කීර්ති ප්‍රනාන්දු –
ගාලුමුවදොර ගෝඨාගෝගමේ වැසියෝ අද සිංහල හින්දු අලුත් අවුරුදු සැමරූහ.
සර්ව ආගමික සර්ව ජාතික සර්ව පාක්ෂික මිනිස්සු එක්ව ගෝඨාගෝගමේ අවුරුදු සැමරූ හැටි මුලු ලෝකයම බලා සිටියේ අසීමිත හැඟීමකිනි.
සියලුම නැකැත් චාරිත්‍ර නිසි ලෙස සිදුකළ තැනක් වේ නම් ඒ ගෝටාගෝගමය.

ගෝඨාගෝගමේ සිංහල හින්දු අලුත් අවුරුදු උදාවන අද උදෑසන අති විශාල ජනතාවක් එක්ව සිටියහ. උදෑසන ලිප ගිනි මෙලවීමත් කිරිබත් පිසීමත් සිදු වූ අතර කැවිලි රාශියකින් සමන්විත විශාල කැම මේසයක් සූදානම් කොට තිබිණි.


එක් ස්ථානයක ප්‍රධාන වශයෙන් ගිප ගිනි මොලවද්දී ගාලුමුවදොර ගෝඨාගෝගම විරෝධතා භූමියට පැමිණි වෙනත් කණ්ඩායම් සහ පවුල් ද ඔවුන් නිවසින් ගෙන ආ ද්‍රව්‍ය භාවිත කරමින් මෙම ස්ථානයේ ලිප ගිනි මෙලවීම සහ කිරිබත් පිසීම සිදු කරනු දැකිය හැකි විය.මෙම කිරිබත් සහ කැවිලි ජනතාව අතර බෙදා දීමද සිදුවිය. ආහාර මේසය පිළියෙළ කිරීමෙන් පසුව සෑම ආගමක්ම නියෝජනය කරමින් එතැනිට පැමිණ සිටි පූජ්‍ය පක්ෂය වෙතද ඒවා පිළිගන්වනු ලැබූයේ රබන් සුරල් වාදනයද මධ්‍යයේය.

අතර ජාති කුල මල ආගම් බේදයකින් තොරව අහාර අනුභව කොට ගෝඨාභය ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස බලකරන විරෝධතාවට ඔවුහු එක්වූහ.
මීට අමතරව සිංහල අලුත් අවුරුද්දට අදාල ක්‍රීඩා සහ ක්‍රියාකරකම්වල නියැළෙන තරුණ පිරිස්ද දක්නට ලැබණි.







