පොහොර ලේකම් කාර්යාලය මගින් රටට ගෙන්වීමට නියමිත යූරියා ඇතුළු රසායනික පොහොර මෙට්‍රික් ටොන් 15000ක ප්‍රමාණයක් සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට අවශ්‍ය ඩොලර් නොමැති වීම හේතුවෙන් එම පොහොර තොග ප්‍රමාදවනු ඇති බව වාර්තා වේ.
රසායනික පොහොර තහනම ඉවත් කළ පසු රට තුළට යූරියා මෙට්‍රික් ටොන් 1500 පමණ ගෙන්වා ඇති බවත් ඉතිරි රසායනික පොහොර තොග සඳහා අනුමැතිය ලැබී ඇති බවත් පොහොර ලේකම් කාර්යාලය මාධ්‍යයට පවසා තිබේ.
මෙම පොහොර තොග ඉදිරි සති කිහිපය තුළ යුරෝපය සහ මැදපරෙදිග රටවලින් කොටස් වශයෙන් ලංකාවට ආනයනය කිරීමට නියමිතව තිබිණි







