බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුක්තියෙන් අමුඩය ගසාගත් රටක ඇත්ත කතාවේ සංක්ෂිප්තය… ෂාරාස් බාසික් නිදොස් කොට නිදහස්!

Highlights potential issues within the justice system and raises concerns about the conduct of law enforcement officers

by editor
මාර්තු 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

ෂිරාස් බාසික් නිදොස් කොට නිදහස්ය. බාසික් ගැන නොදන්නෝ නොවෙති. ඔහු මේ රටට සියඹලා ගෙනා කෙනෙක් නොවේ. එය රටත් දනී. පොලිසියත් දනී. එහෙත් පොලිස් ගුඩ්ඩන් මෙවැනි කාලකන්ණි මත්ද්‍රව්‍ය ජාවාරමුන් විෂයෙහි අතිශය අතාර්කික කරුණුමත සාක්ෂි ගොනුකර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණයත් අපහසුතාවයට ලක් කළ ඉතිහාසයක් තිබිණි.

ඊයේ සිදුවන සිරාන් බාසික් ගේ සිද්ධියත් එසේය. ඊයේ සිරාන් බාසික් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න නියෝග කරන්නේ විශ්වාස කළ නොහැකි තරම් අතාර්කික සාක්ෂි පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් කළ පොලිස් ගුඩ්ඩන් දෙදෙනෙක් නිසාය. සිරාන් බාසික් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණයට සිදුවූ ආකාරය දිවයින පුවත්පත වෙනුවෙන් ඒ.ජේ.අබේනායක වාර්තා කර තිබුණි.

ඒ මෙසේය.

වැටලීම සිදුකළේ යැයි කියන පොලිස් මත්ද්‍රව්‍ය නාශක  කාර්යාංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනා ලබාදුන් සාක්‍ෂිවල පැවැති බලවත් පරස්පරතා නිසා එම සාක්‍ෂිවල  විශ්වාසනීයත්වය සම්පූර්ණයෙන් ම දෙදරා ගොස් ඇති බවට  තීන්දු කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න  හෙරොයින් ග්‍රෑම් 453 ක ප්‍රමාණයක් සන්තකයේ තබා  ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවලින් ප්‍රධාන පෙළේ  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි කියන මොහොමඩ් ෂිරාස්  බාසික් නමැත්තා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග  කළේය.

මොහු 2011.01.11 වැනිදා කිරුළපන එඩ්මන්ටන් නිවාස  සංකීර්ණය අසල දී අත්අඩංගුවට ගත් බව පැමිණිල්ලෙන් කියැවිණි. ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ එහි තනිව රැඳී  සිටිය දී බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස්  පරීක්‍ෂක හිරියාදෙණිය හා එවකට පොලිස් කොස්තාපල්වරයකු වූ රත්නසිරි දිවුරුම් පිට සාක්‍ෂි ලබාදෙමින් අධිකරණයට  පවසා තිබිණි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කෙසේ නමුත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි  ජ්‍යෙෂ්ඨ නීතිඥ වසන්ත පිටිගල  හරස් ප්‍රශ්න ඇසීමේදී  එකී විත්තිකරු අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ පාසල්වියේ  පසුවන දරුවකු සමග සිටිය දී බවට මේ වනවිට උප පොලිස්  පරීක්‍ෂකවරයකු ලෙසට උසස්වීම් ලබා ඇති රත්නසිරි  අධිකරණය හමුවේ සාක්‍ෂි ලබාදී තිබිණි.

සිය පෞද්ගලික  ඔත්තුකරුවකු විසින් ලබාදුන් දුරකථන ඇමතුමක් අනුව  එම වැටලීම සංවිධානය කළ බව පොලිස් පරීක්‍ෂකවරයා  අධිකරණය හමුවේ සාක්‍ෂි ලබාදී තිබූ නමුත් ඔහු සඳහන් කළ  දුරකථන අංකයට එයට වසර 1 1/2 කට පමණ පෙර විසන්ධි  කර තිබූ දුරකථන අංකයක් බවට සාක්‍ෂි සහිතව විත්තිය අධිකරණයට සනාථ කළෙන් පැමිණිල්ල පවා එය පිළිගෙන තිබිණි.

එම විත්තිකරු අත්අඩංගුවට ගත් පසු ප්‍රකාශ සටහන් කිරීමකින් තොරව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තමාට සිදුවූ අතපසුවීමක් නිසා මෙම පොලිස් පරීක්‍ෂකවරයා  අධිකරණය හමුවේ දී පිළිගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් විත්තිකරුවකුට වධහිංසා පැමිණවීමේ චෝදනාවට කුරුණෑගල මහාධිකරණය විසින් තමා වරදකරු  කරනු ලැබූ අයෙකු බවට ද පොලිස් පරීක්‍ෂකවරයා අධිකරණය  හමුවේ පිළිගෙන තිබිණි. තමාට එරෙහිව කිසිදු අධිකරණයක්  හමුවේ නඩු කටයුත්තක් නොපැවැති බවටත් තමා කිසිම  අධිකරණයක් විසින් වරදකරුවකු කර දඬුවමට ලක් නොවූ  අයකු බවටත් උප පොලිස් පරීක්‍ෂක රත්නසිරි අධිකරණය  හමුවේ මුලින් සාක්‍ෂි ලබාදී තිබූ නමුත් විත්තියේ නීතිඥවරයා  නැඟූ හරස් ප්‍රශ්නවල දී කුරුණෑගල මහාධිකරණය විසින් ම  තමා වරදකරුවකු බවට තීන්දු කොට අත්හිටවූ සිරදඬුවම්  නියම කර තිබූ බව හෙතෙම පිළිගෙන තිබිණි.

මෙවැනි ලෙස  විටෙන්විට අසත්‍ය සාක්‍ෂි ලබාදෙන ලද පොලිස් නිලධාරීන්  දෙදෙනකුගේ සාක්‍ෂි මත විත්තිකරු වරදකරු කිරීම නුසුදුසු  බවට නිගමනය කළ විනිසුරු මංජුල තිලකරත්න   විත්තියේ සාක්‍ෂි කැඳවීමකින් තොරව ම එම විත්තිකරු  නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.

පොලිසියේ අති ජඩකම නිසාම  නිදොස්වන  බාසික්  මීට පෙරත් අත් අඩංගුවට ගෙන  පැවරූ සියලුම නඩුවලින් නිදහස් වී සිටියේය. මෙම නඩුව ඉතිරි වී තිබිනි. එය අසනවිට ඔහු රටින් පැනගෙන ඩුබායිවල ඉන්නේය.  සාක්ෂි විභාගය පැවැත්වූයේ   ඔහු නොමැතිවය.

basic
බාසික් ගේ අතාර්කික වත්කමක් වූ අනවසර ඉදිකිරීක් ලෙස සලකා ජනවාරි 01 දා වෙරළ සංරක්ෂණය හා එක්ව සෝල් බීච් හෝටලය කුඩු කරන පොලිසිය…

පොලිසියේ නඩුවලින් නිදහස්ව සිටියත් පොලිසිය තවත් කියන්නේ බාසික් ඩුබායිවල සිට මත්කුඩු ජාවාරම පවත්වාගෙන යන අපරාධකරුවෙක් බවය. යුක්තිය මෙහෙයුම මේ අවුරුද්දේ වැඩ පටන් ගත්තේත් බාසික් ගේ යැයි පැවසුන වැල්ලවත්ත සෝල් බීච් හෝටලය කුඩු කරමිනි. ඊට පෙර  ඔහුගේ අතාර්කිකව වත්කම් ලෙස හඳුනා ගත් දේපල කීපයක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අපරාධ මූල්‍ය කොට්ඨාසය විසින් තහනම් කර තිබිණි.  ඔහුට අයත් වැල්ලවත්තේ හෝටලයක් ද අපරාධ මූල්‍ය කොට්ඨාසය විසින් තහනම් කළේය. එමෙන්ම සිරාන්  බාසික්ගේ පුතා විසින් භාවිත කළ සුඛෝපභෝගී වාහන දෙකක් ද තහනම් කිරීමට කටයුතු කෙරිනි.

තේරුම් ගත නොහැකි වඳුරු කුණුහරපය පාරේ යන කොල්ලන් අල්ලාගෙන කුඩු පැකට් දමා අවුරුදු ගණනට ඇතුළට දාන පොලිසියට කුඩු ටොන් ගණනින් ගෙනෙන බව පොලිසියම කියන  මේ අපරාධකරුවාට එරෙහිව නඩුවක් දමා ගැනීමට නොහැකි වීමය. මේ සියල්ල ඇතුලාන්තය විමර්ශනය කළ යුතු වන්නේ මේ පෙනෙන්නේ මේ රටේ කුඩු පාතාලය හා පොලිසිය එකගෙයි කන ආකාරය බව මේ රටේ සබුද්ධික මිනිස්සුන්ට පේන නිසාය.

මේ ආකාරයෙන්ම ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටිය දී අභියාචනාධිකරණයෙන්  නිදොස් කොට නිදහස් කළ  කුඩු පාතාලයෙක් ගැන අපට මතකය. වර්ෂ 2015 දී පකිස්ථානයේ සිට අල්ලාගෙන ලංකාවට රැගෙන පැමිණි මොහොමඩ් සිද්ධික් නිශ්ඡිත දඬුවමක් විඳිමින් සිටිය දී අභියාචනාධිකරණයෙන් නිදොස්කොට නිදහස් වන්නේ මෙවැනිම නඩු පැවරීමේ තාක්ෂණික දෝෂයකිනි. ඔහු දැන් රටින් පිටය.

අප ජීවත්වන්නේ  මහා පාරිමාණ අපාරාධකරුවන් නඩුවලින් නිදහස්වන රටින් අතුරුදහන්වන ඉතිහාසයක් ඇති රටකය.  තෝරාගත් අපරාධකරුවන් ආයුධ පෙන්වන්නනට රැගෙන ගොස් පොලිසිය අතින් ඝාතනය වන රටකය. මේ තෝරාගත් අපරාධකරුවන් ඝාතනය වන්නේත් පාතාලයේ කොන්ත්‍රාත් මතද යන්න පිළිබඳව මෙතෙක් සංවාදයක් ගොඩනැගී නැත.  වොඩ් ප්ලේස් කුඩු සියාම්ගේ මස්සිනා මොහමඩ් මුබාරක් මොහමඩ් මුජාහිඩ් ය. මුජාහිඩ් ගැන මේ රටේ මත්ද්‍රව්‍ය කාර්යාංශය දන්නේ අදක ඊයක සිට නොව, සියාම් කුඩුත් සමග මාට්ටුවන වකවානුවේ සිටය. ඔහු මත්කුඩු ජාවාරම් කරන බව මේ අපරාධ අංශ නොදැන සිටියේ නැත. එහෙත් ඔහු කලක් තිස්සේ මේ රටේ ප්‍රභූවරයෙක් මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයෙක් ලෙස සමාජයේ ඉහළම තලයන් ඇසුරෙහි ගොඩනැගෙන්නේ ඔවුන්ගේ ඇස් ඉදිරිපිටය.   ‘පරාවර්තනය’ සහ ‘සෙල්වම්’ චිත්‍රපට දෙක නිෂ්පාදනය කරමින් කලා කටයුතුවලටද සම්බන්ධව සිටි මෙම පුද්ගලයා සිලෝන් ටී සන්නාමයෙන් මත්කුඩු ඕස්ට්‍රේලියාවට යැවීමේ ජවාරමක් සම්බන්දව ඇමරිකානු බුද්ධි අංශ ලබා දුන් තොරතුරක් මත කළ මෙහෙයුමක දී මුළුමනින්ම  නිරුවත් වන්නේය.  එහෙත් ඔහුව අත් අඩංගුවට ගැනීමට යනවිට මොහොමඩ් මුජාහීඩ් ලංකාවේ සිටියේ නැත.

අප දන්නා කංජිපානි ඉම්රාන් ද එසේය. ඩුබායි සිට කරනම් ගසා ගෙන්වා අධි ආරක්ෂිත බන්ධනාගාරයේ අවුරුදු දෙකක් තබාගෙන සිට ඇප මත නිදහස් වී දින තුනක් යනවිට ඔහු රටේ නැත.

තුප්පහි ජාවාරම්කරුවන්ගේ සාක්කුවට වැටී උන්ව නිදොස් කරවමින් උන්ගේ අසරණ ගොදුරු බවට පත් වු ගමේ ගොඩේ    කොල්ලන් කුරුට්ටන් හිරගෙවල්වල ගාල් කර කුඩු තුරන් කිරීමට මෙහෙයුම් දියත් කරන්නට හදන මේ ෂෝ වලින් දැන් ගැලරියවටවත් ත්‍රිල් දෙන්නට බැරිය.

සියල්ල හරහා අපට වැටහෙන දෙයක් ඇත. අප ජීවත් වන්නේ යුක්තියෙන් අමුඩය ගහගත් රටක බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ප්‍රගතිශීලීව කටයුතු කරනවා නම් ජවිපෙ බලයට ගේන්න වැඩ කරන්නත් සූදානම්… මහාචාර්ය මැදගොඩ අබයතිස්ස හිමියෝ කියති!

Next Post

සමූහ ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයන්ගේ අවසන් කටයුතු මේ සතියේ… ඝාතන සැකකරු 28 දා තෙක් රක්ෂිත බන්ධනාගාරයට…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.