ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ සිට ශ්‍රී ලංකාවේ ඉතිහාසය කාලානුක්‍රමික අනුපිළිවෙලින් ඉදිරිපත් කරන ලොව දීර්ඝතම නොබිඳුණු ඓතිහාසික වාර්තාවලින් එකක් වන ‘මහාවංසය’ යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් බවට ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව යුනෙස්කෝ සංවිධානය විසින් 2023 වසරේ ප්‍රකාශයට පත්කළ ලෝක මතක ජාත්‍යන්තර ලේඛනයේ නව ලේඛන උරුම 64 අතරට මහාවංශය ද ඒ අනුව ඇතුළත් කර ඇත.
“ලොව දිගම නොබිඳුණු ඓතිහාසික වාර්තාවලින් එකක් වන මහාවංසය, පරිණත ඉතිහාස සම්ප්‍රදායක් ආරම්භ කරමින්, ක්‍රි.පූ. 6 වැනි සියවසේ සිට ශ්‍රී ලංකාවේ ඉතිහාසය කාලානුක්‍රමික අනුපිළිවෙලකට ඉදිරිපත් කරමින්, ඉදිරිපත් කර ඇති බවත් මහාවංසය දකුණු ආසියාවේ එවැනි පළමුවැන්න බවත් ,” යුනෙස්කෝව පවසයි.
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සිදු කරන ලද පුරාවිද්‍යා පර්යේෂණ මගින් ලේඛනයේ දක්වා ඇති කරුණුවල සත්‍යතාව තහවුරු වී ඇති ආකාරය යුනෙස්කෝව පෙන්වා දෙයි. එය බුදුන් වහන්සේගේ ජීවමාන කාලය, අශෝක අධිරාජ්‍යයා සහ ලෝක ආගමක් ලෙස බුද්ධාගම නැගීම පිළිබඳ තීරණාත්මක තොරතුරු අඩංගු දකුණු ආසියාවේ වැදගත් ඓතිහාසික මූලාශ්‍රයකි.
අග්නිදිග ආසියාවේ බුද්ධාගම ප්‍රචලිත කිරීම පෙන්වා දීමට මෙම ලේඛනය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ අතර ඉන්දියානු ඉතිහාසයේ අශෝක අධිරාජ්‍යයාගේ අනන්‍යතාවය තහවුර කිරීමට මහාවංසය ඒකීය ලෙස දායක වූ බව යුනෙස්කෝව පෙන්වා දෙයි..







