිපත් කර තිබේ ද?. එම ස්ථාවර නියෝග මෙම සභාවට ඉදිරිපත් කරන්නේ ද?.
  • ජාතික තරුණ සේවාවා සභාව මගින් නිකුත් කර ඇති නව ස්ථාවර නියෝග මගින් යෞවන සමාජයක විධායක තනතුරක් දැරීමට අවම වශයෙන් වසර 02ක් හෝ ක්‍රියාකාරී සාමාජිකයෙක් ලෙස රැඳී සිටිය යුතු බවටවන නියෝග වෙනස් කොට ඇත්තේ ද?.
  • එය හුදෙක් සිය දේශපාලන හිතවතුන් යෞවන සමාජවල විධායක තනතුරු දැරීම සඳහා පත් කරගැනීමට සිදුකළ ක්‍රියාදාමයක් නොවන්නේ ද?
  • එය යෞවන සමාජ ව්‍යවස්ථාව අතික්‍රමණය කිරීමක් ලෙස රජය පිළිගන්නේ ද?.
  • දේශපාලන ක්‍රියාවලියට ලක් වී සිදුවීම් සියල්ලක්ම සටහන් වී ඇති බවත් එම සිදුවීම් සියල්ල හැන්සාඩ්ගත කරන බවත් විපක්ෂ නායකවරයා පැවසුවේය. එමෙන්ම සියලුම තොරතුරු හැන්සාඩ්ගත කර සහ සභාගත කර රජයෙන් නිශ්චිත පිළිතුරක් අපේක්ෂා කරන බවත් විපක්ෂ නායකවරයා පැවසුවේය.
Tags: නවතම
Share69Tweet43
Previous Post

ජූලි 31වනවිට නීති විරෝධී ගිනි අවි 2089ක් පොලිස් අත් අඩංගුවට…

Next Post

යෞවන සමාජවල විධායක තනතුරු තෝරන්නේ නිදහස් ඡන්දයකින්… විපක්ෂ නායකගේ දීර්ඝ චෝදනා පත්‍රය රජය ප්‍රතික්ෂේප කරයි!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.