සිකුරාදා දකුණු ලෙබනනයේදී ඊශ්‍රායලයේ සිට එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් රොයිටර් මාධ්‍යවේදියෙකු මිය ගොස් තවත් මාධ්‍යවේදීන් හය දෙනෙකු තුවාල ලැබූ බව රොයිටර් වර්තා කරයි.
අල් ජසීරා සහ ඒ.එෆ්.පී ඇතුළු මාධ්‍යවේදීන් කණ්ඩායම ඊශ්‍රායල දේශසීමාවට ආසන්නයේ අල්මා අල්-ෂාබ් අසල සේවය කරමින් සිට ඇත.
ඊශ්‍රායල හමුදාව සහ ලෙබනනයේ සන්නද්ධ හිස්බුල්ලා කණ්ඩායම් අතර දේශ සීමා අසල ගැටුම් ඇති වී තිබේ.
ලෙබනන් අගමැති නජීබ් මිකාටි සහ හිස්බුල්ලා නීති සම්පාදකයෙකු මෙම සිද්ධිය සම්බන්ධව ඊශ්‍රායලයට දොස් පවරා ඇත.
අදහස් දැක්වීම සඳහා කරන ලද ඉල්ලීමකට ඊශ්‍රායල ආරක්ෂක හමුදා වහාම ප්‍රතිචාර දැක්වූයේ නැත. එහෙත් ඊශ්‍රායලයේ එක්සත් ජාතීන්ගේ නියෝජිත ගිලාඩ් එර්ඩන් සිකුරාදා පැවති සාකච්ඡාවකදී මෙසේ පැවසීය:
“පැහැදිලිවම, අපට කිසි විටෙකත් රාජකාරියේ නියුත් කිසිදු මාධ්‍යවේදියෙකුට පහර දීමට හෝ මරා දැමීමට හෝ වෙඩි තැබීමට අවශ්‍ය නෑ… නමුත් ඔබ දන්නවා, අපි ඉන්නේ යුද්ධයක, දේවල් විය හැකියි. මේ සම්බන්ධව රටක් වශයෙන් විමර්ශනය කරන බවද ඔහු පැවසීය.
https://twitter.com/i/status/1712927628414382154







