දිනසේන රතුගමගේ-
යාපනයේ කෝපායී උරුම්පිරායි ළමා නිවාසයේ දැරියන් තුන් දෙනෙකු ඊයේ (21) සිට අතුරුදහන් වී ඇති අතර ඔවුන් සෙවීම සදහා කෝපායී පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කොට තිබේ.
අතුරුදහන් වූ මේ දැරියන් තුන් දෙනා වයස අවුරුදු 14, 15 සහ 16 වයස්වල පසුවන දැරියන් වෙයි.
මේ දැරියන් තුන් දෙනා යාපනය මුලතිව් හා කිළිනොච්චිය යන පළාත් වලින් ළමා නිවාසය වෙත පැමිණි දැරියන් තිදෙනෙකි.
කෝපායී පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යයි.







