බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ තෙල් සංචිත බින්දුවට හින්දා  කාංචන කටාර් ගියේ නාමල්ගේ කොම්පැණියෙන් තෙල් ගෙන්වන ඩීල් එකට ද?

by editor
ජූලි 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ප්‍රගීත් සම්පත් කරුණාතිලක –

රටේ තෙල් නැති වටපිටාවක කාංචන විජේසේකර තෙල් ඇමති තෙල් ගේන්නට කටාර් ගියේය.  මේ අතර සමායේ දැවැන්ත කතිකාවක් ඇතිවන්නේ මේ තෙල් ගනුදෙනුව පසුපස නාමල් රාජපක්ෂගේ කටාර් කොම්පැණියක්  ඇති බව කියමිනි. තෙල් ඇමති කටාර් යන්නේ නාමල්ගේ ඩීල් එකට බව සමාජය කීවේය. මේ ප්‍රස්තුතය සම්බන්ධව ලංකාදීප ගවේෂණාත්මක මාධ්‍යවේදී ප්‍රදීප් සම්පත් කරුණාතිලක ඉරිදා ලංකාදීපය වෙනුවෙන් විශේෂ ලිපියක් සම්පාදනය කර තිබිණි.    මේ ලිපිය එය   අසුරින් සැකසිනි.

මේ වෙන විට රටේ තෙල් සංචිතයක් නැත. තෙල් සංචිත බිංදුවටම හිදි ගොස්ය.  ඇත්ත තත්ත්වය නම් දැන් අත්‍යවශ්‍ය සේවාවන්ට දීමට ද ඉන්ධන  නොමැති වීමය.

රටට අවශ්‍ය තෙල් නැතිවෙන කොට ඉතියෝපියාවෙන් හරි වැඩි මිලට තෙල් ගෙනත් දෙන්න කියා ජනතාවම ඉල්ලන තැනට මේ වෙන විට රට වැටි හමාරය. මෙය සැලැසුම් සහගතව සිදු වූ දෙයක් බව සමගි ජනජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවක ද පෙන්වා දෙයි.

  • පුතාට රොකට් යවන්න උදව් කරපු සමාගමෙන් තමයි අන්තිම බොරතෙල් නැව ගෙනාවා
    – පාඨලි චම්පික රණවක

මේ වනවිට උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධව චම්පික කීවේ මෙසේය.

“ මේ අය කළේ  මේ අර්බුදයට මුවවෙලා  තෙල් සැපයීම වෙනුවෙන් අප ළඟ ලියාපදිංචි වී සිටින අයට අමතරව තවත් දහහතර දෙනෙකු හරහා තෙල් ගේන්න හදපු එක .    ඒ පිටුපස රාජපක්ෂ පවුලේ සාමාජිකයින් ඉන්නවා. මොකද මේ ළඟදි ගෙන ආපු බොරතෙල් නැව ආවෙත් රෝහිත රාජපක්ෂට රොකට් යවන්න උදව් කළ කොම්පැනියෙන්. ඒ තෙල් නැවේ ගණන් මිනුම් හරිම අසාමාන්‍යයි. මේ අර්බුදයට මුවා වෙලා කට්ටිය බිස්නස් කරනවා.“

“අපේ ලියාපදිංචි වී ඇති ආයතනයකින් තෙල් එනවා නම් ඒකේ වගවීමක් තියෙනවා. නමුත් දැන් තෙල් එන්නේ ටෙන්ඩර් කැඳවීමක් එක්ක නෙමෙයි. තෙල් නැව ආවම සල්ලි දෙන විදියටයි මේක හදාගෙන තියෙන්නේ. එම නැවෙන් ගෙන ආපු තෙල් බැරලයක් ඩොලර් හයක් වැඩියි. වෙළෙඳපොල වටිනාකම ඊට අඩුයි. මේවා ගැන අපට වාර්තා වෙලා තිබෙනවා. “ චම්පික රණවක මන්ත්‍රිවරයා පෙන්වා දෙන්නේ අවධාරණය විය යුතු කතාවකි.

  • තෙල් ගෙවන්නේ නාමල්ගේ සමාගම හරහ කියා රටේ මතයක් තියෙනවා-ආනන්ද පාලිත

පසුගියදා තෙල් නැවක් පැමිණි බවත් එම නැව දැන්   ආගිය අතක්  නැති බවත්  සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගය කැඳවුම්කරු   ආනන්ද පාලිත කීවේය

“බලශක්ති ඇමැති පුන පුනා   මේ තෙල් නැව ගැන කතා කිව්වා. එසේම    බොරතෙල් නැවක් ද ආවා. මේ නැව් දෙකම ආවේ ඩුබායි සහ කටාර් වලින්.   මේ පිටුපස රජපක්ෂවරු සිටින බවටත්  තොරතුරු අනාවරණය වී තිබෙනවා.

“මේ අය උත්සාහ කළේ රටේ තෙල් නෑ කියලා පෙන්වලා කොහෙන් හරි වැඩි මිලට හරි තෙල් ගේන තැනට රට පත් කරන්න. බලශක්ති ඇමැති කාංචන විජේසේකර පසුගියදා පවත්තපු මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂත් සහභාගි වුණා. ඒකෙන් පස්සේ තමයි රුසියාවේ සහ කටාර් තෙල් ගැනීම් ගැන කතා බහට ලක්වුණේ. මේ අය ඊට පස්සේ තමයි ලහි ලහියේ කටාර් සහ රුසියාවේ ගියේ. තෙල් සංචිත බිංදුවටම වැටෙනකම් ඉන්නේ නැතිව  කටාර් හරි රුසියාවෙන් හරි  තෙල් ගේන්න කලින් කතා කරගත්තා නම් මේ මොකුත් වෙන්නේ නෑ.“

“දැන් කරන්නේ තෙල් නැවක් ගන්න  මහ බැංකුවට ඩොලර් එකතු වෙනකම් ඉඳලා නැව ගෙන්වන එකයි. මොකද අපි මීට පෙර තෙල් ගනුදෙනු කළේ මාස හයෙන් හරි අවුරුද්දකින් හරි ගෙවනවා කියලා ණයට තෙල් අරගත්ත එකයි. පොරොන්දු ගිවිසුම මතයි එම ගනුදෙනු වුණේ. “

ඇමති කාංචනගේ තෙල් සාකච්ඡා…

“කටාර් ගියාට ඒ රජයෙන් තෙල් දෙන්නම් කියලා තවම පොරොන්දු වෙලා නෑ. නමුත් සලකා බලන්නම් කියලා තියෙනවා. කටාර් හරහා තෙල් ගෙන්වනනේ නාමල් රාජපක්ෂගේ කොම්පැනියක් හරහා බව මේ වෙන විට සමාජ මාධ්‍ය හරහා තොරතුරු වාර්තා වෙනවා.“ ආනන්ද පාලිත කීවේය.

  •  මොකක් ද මේ නාමල්ගෙ කටාර් තෙල් කොම්පැණිය

කටාර් රාජ්‍යයෙන් තෙල් ගෙන්වන්නේ නාමල් රාජපක්ෂ ට අයත් කොම්පැනියෙන් යැයි පැවසෙන කාරණාව සාමාජ මාධ්‍ය  හරහා  මුළු රටේම ලැව් ගින්නක් සේ මේ වෙන විට පැතිර ගොස් හමාරය. මේ කොම්පැනිය ගැන  තොරතුරු සෙවීමට අප පටන් ගන්නේ 2022-4-18 සිටය. ඒ තෙල් කතාව සමාජගත වීමටත් පෙරය. එහිදි අපට මෙම සමාගම ගැන තොරතුරු ලැබුණි.

ALBG නමින් හඳුන්වන මෙම ආයතනයේ මූල්‍ය අධ්‍යක්ෂ ලෙස සිටින්නේ නාමල් රාජපක්ෂ නම් අයෙකි. එම නිසා පසුගිය අප්‍රේල් මාසයේදි අදාළ සමාගම වෙත ඊමේල් පණිවුඩයක් යවමින් අප විමසා සිටියේ ඔබ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින නාමල් රාජපක්ෂ සහ ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ අතර යම් සම්බන්ධයක් ඇත් ද කියාය. එනම් මූල්‍ය අධ්‍යක්ෂ නාමල් රාජපක්ෂ සහ ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ කියන්නේ දෙදෙනෙක් ද නැත්නම් එක් අයෙක්ද කියාය. නමුත් අදාළ සමාගම මේ වෙනතුරු එම ඊමේල් පණිවුඩයට පිළිතුරු එවා නැත.

ඉන්පසු අප නැවත තෙල් ගෙන්වීමේ කතා බහ කරළියට ආ විට 2022-6-29 දිනද නැවත අදාළ සමාගම වෙත ඊමේල් පණිවුඩයක් යවා කලින් ප්‍රශ්නයම විමසා සිටියේය. මේ ලිපිය පලවෙන මොහොත වෙනවිටත් ඊට පිළිතුරු ලැබි තිබුණේ නැත.

මෙම ආයතනයේ වෙබ් අඩවිය පරික්ෂා කිරිමේදි අපිට ජායාරූප කිහිපයක් හමුවිය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල්  රාජපක්ෂ සහ තවත් නවක මන්ත්‍රිවරු පිරිසක් කටාර්වලදි ගත් ජායාරූප පෙළකි. එම සමාගමට අයත් වෙබ් අඩවියේ එම ජායාරූප පළ කොට තිබුණි. එම ජායාරූපවල අදාළ සමාගමේ බලධාරියන් සහ කටාර් රජයේ නිලධාරින් මෙන්ම කටාර් ශ්‍රිලංකා තානාපතිවරයාද සිටියේය. අපි එම ජායාරූප 2022-4-18 දින බාගත කළෙමු. දැන් එම වෙබ් අඩවියේ අදාළ ජායාරූප නැත.

මෙම ජායාරූපයේ පොදුජන පෙරමුණේ නවක මන්ත්‍රි වසන්ත යාපා බණ්ඩාරද සිටියේය.එනිසා මේ කාරණා ගැන මන්ත්‍රිවරයාගෙන්ම අපි අසා දැන ගත්තෙමු.එහිදි මන්ත්‍රිවරයා පැවසුවේ මෙවැන්නකි.

නාමල් එක්ක කටාර් ගිය කණ්ඩායම…
  • ඔබතුමා කටාර් ගියාද?

වසන්ත මන්ත්‍රිතුමා:  ඔව් අපි කටාර් ගියේ 2021දෙසැම්බර් 18 වගේ.

  • මේ සමාගම හරහා නේද ලංකාවට තෙල් ගේන්නේ

වසන්ත මන්ත්‍රිතුම: ඒක දන්නේ නෑ. අපි ඒ සංචාරයේදි කටාර්වල කම්කරු ඇමැතිට සමාන කෙනෙක් සමග සාකච්ඡාවකට ගියේ. එහිදි අපි කතා කළේ ලංකාවෙන් කටාර් යන්න බලාගෙන ඉන්න අයගේ වීසා ගැටලුව ගැන. මෙම සාකච්ඡාවට ලංකාවේ තානාපතිවරයාත් සහභාගි වුණා. මීට අමතරව ක්‍රිඩා රෝහලකට,   ලංකාවේ ආබාධිත ක්‍රිඩකයින්ට එම රෝහලට යන්න පුළුවන්ද කියා සාකච්ඡා කළා. එසේම FIFA එකේ අවසන් තරගයක් හෝ දෙකක් නරඹන්න අවස්ථාව උදා වුණා.

  • ALBG කියන සමාගම සහ මෙම සංචාරය අතර සම්බන්ධය මොකක්ද?නාමල් රාජපක්ෂ මහතා එහි අධ්‍යක්ෂ වරයෙක් ද?

වසන්ත මන්ත්‍රිතුමා: නෑ ඒක මම දන්නේ නෑ හරියට. මට එම සමාගම ගැන නිල වශයෙන් මොකුත් කියන්න බෑ

  • කම්කරු ඇමැති ලංකාවේ ඉද්දි ක්‍රිඩා ඇමැති කටාර් ගිහින් කම්කරු ප්‍රශ්න කතා කළාම හරිද?

වසන්ත මන්ත්‍රිතුමා: මට ආරාධනාවක් කරලා තිබ්බා මෙහෙම ගැටලු කතා කරනවා කියලා. මම ඊට සහභාගි වුණා. නාමල් රජපක්ෂ මහතා කටාර් රාජ්‍ය නායකයා හමු වුණේ නෑ. නමුත් ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවුණා. එම සාකච්ඡාවලදි  කියැවුණා කටාර් රාජ්‍යයෙන් කම්කරු ඇමැති නිමල් සිරිපාල මහතා මේ ගැටලු ගැන කතා කරන්න අවස්ථවක් ඉල්ලා තිබුණා කියා .නමුත් ඒ රජයෙන් අවස්ථාවක් දිලා නෑ. ඒනිසා මහින්ද රාජාපක්ෂ මහතාගේ සබදතා එක්ක නාමල් රාජපක්ෂ මහතා කම්කරු  ප්‍රශ්න ගැන කතා කරන්න අවස්ථාවක් ඉල්ලලා. ඒක ලැබිලා.

  • නාමල් රාජපක්ෂ මහතා එම සමගමේ මූල්‍ය අධ්‍යක්ෂවරයා කියා දැන සිටියද?

වසන්ත මන්‍ත්‍රිතුමා:මම ඔය සමාගම ගැන දන්නේ නෑ.දන්නේ නැති එකක නමක් කියන්න බෑ

  • මේ ගමනට නවක මන්ත්‍රිවරු ගියේ ඇයි?

වසන්ත මන්‍ත්‍රිතුමා: අපේ කටාර් ගමනට අවශ්‍ය ටිකට් වලට අනුග්‍රහය දැක්වූවේ FIFA එකෙන්. ජස්තර්  කියන මහත්තයා FIFA එකේ ලංකාවේ සභාපති. මේ ගමනට ඒ මහත්තයත් ආවා. මේ ගමනට ඩබ්ලිව්.ඩී.වීරසිංහ සහ මිලාන් ජයතිලක මන්ත්‍රිවරු එක් වුණා.නාමල් ඇමතිතුමා එහිදි අපට සම්බන්ධ  වුණා. අපි නාමල් ඇමතිතුමාට කියලා තිබුණා කටාර් කම්කරු ගැටලුවේදි මැදිහත් වෙන්න කියලා. ඒ නිසයි FIFA එකෙන් ටිකට් අනුග්‍රහය අරගෙන අපිත් කටාර් ගියේ.

  • කම්කරු ඇමති කටාර් යන්න කිසිම ඉල්ලීමක් කර  නෑ….

    කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා

අප මේ කාරණා ගැන කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලගෙන්ද විමසීමක් කළෙමු. එහිදි අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පවසා සිටියේ කටාර් රාජ්‍යයට යාමට කිසිම විටෙක ඇමැතිතුමා ඉල්ලීමක් කර නැති බවය.

“කොවිඩ් වසන්ගතය හමුවේ කටාර්වල සිටින අපේ ශ්‍රමිකයින් මුහුණ දෙන ගැටලු සහ විදේශ ගතවීමට බලාපොරොත්තු වෙන අයගේ වීසා ගැටලු ගැන ඇමැතිවරයා ශ්‍රිලංකා කටාර් තානාපතිතුමා සමග සාකච්ඡා කොට විසදුම් ලබාගත්තා. අනික රාජ්‍ය ත්‍රාන්ත්‍රික ලෙස කටාර් යනවා නම් ඒක තානාපති කාර්‍යාලය හරහා එන නිල සංචාරයක් වෙන්න ඕන. එහෙම නැතිව පස්ස දොරෙන් ගිහින් ඒ රටේ පාලකයෝ හමුවෙන්න බෑ.“

එම ප්‍රකාශකයා පැහැදිලි කළේය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

“කම්කරුප්‍රශ්න කතා කරන්න කියලා මේ අය වෙන වැඩකට යන්න ඇති“.  එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

දැනට වසර හතරක කාලයක් රාජ්‍ය ත්‍රාන්ත්‍රික ලෙස කටාර් රාජ්‍ය වෙත කිසිවෙක් නොගිය බවද ර්එම ප්‍රකශකයා පෙන්වා දුන්නේය.

  • නාමල් රාජපක්ෂගෙන් පිළිතුරු නෑ

ALBG සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂවරයා වන්නේ නාමල් රාජපක්ෂ මහතද කියා දැන ගැනීමට අප ඒ මහතාව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළෙමු.

එහිදි  0472240***තංගල්ල නිවසේ දුරකථන අංකයට ගත් විට එහි ආරක්ෂකයෙකු පවසා සිටියේ නාමල් රාජපක්ෂගේ ලේකම්වරයෙකු වන ලහිරු කොඩිතුවක්කු මහතාට කතා කොට මන්ත්‍රිවරයා සම්බන්ධ කර ගන්නා ලෙසය.

එලෙස අප ලහිරු කොඩිතුවක්කුට කතා කළ විට පවසා සිටියේ අවශ්‍ය කාරණය කෙටි පණිවුඩයක් මගින් එවන ලෙසය. එලෙස කෙටි පණිවුඩයක් යැව්වද තවම නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

කෙසේ වෙතත් මේ වෙන විට කාංචන විජේසේකර ඇමැතිවරයා කටාර් රාජ්‍ය නායකයින් සමග ඉන්ධන,ගෑස් සහ බලශක්ති ගැටලුව විසඳා ගැනීමට සාකච්ඡා කරන අයුරු මාධ්‍ය මගින් අපි දැක්කෙමු. නමුත් එම සාකච්ඡා ගැන සලකා බලනවා කියන්වා හැර ස්ථිර විසඳුමක් තවම කටාර් රජය ලබා දී නැති බව අප වෙත වාර්තාවේ.

මේ සියලු කාරණා ගැන දැන ගැනීමට අප බනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහට ද කතා කළෙමු.   සභාපතිවරයා සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

කටාර්වලින් තෙල් ගෙන එනනේ මොන සමාගමෙන් ද කියා තවම බනිජ තෙල් සංස්ථාව කිසිවක් පවසන්නේ නැත. ALBG සමාගම හරහා තෙල් ගෙන එනවාද නැද්ද කියා තවම දන්නේ නැත. සමහර විටෙක මෙම සමාගම නමින් අප දකින වෙබ් අඩවිය ව්‍යාජ ලෙස නිර්මාණය කළ එකක්ද විය හැකිය. නමුත් නංගි පෙන්නලා අක්කා දෙනවා වාගේ මෙම සමාගම පෙන්නා වෙනත් සමාගමකින් තෙල් ගෙන එනවා දැයි දන්නේ නැත. එය ඩුබායි හෝ සී ෂෙල්ස් රටවල සමාගමක් විය හැකිය. නැත්නම් කටාර් වලම වෙනත් සමාගමක් විය හැකිය.

කටාර් ගිය  ලංකාවේ දූත පිරිස නවාතැන් ගෙන ඇත්තේද ලංකාවේ ප්‍රබල අයෙකුට අයත් නවාතැනක  යැයි ද දැන ගන්නට තිබේ. හරි දේ හරියට සිදු වී රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් තෙල් ගැටලුව විසඳා  ගැනීමට හැකි වුණොත් හොඳය.

නැත්නම් ඇමැති කාංචනද මේ සැරසෙන්නේ  රටම එපා කී පවුල ගොඩ දැමීමට නම්    ලංකාවේ ජනතාව ඇමැතිවරයාට සමාවක් නොදෙනු ඇත.

එනිසා තෙල් ගෙන්වීම පිටුපස සිටින්නේ කවුද? මේ චෝදනා එල්ල වෙන අයම එහි සිටිනවාද? අප සිටින්නේ අවධානයෙනි.

ඉරිදා ලංකාදීප –

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

IMF ණය දෙන්න පෙර ලංකාවේ හොරකම නැතිකර නීතියේ ආධිපත්‍ය සහතික විය යුතුයි… ඇමරිකාව කියයි..

Next Post

මුහුදු රළ ගොඩ ගැසීමෙන් අම්බලන්ගොඩ සිට හික්කඩුව දක්වා වැසූ ගාලු පාර අදත් විවෘත නොවේ..

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.