අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටවිරුවන්ට ඇන්දවූ අසරණයින්ගේත් රීරි හොයන හෝටල් – දේශපාලන මාෆියාව

by editor
ජූලි 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • අතිමහත් බහුතරය ගෘහසේවිකාවන්… කම්කරුවන්… රට පැටෙව්වේ කෑලි ගානට…

  • ලංකාවට වැඩිම විදේශ විනිමය ගෙනාවේ මේ මිනිස්සු… ඒ මාසෙකට ඩොලර් දෙතුන් සීය ගානෙ රටට එවපු මුදල්….

  • මේ අසරණයෙකුට රටට එන්න හෝටලකය ලක්ෂ දෙකක් ගෙවලා නිරෝධායනය කරන්න තීන්දු කරලා… සමහරවිට රටට එන්න ඉතුරු කරගත්තු සේසතම එය විය හැකියි…

මැද පෙරදිග රටවල සිට මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රි ලාංකිකයන් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබුණත් ඔවුන් මෙරටට පැමිණීමට  නම් දින 14ක අනිවාර්ය හෝටල් නිරෝධායනයකට හෝ සංචාරක ජෛව ආරක්ෂණ බුබුළ හරහා පැමිණිය යුතු බවට රෙගුලාසියක් පැනවීම හෝටල් මාෆියාවෙන් වාසි ලබන එක්තරා දේශපාලකයකුගේ තීරණයක් මත ක්‍රියාත්මක වන්නක් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් ලංකාසරට අනාවරණය කළේය.

මෙම තීරණය හේතුවෙන් මැද පෙරදිග රටවල් ගණනාවක් තම දහඩිය මහන්සියෙන් ඉපැයූ මුදලින් අවම වශයෙන් රුපියල් ලක්ෂ දෙකක් පමණ මෙම නිරෝධායන හෝටල් වෙනුනේ ඔවුන්ට ගෙවීමට සිදුව ඇති අතර මින් පෙර අවස්ථාවේ දී රජය විසින් පහසුකම් සපයන ලද නිරෝධායන මධ්‍යස්ථාන වෙත හෝ  යම් සහනශීලී ගාස්තු අය කරන විශේෂිත මධ්‍යස්ථාන වෙත යොමු නොකොට  මෙසේ හෝටල් තුළ හෝ සංචාරක ජෛව බුබුළ හරහා ඔවුන් දින 14ක් රඳවා ගැනීමෙන් මෙම දේශපාලකයන්ට  අත්පත්වන අනීතික ලාභ ගැන මේ වනවිට විවිධ කතා ඇසෙමින් තිබේ.

කොවිඩ් සඳහා ලබා දෙන එන්නත් මාත්‍රා  දෙකම ලබාගත්  පුද්ගලයන් දෙසතියකින් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණීමේදී ඔවුන්ට නිවාසවල දින 14ක් නිරෝධායනය වීමේ අවස්ථාවක් සලසා දීතිබුණි. පසුගිය පළමු වැනිදා දක්වා මෙලෙස ශ්‍රි ලාංකිකයන් මෙරටට පැමිණි  අතර මෙරටට පැමිණෙන සංචාරකයෝ ජෛව බුබුල හරහා මෙරටට පැමිණියහ.

රටට පැමිණීමේ තහනම ජාවාරමක් කරගත් හැටි

කෙසේ වුවද පසුගිය ජූනි 27 වැනිදා ශ්‍රි ලංකාවට විදේශවල සිටි පැමිණෙන ශ්‍රි ලාංකිකයන් අතුරින් කොවිඩ් ආසාදිතයන් 100 දෙනෙකු හඳුනා ගැනිණි.  මෙරටට වැඩියෙන්ම ශ්‍රි ලාංකිකයන් පැමිණෙන්නේ මැද පෙරදිග රටවලින් වන අතර එදිනට පසුදාම එනම් 28 වැනිදා  සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් මත රජය නිවේදනය කළේ මැදපෙරදිග රටවල සිට පැමිණෙන පුද්ගලයන් දින 14ක කාලයක් අත්හිටුවිමටය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සවුදි අරාබිය, කටාර්, ඕමානය, බහරේනය සහ ක්වේට් රාජ්‍යයේ සිට එන මගීන් ට මෙසේ සීමා පැනවින.  එසේ වුවද මෙම තීරණය ගත් දිනයට දිනකට පසුව එම තීරණය වෙනස් වන්නේ සංචාරක සංවර්ධන අධිකාරියේදී මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

එහිදී තීරණය වී ඇත්තේ පැමිණෙන සියලුම දෙනා වැළැක්වීම නොව මෙරට හෝටල් ක්ෂේත්‍රයට ආදායමක් ලැබෙන පරිදි මුදල් ගෙවා ආරක්ෂිත ලෙස නිරෝධායනය වීමට හැකියාවක් පවතින අයට මෙරටට පැමිණීමට අවස්ථාවක් ලබා දෙන ලෙසය.

මෙම සාකච්ඡාවෙන් පසුව එදිනම සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා විසින් ප්‍රකාශ කලේ  ශ්‍රී ලංකාවට පැමිණෙන මැදපෙරදිග වැසියන්ට හෝටල් නිරෝධායනය හෝ සංචාරක ජෛව බුබුල හරහා මෙරටට පැමිණීමට අවස්ථාව ලබා දිය හැකි බවය.

තක්සේරුවක් නෑ…

මෙම තීරණය ගැනීමේදී   මෙරටට පැමිණීමට බලාපොරොත්තුව සිටින්නේ කවුරුන්ද යන්න පිළිබඳව හෝ ඔවුන්ගේ  ප්‍රමුඛතා අවශ්‍යතාවය පිළිබඳව කිසිදු තැකිමක්   අදාළ රජයේ බලධාරීන් විසින් සිදු නොකළ  අතර මැද පෙරදිග මගීන්ට හදිසි තහනමක් ක්‍රියාත්මක කළ කොවිඩ් පාලන කමිටුව හෝ  සෞඛ්‍ය අමාත්‍යංශයද ඊට විරෝධයක් පළ කළේ නැත.

මැද පෙරදිග සිට   ශ්‍රි ලංකාවට පැමිණීම  අත්හිටුවීමට පදනම් වූයේ ජූනි 27 වැනිදා පමණක් වාර්තා වූ ආසාදිත රෝගීන් 100ක ප්‍රමාණයයි. එය සැබවින්ම  මෙම කාල සීමාවේ සෙසු දිනයන් සැලකීමේදී පස් ගුණයක පමණ වැඩි වීමකි.

ජූනි මස 23 වැනිදා විදේශවලින් පැමිණ සිටි අය  අතුරින් කොවිඩ් අසාදිතයන් වාර්තා වූයේ 22කි. 24 වැනිදා 18ක් ලෙසින්ද, 25 වැනිදා 24ක් ,සහ 26 වැනිදා 17 දෙනකු වශයෙන් ආසාදිතයන් වාර්තා විය. 27 වැනිදා පමණක් අසාමාන්‍ය ලෙස ආසාදිතයන් වැඩි වුවද අමාතයංශය මෙම තීරණය ගන්නට පෙර 28 වැනිදා වනවිට එම රෝගීන් ප්‍රමාණය 40ක් දක්වා අඩුවී තිබුණි. ඔවුන්ගේ ගමන අත්හිටුවීම වෙනුවට වෙනත් පියවරක් පිළිබඳව සලකා බැලිමට එම දත්තයද වැදගත් ය යන්න අපගේ හැඟීමය. එසේ වුවද   මේ සම්බන්ධයෙන් තවදුරටත් ගත යුතු පියවර පිළිබඳව සබුද්ධිකව නොවිමසා  සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මැද පෙරදිග සිට පැමිණෙන ගමන් අත්හිටුවීම හේතුවෙන් මෙරටට පැමි‍්ණීමට බලාපෙරොත්තුවෙන් එම රටවල සිටි පනස් දහසකට අධික පිරිසක්  වික්ෂිප්ත භාවයට පත්වූහ.

ඔවුන්ට ඊට දින දෙකකට පසුව ලද සහනය වූයේ මුදල් ගෙවා හෝටල් නිරෝධායනය මැදින් එක් අයකුට රුපියල් ලක්ෂ දෙකකට අධික මුදලක් ගෙවා තම උපන් රටේ කඩුල්ල පැන ගැනීමය.

අවාසනාව වන්නේ එන්නත් මාත්‍රා දෙකම ගත් අයට යම් සහනයක් ලබා  නොදී මෙම පුද්ගලයන්ගේ ආර්ථික හයිය ගැන කිසිදු වග විභාගයකින් තොරව ඔවුන් අනවශ්‍ය හෝටල් මාෆියාවට හසුකිරීමය.

පහසුකම් හදන්න තිබුණ අවස්ථා

ඒ වෙනුවට රජයට මැද පෙරදිග ශ්‍රමිකයන් වෙනුවෙන් විශේෂිත පහසුකමක් නිර්මාණය කිරීමට හැකියාව තිබුණි. නිදසුනක් ලෙස යුද හමුදාව හරහා කටුනායක හෝ මත්තල ආශ්‍රිතව ඔවුන් වෙනුවෙන් විශේෂිත නිරෝධායන වැඩපිළිවෙළක් හෝ  සහන මිලකට නිරෝධායන සේවාවක් ලබා දී ඔවුන්ට යම් ගෞරවයක් කළ හැකිව තිබිණි.

මේ රටට වැඩිපුරම විදේශ විනිමය රැගෙන ආවේ අති මහත් බහුතරයක් වූ ගෘහසේවිකාවන්, කම්කරුවන් ලෙස   මැදපෙරදි අන්ත දුක් විඳින අසරණ මිනිසුන්ය. ඔවුන්ගේ මාසික පඩිය බොහෝ විට ලංකාවේ මුදලින් රුපියල් හැට දහස ඉක්මවූයේ නැත. ලක්ෂ දෙකක් යනු මේ අසරණ මිනිසුන්ට මහමෙරක් තරම් මිලකි.  මේ දේශපාලකයන්    රට විරුවන් ලෙසින් අන්දවනු ලැබුවේ මේ මිනිසුන්ය. ඔවුන් ගෙනෙන ඩොලර්වලින් සුපිරි ජීප් රථ ගෙන්වීමට ණයවර ලිපි අරින අලජ්ජී හිඟන්නන් පාලනය කරන රටක මේ පෙනෙන්නේ සමාජයේ පොදු මිනිසා    පිළිබඳ ඔවුන්ගේ තක්සේරුවේ ප්‍රමාණයය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජංගම දුරකතන ඇතුළු භාණ්ඩ ගණනාවක් ආනයනය සීමා කරන්න රජය සැරසෙයි!

Next Post

විහිලුකාර ඇමතිකම් හැදූ බැසිල් සියලු සම්පත් දෙන සුරබි දෙනක් නොවේ!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.