බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුද ගිනි නිවී සාමය පිරුණු ලෝකයක් ගොඩනැගීමට බෞද්ධ දර්ශනයේ ආභාසය ලබා ගනිමු!. ජනපති එක්සත් ජාතීන්ගේ 20 වෙනි වෙසක් දින උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කරමින් පවසයි

by editor
මැයි 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

යුද ගිනි නිවී සාමය පිරුණු ලෝකයක් තුළ සියලු ජාතීන් සහ මිනිසුන් අතර සාමය, සංවර්ධනය සහ ගෞරවය ඇති කිරීමට බෞද්ධ දර්ශනයේ ආභාසය ලබා ගනිමුයි ජනාධිපති අනුර කුමාර දිසානායක  ලෝක ප්‍රජාවට ඇරයුම් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක   මේ බව සඳහන් කර සිටියේ අද (06) වියට්නාමයේ හෝ චි මිං නගරයේදී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ 20 වෙනි වෙසක් දින උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.

“මානව ගරුත්වය සඳහා සහයෝගීතාව සහ ඉවසීම : ලෝක සාමය සහ තිරසර සංවර්ධනය සඳහා බෞද්ධ අවබෝධය” යන තේමාව යටතේ පැවැත්වෙන එක්සත් ජාතින්ගේ වෙසක් සැමරුම සඳහා, ඉන්දියාව, නේපාලය, ලාඕසය සහ කාම්බෝජය යන බෞද්ධ රටවල ඉහළ පෙළේ නියෝජිතයන්ද ඇතුළුව රටවල් සහ ප්‍රදේශ 85ක් නියෝජනය කරමින් 2,800ක් පමණ පිරිසක් එක්ව සිටිති.

එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක   විසින් එහි ප්‍රධාන දේශනයද සිදු කරනු ලැබීය. යුද්ධයෙන් පසු බොහෝ අයට ඉතිරි වන්නේ ඛේදවාචකයක් සහ වේදනාවක් පමණක් බවත් එම වේදනාව වළක්වා ගත හැක්කේ සාමය සහ හික්මීම තුළින් පමණක් බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ උපයෝගී කර ගනිමින් කෙලෙස් සතුරන්ට විරුද්ධව සටන් කරන ආකාරය බෞද්ධ දර්ශනය තුළින් පෙන්වා දී තිබෙන බවත් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ එම දහම ලොව සියලු අවිවලට වඩා බලවත් බවත් ජනාධිපතිවරයා පැවසීය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක   සිදු කළ සම්පූර්ණ දේශනය මෙසේය,

“ නොපසුබට උත්සාහය, අසාමාන්‍ය අධිෂ්ඨානය, නිශ්චිත කැපවීම, උපායමාර්ගික ඉලක්කය හා අද්විතීය ප්‍රතිඵල ගෙන දෙන, වේගයෙන් සහ ආදර්ශයෙන් නැගී සිටින රටක පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කිරීමට ලැබීම සම්බන්ධයෙන් මම බෙහෙවින් සතුටට පත් වෙමි.

වසර සිය ගණනක් පුරා ඉකිබිඳිමින් හඬන්නට සිදුවන වේදනාබර අත්දැකීම් තිබියෙදී, ඒ සියල්ල පරදා ධෛර්යය සම්පන්න ලෙස නැගී සිටීමේ මාර්ගය සකස්කර ගත් විශ්මයජනක රට වියට්නාම් දේශයයි. ඉතිහාසයේ දරුණුතම රසායනික අවි ප්‍රහාරවලින් කුරිරුම අසාධාරණයට ලක් වී පන්නරය ලැබූ ඔබේ රට ලබාගත් ජයග්‍රහණ සම්බන්ධයෙන් අපට ඇත්තේ මහත් ආඩම්බරයකි. එනයින් මම ඔබේ රට අධිෂ්ඨානයේ දේශය නමින්ද හඳුන්වා දීමට කැමැත්තෙමි.

එසේම තව දින කිහිපයකින් යෙදෙන සම්බුදු තෙමගුල බුදුරජාණන් වහන්සේගේ ඉපදීම සම්බුද්ධත්වය සහ පරිනිර්වාණය සිහිපත් කරයි. වෙසක් උත්සවයට සමගාමීව පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම පැවැත්වීමට වියට්නාමය තෝරා ගැනීම අපට මහත් ආඩම්බරයක් බවද කිවයුතුය.

1999 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී වෙසක් දිනය ජාත්‍යන්තරව පිළිගත් දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට යෝජනා කෙරිණි. එම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ හිටපු විදේශ අමාත්‍ය දිවංගත ලක්ෂ්මන් කදිරගාමර් මහතායි. ඉක්බිතිව එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය විසින් ජාත්‍යන්තර වෙසක් දිනය ප්‍රකාශයට පත් කර ක්‍රියාත්මක කරනු ලැබීය. ඒ සඳහා ඉදිරිපත් වු බෞද්ධ සහ බෞද්ධ නොවන ජනතාව අප මෙහිදී කෘතඥතා පූර්වකව සිහිපත් කරන්නෙමු.

ශක්තිමත් සමාජයක බලය බෙදී යන්නේ සමානාත්මතාවයෙන් යුතුවය. සමානාත්මතාවය නොමැතිව ගොඩනැගෙන්නේ යුද ලෝකයකි. වසර 2500ක බෞද්ධ ඉතිහාසය තුළ සමානාත්මතාවය පිළිබඳ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය මැනවින් පෙන්නුම් කර තිබේ. මැදුම් පිළිවත පිළිබඳව උන්වහන්සේගේ ඉගැන්වීම අද ලෝක තලයේ ප්‍රායෝගික යථාර්ථයක් වී ඇත. එසේම සමානාත්මතාවයේ ජීවමාන සාක්ෂියක් ලෙස වියට්නාමය හඳුන්වා දිය හැකිය. මෙවර එක්සත් ජාතීන්ගේ වෙසක් දිනයේ තේමාව වන්නේද සමානාත්මතාවයයි.

අප මේ කතා කරන මොහොතේදී පවා ලෝකයේ කොතැනක හෝ මානව ශිෂ්ටාචාරයට එරෙහිව යම් යම් දේ සිදු වෙමින් පවතී. එසේම දහසක් අවිවලින් මූණිස්සන් පිට වෙයි. යුද්ධය ගැන කිසිවක් නොදන්නා කුඩා දරුවන් දස දහස් ගණනින් ඒවායේ ගොදුරු බවට පත් වෙයි. මේ හේතුවෙන් කාන්තාවන්ට ස්වාමිපුරුෂයන්, දෙමාපියන්ට දරුවන්, දරුවන්ට දෙමාපියන් අහිමිවී යයි. මේ ආකාරයෙන් බලන කල යුද්ධය නිසා මිනිස් ශිෂ්ටාචාරය ජයග්‍රහණවලට වඩා විනාශය ළඟා කරගෙන තිබේ. යුද්ධයෙන් පසු බොහෝ අයට ඉතිරි වන්නේ ඛේදවාචකයක් සහ වේදනාවක් පමණි. වසර තිස් ගණනක යුද්ධයෙන් වේදනාවට පත් ජාතියක් ලෙස අපටද එහි අත්දැකීමක් තිබේ. මෙවන් ඛේදවාචකයක වේදනාව වළක්වා ගත හැක්කේ සාමය සහ හික්මීම තුළිනි. එය අවබෝධ කරගන්නා තාක් අපට හිමිවන්නේ ඛේදවාචකයන් සහ වේදනාවන් පමණි.

මෙවන් අවධියක සාමයෙන් සහ හික්මීමෙන් කටයුතු කිරීමේ අගය මීට වසර 2500කට පෙර අප ගෞතම බුදුරජාණන් වහන්සේ අනු දැන වදාළහ. එහි වටිනාකම් ශ්‍රී ලාංකේය ජාතිය ලෙස අප උකාහ ගත්තෙමු. මා පිය – දූ දරු සබඳතා ඥාති හිතවත් සබඳතා ගුරු – සිසු සබඳතා පොහොසත් ලෙස අප රටට හිමිව තිබේ. තමන්ගේ රුධිරය තවත් කෙනෙකුගේ ජීවිතයක් බේරා ගැනීමට ලබා දීම අපේ රටේ මිනිස්සු සලකන්නේ දානයක් ලෙසයි. මේ ආකාරයට රුධිරය දානයක් ලෙස ලබා දෙන ලෝකයේ වෙනත් කිසිදු රටක් පිළිබඳව මා දන්නේ නැත. එසේම ඇස් දන් දීම මගේ රටේ ජනතාව සිදු කරයි.

මේ අනුව බුදු දහමේ සඳහන් දානය යන සංකල්පය අපේ රට බොහෝ සමීප ලෙස ලබා ගෙන තිබේ. වසර 2500කට වැඩි අඛණ්ඩ ඉතිහාසය පුරාවට බුදු දහම අවිහිංසාවේ මූලධර්ම ඔස්සේ විහිදී තිබේ. දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ ලබා දුන් දහම් පණිවිඩය අදටත් වටිනාකම් මුවහත් වෙමින් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතී. බුදුන් වහන්සේ අපට පෙන්වා දුන් මාවතක් තිබේ. මානව ශිෂ්ටාචාරයට ඛේදවාචකයක් ඇති කරන මාවතට වඩා, බුදු දහමින් පෙන්වා දුන් මාවත බෙහෙවින් වෙනස් වූවකි.

බුදුන් වහන්සේ දේශනා කළ මාවතේ ඉදිරියට ගමන් කරද්දී කෝපය, ඊර්ෂ්‍යාව, වෛරය, ද්වේශය මෝහය වැනි කෙලෙස් සතුරන්ට විරුද්ධව සටන් කිරීමට අවශ්‍ය අවි බුදුරජාණන් වහන්සේ විසින් අපට දේශනා කර තිබේ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ උපයෝගී කර ගනිමින් කෙලෙස් සතුරන්ට විරුද්ධව සටන් කරන ආකාරය බෞද්ධ දර්ශනයට තුළින් පෙන්වා දී තිබේ.

මෙම අවිය සියලුම ජන ඝාතක අවිවලට වඩා බලවත් බව කිව යුතුයි. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ කෙලෙස් සතුරන්ට පහර දෙන දහමකි. යුද්ධයේ මාවත තෝරා ගැනීමෙන් ලේ කඳුළු මතින් විශාල ඛේදවාචකයකට සහ කලකිරීමකට පත් වීමට සිදු වෙයි. නමුත් සාමයේ මාවත තෝරා ගැනීම තුළින් බුදු දහම අවබෝධ වනු ඇත.

එසේම බුදු දහම යමෙකුගේ ජීවිතයට කොතරම් බලපානවාද යන්න අශෝක අධිරාජ්‍යයාගේ පාලනයෙන් අපට ඉගෙන ගත හැකියි. එම පාලන සමය රණ බෙර හඬ වෙනුවට දහම් බෙර හඬ ඇසුණු යුගයක් බවට පත් විය. කලක් යුද්ධයේ ආස්වාදය ලැබූ පිරිස් මෛත්‍රිය ආස්වාදය ලැබීම ආරම්භ කළේය. වරක රෝහිනී නදියේ ජලය බෙදා ගැනීමේ සිදුවීමේදී ශාක්‍යයයින්ට යුද්ධයට වඩා සාමයේ වටිනාකම පෙන්වා දීම සඳහා බුදුරජාණන් වහන්සේ කපිල වස්තුපුරයට වැඩම කළහ. ඒ අනුව බුදු දහම මගින් සෑම විටම යුද්ධයට වඩා සාමයේ ඇති වටිනාකම පෙන්වා දෙනු ලැබිණි.

වර්තමාන ලෝකය විශ්ව ගම්මානයක් බවට පත්වී ඇති මේ මොහොතේ කරුණාව, සාමකාමී බව, ඉවසීම යන කරුණුවලට මුල් තැන දී කටයුතු කිරීමේදී ගැඹුරු දහමක් වූ බුදු දහමේ ඉගැන්වීම් මහගු දායකත්වයක් සපයයි. ශාස්තෘන්වහන්සේ නමක් ලෙස බුදුන් වහන්සේ ලබා දුන් හික්මීම සහ ප්‍රකාශනයේ නිදහස කෙතරම්ද යත් උන් වහන්සේ තමන්ගේ ඉගැන්වීම් නැවත නැවතත් ප්‍රශ්න කිරීමත් එමඟින් ධර්මයේ යථාවබෝධය ලබා ගැනීමටත් දිරිමත් කරනු ලැබීය.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බුදු දහම අවබෝධයෙන් ලැබිය හැකි දහමක් ලෙස හැඳින්විය හැකිය. බුදුන් වහන්සේ අනු දැන වදාළ දහම අනුව යමින් වර්තමානයේ ධර්මප්‍රචාරයේ යෙදෙන භික්ෂූන් වහන්සේ විසින් සමානාත්මතාවයේ පණිවිඩය ලොව පුරා රැගෙන යනු ලබයි. එම පණිවිඩය තුළ ගැටුම්, කලකෝලහල, ලේ වැගිරීම් හෝ වෙනත් දඬුවම් පැමිණවීමක් නොමැත. එය සාමයේ මාවතයි.

වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවත් අවෛරයෙන් වෛරය සංසිඳෙන බවත් බුදු දහමේ ඉගැන්වෙයි. ලෝක සාමය උදෙසා දේශනා කළ මුල්ම ශාස්තෘවරයා වන්නේද බුදුවන් වහන්සේයි. උන් වහන්සේගේ උපදේශය වූයේ තමා තමන් කෙරෙහි විශ්වාස තැබීමේ පණිවිඩයයි. මේ අනුව බෞද්ධ දර්ශනය ජීවිතයට ගැඹුරු මාර්ගෝපදේශ සපයනු ලබයි.

අප සතු සම්පත් හා හික්මීම පිළිබඳව සිඟාලෝවාද සූත්‍රයෙන් බුදුන් වහන්සේ දේශනා කළහ. උපයාගත් දනය පරිභෝජනය කළ යුතු ආකාරය සිඟාලෝවද සුත්‍රයේ දක්වා ඇති අතර එක් කොටසක් පරිභෝජනය සඳහාත්. කොටස් දෙකක් ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහාත්, සිවුවැනි කොටස අනපේක්ෂිත අවස්ථාවලදී භාවිතා කිරීම සඳහා වෙන් කරනු ලබයි.

බුදුන් වහන්සේ රාජ්‍ය පාලනය සම්බන්ධයෙන්ද මාර්ගෝපදේශ සපයනු ලැබීය. මානව අයිතිවාසිකම් රැකීම වෙනුවෙන් රාජ්‍ය පාලනයේදී රටේ අපරාධ මර්දනය කිරීම , රටේ ආර්ථික අවස්ථා ඇති කිරීම, ධාර්මික ප්‍රතිපත්තිවලින් රට පාලනය පිළිබඳ බෞද්ධ දේශපාලන දර්ශනයක් පාලකයන්ට ලබාදී තිබේ. “රටක පළමු පුරවැසියා වන පාලකයා , රජු දැහැමි වුවහොත් සියලු ජනයා සුව සේ ජීවත් වනු ඇත” යන පණිවිඩය බුදුන් වහන්සේ අනු දැන වදාළ ධර්මයයි.

රාජ්‍ය පාලනයේදී වැදගත් දස රාජ ධර්මයේ අගනා සංකල්ප රැසක් බුදු දහම මගින් අපට පෙන්වා දෙයි. මේ හේතුවෙන් සමස්ත බුදු දහම යනු සාමයේ සහ සමානාත්මතාවයේ පණිවිඩය අන්තර්ගත දහමක් ලෙස මම විශ්වාස කරමි. ලෝකයේ සියල්ල අනිත්‍ය බව බුදුන් වහන්සේ දේශනා කර ඇත.

සියලු බුදුවරු දේශනා කර ඇති එක් ගාථා රත්නයක් තිබේ.

“සබ්බ පාපස්ස අකරණං – කුසලස්ස උප සම්පදා
සචින්ත පරියෝ දපනං – ඒතං බුද්ධාන ශාසනං

එහි සරල අර්ථය වන්නේ සියලු පව්වලින් වැළකීම, කුසල් ඉපදවීම, තම සිත පාලනය කරගැනීම යන කරුණු සියලු බුදුවරු වදාළ දේශනාව බවයි.

ශ්‍රී ලංකාව සහ වියට්නාම ඈත අතීතයේ සිට සමීප සහ අන්‍යොන්‍ය වශයෙන් සබඳතා පවත්වන රටවල් දෙකකි. වර්තමානය වන විට එය තවත් ශක්තිමත් වී තිබේ. මම ඊයේ දිනයේදී බායි ඩිං විහාරස්ථානයේදී ශ්‍රී ලංකාවට අනන්‍ය ලෙස නිර්මාණය කළ බෝධි ප්‍රාකාරය විවෘත කළෙමි. එම ප්‍රාකාරයෙන් ආවරණය වී ඇත්තේ 2023 වසරේදී ශ්‍රී ලංකාවෙන් වියට්නාමයට වැඩම කරන ලද ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අංකුරයකි.

මෙලෙස බුදු දහමින් පෝෂණය වූ අප, යුද ගිනි නිවී සාමය පිරුණු ලෝකයක්, ආදරෙන් පිරුණු සමාජයක් සහ කරුණාවෙන් පිරුණ ජීවිතයක් වෙනුවෙන් මෙන්ම සියලු ජාතීන් සහ සියලු මිනිසුන් අතර සාමය, සංවර්ධනය සහ ගෞරවය ඇති කිරීම සඳහා බුදුන් වහන්සේ අනු දැන වදාළ දහමෙහි සහ බෞද්ධ දර්ශනයේ අභාසය ලබා ගනිමුයි මම සියලුදෙනාට ඇරයුම් කරමි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොරවට වැටුණු මැතිවරණ පොල්ල ඉවත් වේ… පොරෝ කෙටි උරේ එල්ලාගත් ආදිවාසීහු පෝලිමේ ගිහින් ඡන්දය දමති!

Next Post

ජනපති අනුර ගැන අවමන් සහගත සාවද්‍ය ප්‍රකාශයක් කළ බව කියන තුසිත හල්ලොලුව හෙට උදේ CID වෙත කැඳවයි..

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.