දිනසේන රතුගමගේ
යාපනයේ පාසල් සිසුන් ලිංගික අපයෝජනයන්ට ලක් කොට ඒවා වීඩියෝ කොට අලෙවි කරන කල්ලියක් අත් අඩංගුවට ගැනීමට යාපනය පොලීසිය මෙහෙයුමක් දියත් කොට තිබේ.
යාපනය පොලීසියට ලැබී ඇති තොරතුරු වලට අනුව මෙම අපයෝජනයන්ට ගොදුරු කර ගනු ලබන්නේ වයස අවුරුදු 14 ත් 17 ත් අතර පිරිමි ළමුන්ය.
මෙම කල්ලිය ක්‍රියාත්මක වන්නේ යාපනය නගරයට පිටස්තර ගම්බද පාසල් සිසුන් ඉලක්ක කරගෙන බවටද මේ වන විට ඉතා රහසිගත ඔත්තුවක් ඔස්සේ පොලිසිය වෙත තොරතුරු ලැබී තිබේ.
මුදල් ලබා දෙන බවට රවටා පාසල් සිසුන්ව ලිංගික අපයෝජනයන්ට ලක් කරන මේ පිරිස අපයෝජනයට ලක් කළ සිසුන් කීප දෙනෙකු පිළිබදව ද තොරතුරු පොලිසියට ලැබී තිබේ.
එමෙන්ම මෙම කල්ලිය විසින් වීඩියෝ කරන ලද දර්ශන කීපයක් යාපනයේ ප්‍රදේශ කීපයක් පුරා සංසරණය වන බවටද තොරතුරු ලැබී තිබේ.
මීට වසර ගණනාවකට පෙර යාපනයේ පුංගුඩුතීව් විද්‍යාලයේ ඉගෙණුම ලැබූ විද්‍යා දැරිය සමූහ දූෂණයකට ලක් කරණු ලැබුවේද ලිංගික දර්ශ්න විදේශ රටකට අලෙවි කිරීමේ වුවමනාව මත බවට සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පිරිස අධිකරණයට ප්‍රකාශ කොට තිබුණි.