දිනසේන රතුගමගේ –
යාපනයේ මාදගල් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය අලෙවි කරණ පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහුගේ ගෙවත්තේ වළ දමා තිබූ හෙරොයින්, කේරලගංජා ඇතුලු තවත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් හා කඩු කිණිසිස ඇතුලු ආයුධ කීපයක්ද ඉලවාලී පොලීසිය විසින් ඊයේ (28) සොයා ගෙන තිබේ.
මේ පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව වෙනත් අපරාධ වලට සම්බන්ධ බවට පොලීසිය විශ්වාස කරන අතර කඩු කිණිසි ඇතුලු ආයුධ වළදමා තිබීම පිළිබදව පොලීසියට විශාල සැකයක් හටගෙන තිබේ.
සැකකරුගේ නිවසින් එම ද්‍රව්‍ය හමු වීමෙන් පසුව පොලීසිය ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට නම් ගම් හෙළි වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකුව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මේ පිරිස ඉතා සංවිධානාත්මකව යාපනයේ අපරාධ සිදු කරන්නට ඇති බවට සැකකරණ පොලීසිය පසුගිය දිනවල යාපනයේ සිදු වූ අපරාධ ඇතුලු මංකොල්ලකෑම් සම්බන්ධයෙන් ඉතා සියුම් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරුවන් තුන් දෙනා මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කොට රඳවා ගැනීමේ නියෝගයක් ලබාගෙන ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරගෙන යයි.







