බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටින් ගෙනාවේ කාබනික පොහොර නොවන බව ඇමතිවරයාට කියා දෙන්න…

by editor
ඔක්තෝබර් 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කෘෂිකර්ම අමාත්‍යවරයා කාබනික පොහොර ලෙසින් හඳුන්වා දෙමින් මේ වනවිට ගොවීන් අතර බෙදා දීමට කටයුතු කර ඇත්තේ කාබනික පොහොර නොවන ඛනිජ පොහොර මිශ්‍රණයක් බව තහවුරු වී තිබේ.

මෙම පොහොර කිසිසේත් කාබනික පොහොර නොවන අතර ඛනිජ රසායනික සංයුතියක් සහිත පොහොර වන අතර එහි ප්‍රධාන අන්තර්ගතය පොටෑසියම් ක්ලෝරයිඩ් වෙයි.

පොටෑසියම් ක්ලෝරයිඩ් ඛණිජ පොහොර… බෙලරූස්වලින් ගෙනාවේ මෙම පොහොරයි..

බෙලරුස් රාජ්‍යයේ නිෂ්පාදනය කරන ලද මෙම ඛනිජ පොහොර ටොන් 17892 ක තොගයක් මේ අනුව මෙරටට ගෙනවිත් ඇත.

මේ පිළිබඳව ලංකාසර  රසායන විද්‍යාව පිළිබඳ ලෝක සම්භාවනාවට ලක්වන  මහාචාර්යවරුන්  කිහිප පොලකගෙන්  අදහස් විමසීමක්  කිරීමේ දී ඔවුන් පැහැදිලිව කීවේ මෙම පොහොර කිසිසේත් කාබනික පොහොර ලෙස හැඳින්විය නොහැකි බවය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඛනිජ අමුද්‍රව්‍ය, සිල්වයිට්,  කාල්නයිට් සහ පොටෑෂ් වැනි ඛනිජ ද්‍රව්‍ය නිස්සාරණයෙන් මෙන්ම මුහුදු ජලය මඟින්ද පොටෑසියම් ක්ලෝරයිඩ් නිෂ්පපාදනය කළ හැකි බවය.

බෙලරූස් රාජ්‍යය ලොව දැවැන්තම පොටෑසියම් ඛණිජ පොහොර නිපදවන්නෙකි…

මෙම පොහොර කිසිසේත් කාබනික නොවන නමුත් මේවා ශාකවල පැවත්මට අවශ්‍ය අහිතකර නොවන ඛනිජ රසායනික පොහාර බව ද ඔවුහු සඳහන් කළහ.

මෙම පොහොර තොගයේ නිශ්කාශන වාර්තාවල පැහැදළිව ම මෙම පොහාර ඛනිජ පොහෙර ලෙස හඳුන්වා දී ඇති බැවින් අමාත්‍යවරයාට බියක් නොමැතිව මේවා ඛනිජ පොහොර ලෙස හැඳින්විය හැකි බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මේ විෂය නොදන්නේ නම් ඔහු දැනුවත් කිරීම කෘෂිකර්ම බලධාරීන්ගේ වගකීම බවත් අප සමඟ අදහස් දැක්වූ නම සඳහන් කිරීමට අකැමැති මහාචාර්යවරයෙක් පැවසීය.

අමාත්‍යවරයා මේවා කාබනික පොහාර ලෙස හඳුන්වන්නේ කුමක් නිසාදැයි තමන් නොදන්නා බවත් මෙම මහාචාර්යවරු පැවසූහ.

මෙම පොටෑසියම් ක්ලෝරයිඩ් යම් හෙයකින් කාබනිකව ලබා ගත්තේ නම් අතිවිශාල දැව ප්‍රමාණයක් පිළිස්සීමට සිදුවන බවත් එයින් සිදුවන පරිසර විනාශය ඛනිජ නිස්සාරණයේදී සිදුවන පරිසර හානිය මෙන් දස ගුණයකින් හෝ වැඩි ගුණයක් වනු ඇති බවත් එක් මහාචාර්යවරයෙක් ලංකාසර පැවසීය.

මෙම පොහොර තොගය ගැන ඇමතිවරයාගේ මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ මෙසේය. ඔවුන් මෙම ඛණිජ පොහොර තොගයට කීවේ කාබනික පොටෑසියම් කියාය.  මෙම පොහොර තොගය ලිතුවේනියාවෙන් නැවු ගත කළ නමුත් ඒවා නිශ්පාදනය කර ඇත්තේ බෙලරූස් රාජ්‍යයේ ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මස්වැද්දන්ගේ මද්දකට හසුව රැලෙන් තනිවී හඬන වැලිකන්දේ   අලි සිඟිත්තා…

Next Post

රිමාන්ඩ් බන්ධනාගාරයේ දී ඉරාන ජාතිකයන් 12ක් වස බොයි… දෙදෙනෙක් මරු ට…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.