බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගමට නොකරන එකා රටට කරයි ද? උද්ච්ඡ සෞඛ්‍ය ඇමතිට එරෙහිව ජිනීවා යන බව වසන්ත යාපා කියයි!

by editor
සැප්තැම්බර් 8, 2023
in පුවත්
Wasantha
Share on FacebookShare on Twitter

මහනුවර ජනතාවගේවත් විශ්වාසය ආරක්ෂා කරගන්නට නොහැකි වූ සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල වටා සිටින දූෂිත මාෆියාවට එරෙහිව රජයට බලපෑම් කරන ලෙස ඉල්ලමින් තමන් ජිනීවා මානව හිමිකම් කොමිසමට සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර  පැවසුවේය.

ඔහු අද (08) පාර්ලිමේන්තුව අමතමින් මෙසේ ද කීවේය.

මහනුවර දිස්ත්‍රික්කයෙන් අපි දෙන්නම පැමිනේන්නේ. ආණ්ඩුවෙන් 8ක් ආවා. විපක්ෂයෙන් 04ක් ආවා. දැන් මහනුවරින් ආණ්ඩුවෙන් 06යි… විපක්ෂයෙන් 06යි…

සෞඛ්‍ය ඇමතිවරයාත් මමත් ජීවත්වන මහනුවර හෘද කැතීටර  දෙක්ක තියනවා. ඒ දෙකෙන් එක්ක අද වනවිට විනාශ වෙලා. නැතිනම් අක්‍රීය තත්ත්වයට පත් වෙලා. අටදාහක්  මහනුවර මිනිස්සු බලාගෙන ඉන්නවා පොරොත්තු ලේඛණයෙ ඉඳගෙන ඉන්නවා හෙට අපට මේ හෘද සැත්කම කරගන්න පුලුවන් වේවි කියලා. අප විශ්වාසය රැකලා නෑ.

ඩිජිටල් ඇන්ජියොග්‍රැෆි මාස පහක් තිස්සේ වැඩ නෑ  මහනුවර මහ රෝහලේ. ලීලි ඇක්සලරේටර් යන්ත්‍ර රුපියල් කෝටි හැටක් ජනතා බදු මුදල් වියදම් කරලා ගෙනත් තිබුණ. පහුගිය නොවැම්බර් ඉදන් අද  වෙනකම් ඒ ලීනි ඇක්සලරේටර් යන්ත්‍ර දෙකම වැඩ නෑ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ඊඑස්ඩබ්ලියුඑල් කියන යන්ත්‍රය  වකුගඩුවල ගල් කුඩුකරන යන්ත්‍රය,  කොළඹ ජාතික රෝහලේ එක,  අද උදේ කැඩිලා. මහනුවර තියනවා. කැඩි කැඩී පාවිච්චි කරනවා. ඊලඟට තියෙන්නේ කරාපිටියේ.  මේ උපකරණ පද්ධතිය පිළිබඳ විශ්වාසය තියන්න පුලුවන් ද?

මේ පද්ධති බිඳවැටෙන්නේ ඉහ වහා ගිය දූෂණයත් එක්ක. සේවා ගිවිසුම් නැතිව තමයි මේවා ගේන්නේ. ඇයි සේවා ගිවිසුම් දාන්නේ නැත්තෙ. දැම්මට පස්සේ මිල ඉහළ යනවා. ටෙන්ඩර් මගඩිවලට හොඳම දේ තමයි සේවා ගිවිසුම් නැතිව මිල අඩු කරගන්න එක.

බෙහෙත් ගැන විශ්වාසය තියන්න පුලුවන් ද කියලා අද ඡන්ද දෙන අයගෙන් මම අහනවා. වකුගඩු රෝග සඳහා රුධිරකාන්දු පෙරණ කැප්සියුල් එක් ලක්ෂ පනස් දහසක් තිබෙද්දි හදිසි මිලදී ගැනීම් යටතේ ලක්ෂ පහක් ගත්තා.  ලක්ෂ 12ක් ඇනවුම් කළා. අවසානයේ පුස් වර්ගයක් නිසා 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුනා.

නිර්වින්දන එන්නතින් සඳුනි මධුශිකා ගැබිණි මාතාව මරණයට පත් වුනා.  ඔබතුමාට වේදිකා ගහපු පේරාදෙණිය ටවුන් එකේ කළු මාමා මැරුණා. පොත්තපිටිය මම ජීවත්න ගමේ සඳුනි ජයරත්න ඒ දරුවත් මරණයට පත් වුනා. එයාට අවුරුදු 21යි.

මම ඔබතුමාගෙන් අහන්නේ එන්.එම්.අර් එක ශක්තිමත් කළා ද.  මම හෙට ජිනීවා නුවරට ගිහින් මානව හිමිකම් කොමිසමට ගිහින් මේ ගැන පැමිණිලි කරනවා.  සෞඛ්‍ය අංශයට වටා ඇති දූෂණ වළල්ලට එරෙහිව දැඩි බලපෑම්  කරන ලෙස ඉල්ලනවා. අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරනවා.

මේ ඉන්නේ උද්ච්ච ඇමති කෙනෙක්. මේ උදච්ච ඇමතිට එරෙහිව කළ යුතු හැම විරෝධයක්ම දක්වනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චැනල් ෆෝ කියන්න පෙර  පිල්ලෙයාන්ගේ මිනීමරු ට්‍රිපෝලි කණ්ඩායම ගැන වත්මන් ජනපතිත් දැනගෙන හිඳලා… හකීම් පාර්ලිමේන්තුවේ දී කියයි!

Next Post

කෙහෙළියට එරෙහි විශ්වාසභංගය පරාදයි… වැඩි ඡන්ද 40කින් යෝජනාව විසිවෙයි!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.