යුරෝපයේ දැවැන්තම බෞද්ධ ස්තූපය බර්මින්හැම් බෞද්ධ මහා විහාරයේ ඉදිකිරීම සඳහා වන මුල්ගල් තැබීම පසුගියදා (05) ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය සහ එම කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් විසින් සිදුකර තිබේ.
රැස්වීම අමතමින් බර්මින්හැම් බෞද්ධ මහා විහාරයේ ප්‍රධානි සහ එක්සත් රාජධානියේ මිඩ්ලන්ඩ්ස් ජාත්‍යන්තර බෞද්ධ සංගමයේ සභාපති, ආචාර්ය විතාරන්දෙනිය කස්සප හිමියෝ, මෙම කටයුතු වෙනුවෙන් මහ කොමසාරිස් කාර්යාලයේ සහභාගීත්වය අගය කළහ.
මෙම අවස්ථාවේ අදහස් දැක්වූ මහ කොමසාරිස්තුමිය කියාසිටියේ ආචාර්ය විතරන්දෙනිය කස්සප හිමි විසින් බුදුන් සසුනේ දියුණුව උදෙසා සහ මිඩ්ලන්ඩ්ස් කලාපයේ අනෙකුත් ආගමික සංවාද හා සමගිය සඳහා දක්වන දායකත්වය අතිමහත් බවය.
විදේශගත ශ්‍රී ලාංකිකයන් අතර ව්‍යවසායකත්වය දිරිගැන්වීම සඳහා මහ කොමසාරිස්වරයා බ්‍රිමින්හැම්හි ව්‍යාපාරික ප්‍රජාව ද එහිදී හමුවිය.