දිනසේන රතුගමගේ
යාපනය නගරාධිපතිවරයාට එල්ල කොට ඇති චෝදනා පදනම් විරහිත නිසා ඔහුගේ සේවය ගැන සැලකීමක් කොට ඔහුට සමාව දිය යුතු යැයි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ඊයේ ( 9 ) ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ.
ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට පැවසුවේ තමන් ජනාධිපතිවරයා සමග මේ ගැන දීර්ඝව සාකච්ඡා කළ බවයි.
නගරාධිපතිවරයා යාපනයට විශාල සේවයක් සිදු කරන බවට තිබූ විශ්වාසය මත තමන්ද තම පක්ෂයද ඔහුට නගරාධිපතිවරයා වීමට බොහෝ උදව් කළ බව අමාත්‍යවරයා සදහන් කළේය. එසේම මනිවන්නන් මහතා යාපනය නගර සභාව තුළ සිදුව තිබූ දූෂණ ඉවත් කරමින් යාපනය නගරයම ඉතා පිරිසිදුව තබා ගැනිමට විශාල වෙහෙසක් දැරූ බවද අමාත්‍යවරයා පැවසීය.







