කීර්ති ප්‍රනාන්දු –
දිවයිනට පහළ වායු ගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් අද (15)දිනයේ ද දිවයින පුරා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි .
අද සවස 1 න් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව පෙන්වා දෙන එම දෙපාර්තමේන්තුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව ,සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව නිවේදනය කරයි .
ගිගුරුම් සහිත වැසි සමඟ තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බැවින් එමගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගන්නා ලෙසද එම නිවේදනයේ සඳහන්වේ .
මේ අතර ඊයේ (14) පස් වරුවේ සිට ඇදහැලුණු මහ වැසි හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කෙරවල පිටිය ග්‍රාම සේවා වසමේ නිවාස 20 ක් පමණ ජලයෙන් යටවී ඇති බව ආපදා පිළිබඳ හදිසි මෙහෙයුම් මැදිරිය මගින් වාර්තා කර ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි .
එම නිවාස අඩි 2- 3 බැගින් ජලයෙන් යටවී ඇති බවත් අනවසර ඉදිකිරීම් හේතුවෙන් ජලය බැස යන කානු පද්ධති අවහිරවීම මෙම තත්ත්වය ඇතිවීමට හේතු වී ඇතැයි වත්තල පොලිසිය පවසයි








