වර්ෂ 2019 වසරේදී තමන් පැහැරගෙන ගොස් ලිංගික හිරිහැර කළ බවට කළ ප්‍රකාශය අසත්‍ය බව කියමින් එම ප්‍රකාශයක් සම්බන්ධයෙන් වරද පිළිගත් ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැරිස්ටර් ප්රැන්සිස්ට වසර 2 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර එය වසර 5 කට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ අද (14) නියෝග කළේය.
එමෙන්ම රුපියල් 5,000ක දඩයක් ද ඇයට අධිකරණය විසන් නියම කළේය.
තවද රුපියල් ලක්ෂ 20 වන්දියක් ගෙවීමට ද ගානියාට නියෝග කළ විනිසුරුවරයා, එකී වන්දි හා දඩ ගෙවීමෙන් අනතුරුව සිය අධිකරණය විසින් පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසට ආගමන විගමන පාලකවරයා වෙත නියෝග නිකුත් කරන ලෙසද දැනුම් දුන්නේය