බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යහපත් යාලුවෙක් හොයා ගන්න… ධම්මික නිරෝෂන්ගේ ඝාතනය අපට කියන්නේ ඒ කතාවය!

by editor
ජූලි 20, 2024
in පුවත්
Dhammika-Niroshan

19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ සුපර් ලීග් වටයේ පළමු ඛාන්ඩය නියෝජනය කරමින් ශ්‍රි ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර 2002 ජනවාරි මස 31 දින ක්‍රිස්ට්චර්ච්හි පැවති තරගයේ ධම්මික නිරෝෂන් ඇල්සින්ඩර් හෝල්ඩර්ට පන්දු යැවූ අවස්ථාව... ඔහු එම තරගය නිමා කරන්නේ පන්දු ඔවර 10 තුළ ලකුණු 36ට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ කඩුළු 03ක් බිඳ හෙළමිනි.

Share on FacebookShare on Twitter

හිටපු ශ්‍රි ලංකා 19න් පහළ කණ්ඩායමේ නායක ධම්මික නිරෝෂණ ඝාතනය සම්බන්ධව මේ වනවිට සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

විමර්ශන තොරතුරු සම්බන්ධව අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙක් ඊයේ (19) අත්අඩංගුවට ගත් බවය.

“. ඔහු වයස අවුරුදු 37ක පුද්ගලයෙක්. ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ ඝාතනය ට තියුණු ආයුධකුත් පාවිච්චි කරලා තියෙනවා. තියුණු කැපුම් තුවාලත් මේ මියගිය පුද්ගලයාගේ ශරීරයේ තියෙනවා. මන්නයකින් පහර එල්ල කරලා ඇති බවට තමයි තෙරතුරු අනාවරණය වෙලා තියෙන්නේ. ”

වෙඩික්කරු ඝාතනය සිදුකර පැය 24ක් ඇතුළත ඝාතකයා අත් අඩංගුවට ගෙන ඇත. ඝාතනය සඳහා භාවිතා කළ ගිනි අවිය සමග ඊයේ තවත් සැකකරුවෙක් අත් අඩංගුවට ගෙන තිබේ. ඝාතනයට සම්බන්ධ බව කියන කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවක් ද අත් අඩංගුවේය.

දැන් යළිත් අප ඉදිරියේ ඇති කතාව ධම්මික නිරෝෂණ ඝාතනය ඒ සිද්ධි සමුදායෙන් එළියට ගොස් විමසා බැලිය යුතුව තිබේ.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මින් පෙර ලියා තැබූ ආකාරයටම ධම්මික නිරෝෂණ යනු එක් අවධියක රට ආකර්ශනය කළ විශිෂ්ට තරුණයෙකි. ජාතික නායකත්වයක සෙවනැල්ල සහිතව ගොඩනැගෙන තරුණ ක්‍රීඩකයෙකි. ධම්මික නිරෝෂන් හඳුවන්වූයේ ජොන්ටි නමිනි. ඒ එකල ලෝකය මවිත කළ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වූ දකුණු අප්‍රිකාවේ ජොන්ටි රෝඩ්ස් ක්‍රීඩා කළ විලාශයේ හැඩයක් ධම්මික නිරෝෂණගේ ක්‍රීඩා විලාශයේ තිබුනු බැවිනි. තේරුම් ගත යුත්තේ එය පාතාලයට ආතල් දුන් නමක් නොවන බවය. ප්‍රශස්ථ ක්‍රිඩා කෞෂල්‍ය ගමේ උන් ගේ හඬින් සංකේතවත් වූ ආකාරය බවය.

ධම්මික නිරෝෂන්

ජොන්ටිගේ ඉරණම

ධම්මික නිරෝෂන් තරංගට, මහරූෆ්ට, ජිවන් මෙන්ඩිස්ට, ධම්මික ප්‍රසාද්ට නායකත්වය දෙමින් ක්‍රිඩා කළ යොවුන් නායකයා බව දැන් අප දන්නේය. සියල්ල අහිමිකරගත් බංකොලොත් රටක ඇති වටිනාම සම්පත මානව සම්පත වූ විට ඒ විශිෂ්ට සම්පත් රටක් ලෙස අප විසින් අපතේ යවා ඇති ප්‍රමාණය මේ සිද්ධියෙන් පෙන්වා දී ඇති බව අප කිසිවෙක් කල්පනා කරන්නේ නැත.

රංගලා, මහරූෆ්ලා , ධම්මක ප්‍රසාද්ලා, ජිවන් මෙන්ඩිස්ලා දුර ගමනක් ගොස් සිටි අවධියක ධම්මික නිරෝෂන් ප්‍රදේශයේ මැරයින්ගෙන් වෙඩි කා මිය යන ඉරණමට ගොදුරු වන්නේ කෙසේ දැයි නොවිමසා අපි ඔහුට අදාලත් නැති තවමත් විමර්ශන මට්ටමේ පවතින සිද්ධි පිළිබඳව මනංකල්පිතයන් ගෙතීමේ අශිෂ්ටත්වය ප්‍රකට කරමින් සිටිමු.

ඔහු පාසල් අවධියෙන් අනතුරුව පළමු පෙළ ක්‍රීඩා කළ විශිෂ්ටයෙක් වූයේය. ගාල්ල ක්‍රිකට් සමාජය, චිලව් මේරියන්ස් කණ්ඩායම නියෝජනය කළ ධම්මික නිරෝෂණට ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩා කරද්දී යම් විනය විරෝධී චෝදනා තිබිණි. මුදල් පසුම්බියට බැස කීයක් හෝ මාටියා ගසා ගැනීම වැනි චෝදනා මිස අපේ ක්‍රිකට් තරුවල ආදර්ශ වූ ස්ත්‍රී දූෂණ, ක්ලබ් ගානේ රස්තියාදුවී බීමත්වීම,  කැසිනෝ වලි, විනය කඩාගෙන කාන්තාවන් සොයන්නට ගොස් මාට්ටු වීම්, වැනි චෝදනා තිබුණේ නැත. එහෙත් යම් විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් චිලව් මේරියන්ස් ක්‍රීඩා සමාජය ඔහුව කණ්ඩායමෙන් නෙරපුවේය.

අනතුරුව ගාලු ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් පළමු පෙළ තරගවලට සහභාගීවන ධම්මික ඔහුගේ පළමු පෙළ හොඳම පිතිකරණ දක්ෂතා ප්‍රකට කළේය. සීසීසී ක්‍රීඩා සමාජය සහ ඔහු නියෝජනය කළ ගාල්ල ක්‍රිකට් සමාජය අතර 2004 නොවැම්බර් හි සීසීසී ක්‍රීඩාංගනයේ පැවති තරගයේ දී ධම්මික නොදැවී ලකුණු 47ක් ලැබුවේය.

එම වසරේම නොවැම්බර් මස කටුනායක ක්‍රීඩාංගනයේ දී රාගම සීසී කණ්ඩායම සමග පැවති තරගයේ දී ධම්මික ගාලු ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් පළමු ඉනිමේ දී ලකුණු 33ට කඩුළු 04ක් බිඳහෙලුවේය. තේරුම් ගත යුත්තේ මේ ඔහු සිය ප්‍රමුඛ දක්ෂතා අඩියෙන් අඩිය තීව්‍ර කරගත් අවධිය බවය.

සුනාමියෙන් වූ ව්‍යසනය

දකුණේ ජන ජිවිතය කුඩු පට්ටම් කරමින් සුනාමිය එනනේ 2004 දෙසැම්බරයේ දී ය. සුනාමි ව්‍යසනයෙන් පසු ධම්මික නිරෝෂන් වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩා කළේ නැත.  කටුනායක දී රාගම සිසී කණ්ඩායම සමග කළ ක්‍රීඩාව ඔහුගේ අවසන් පළමු පෙළ තරගය විය.

සුනාමියෙන් පසු  වකවානුව තුළ දකුණේ ක්‍රීඩකයින් ගණනාවක ගේ ක්‍රීඩා ජීවිත ව්‍යසනයට ලක් වූයේය.  ධම්මික ක්‍රීඩා කළ ගාලු ක්‍රීඩා සමාජයේ ක්‍රීඩංගනයත් කුඩුපට්ටම් වී ගිය අයුරු මතකය. මේ සුනාමි ව්‍යසනයට උපුල් තරංග පුද්ගලිකව මුහුණ දුන්නේය. ඒ වනවිට එන්.සී.සී ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරමින් සිටි උපුල් තරංග නැමැති තරුණ ක්‍රීඩකයා කොළඹට රැගෙනවිත් නවාතැන් දී දිගටම ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවස්ථාව සංගක්කාර විසින් ලබා දුන්නේය. එසේ  නොලැබුණා නම් අද උපුල් තරංග කෙනෙක් නැත. ඔහුට තොරන්නට වෙන්නේ ක්‍රිකට් නොව වැල්ලේ සිප්පිකටුය.

සුනාමියෙන් අනතුරුව ඇතිවුන විකල් වටපිටාව තුළ තමන්ගේ ක්‍රීඩකයින්ට අත්වුන ඉරණම සොයන්නට ගාලු  ක්‍රිඩා සමාජය කටයුතු කළා නම්, තමන්ගේ මිතුරන්ට සිදුවූ දේ විමසීමට මිතුරන් කටයුතු කළා නම් තත්ත්වය මීට වඩා වෙනස් වීමට තිබිණි. අප ඔබට ආරාධනා කරන්නේ ශ්‍රි ලංකා ක්‍රිකට් සංචිතවලට නොපැමිණියා නම් ලසිත් මාලිංගට, වනිඳු හසරංගට සිද්ධවනු ඇත්තේ කුමක් දැයි සිතා බලන ලෙසය. ජීවිත පරිසරයේ ස්වරූපය පුද්ගල චර්යාවන් හැඩ ගස්වන්නේය. ඒවග දැනට ප්‍රමාණවත්ය.

ජීවන අරගලය සහ මිතුරු සමාජය

ක්‍රිකට් අතහැරිය නිරෝෂණ අනතුරුව ඔහුගේ මිතුරු සමාජය හා එක් වෙමින් ජීවිත සටන අරඹන්නේය. ඔහුට එරෙහිව පාතාල චෝදනා නැත. නමුත් ගමේ කමට ඔහු ඇසුරු කරන දසුන් මානවඩු නැමැති ඔහුගේ සමීප  මිතුරා පාතාල අපරාධ ගණනාවකට සම්බන්ධ වූ කොස්ගොඩ සුජීගේ පාර්ශවයේ පාතාල අපරාධකරුවෙක් විය. ගාල්ල ක්‍රීඩා සමාජයේ හිටපු සභාපති මෙන්ම ව්‍යාපාරිකයෙක් වූ හැළඹගේ ප්‍රේමසිරි ඝාතනයේ සැකරුවෙක් ලෙස ඔහු හඳුනාගෙන තිබිණි. දසුන් මානවඩු ධමිමික නිරෝෂන්ගේ   මිත්‍රත්වය ඔහුගේ ජිවිතය නිමා කළ ආකාරය සම්බන්ධව විමර්ශන අංශවලට දැන් අදහසක් මතු වී තිබේ.

එමෙන්ම නීති විරෝධී සූදු පවත්වාගෙන යන පුද්ගලයන් හා සම්බන්ධතා ධමිමික නිරෝෂන්ට තිබී ඇත. ඔහු ඝාතනය සම්බන්ධ ආසන්න හේතු දෙකක්  පසුගිය දා නෙත් එෆ.එම්. බැලුම්ගල හඬපට සමග නිකුත් කළේය.

නිරෝෂන් ගේ සමීප මිතුරාවන දසුන් මානවඩුගේ මාමාගේ නිවසේ 2023 සිංහල අවුරුද්ද දිනයේ දී බූරු පිටියක් පැවැත්වෙමින් තිබිණි. එම බූරු පොළ කොල්ලකෑම සදහා ටි 56 ගිනි අවියක් සහ 38 වර්ගයේ ගිනි අවියක් සහිතව දෙදෙනෙක් එන්නේය.

ඒ අවස්ථාවේ දී බූරු පොල කොල්ලකෑමට එනනේ පාතාලය සමග සමීප සම්බන්ධකම් පවත්වන පොලී විකුම් නැමැත්තාගේ සොයුරාවන සිතුම් සහ අම්බලන්ගොඩ රන්දොඹේ කිරියා නැමැති පුද්ගලයා ය. එම සූදුපොලට එක් වී සිටින ධම්මික නිරෝෂන මේ කොල්ලකරුවන් දකින්නේය. දැකීමෙන් අනතුරුව ඔහුගේ කොල්ලකරුවන්ගේ පැමිණීම දන්වා බූරුපොල කොල්ලකෑම වළක්වන්නේය.

සිද්ධියෙන් පසු  අම්බලන්ගොඩ රන්දොඹේ කිරියා නමින් හඳුන්වන පුද්ගලයා ධම්මික නිරෝෂන්ට තර්ජනය කර කියන්නේ අවස්ථා දෙකකදී ඝාතනය කිරීමට කළ උත්සාහයන් මග හැරුණ නමුත් තුන්වන අවස්ථාවේ අත් නොහරින බවය.

නැවත වරක් ධම්මික නිරෝෂන්ගෙන් බලපිටියේ ඩිල්ෂාන් නැමැත්තෙක් කප්පම් ඉල්ලන්නේය. ජිවිතයට ආදරේ නම් ලක්ෂ පනහක් ඉල්ලා ඔහු තර්ජනය කරන්නේය. මේ ඝාතනය සිද්ධ වන්නේ පොලී විකුම් හෝ ඔහුගේ කණ්ඩායමෙන් ද, බලපිටියේ ඩිල්ෂාන් හෝ ඔහුගේ කණ්ඩායමෙන් ද යන්න පිළිබඳව ද දැන් සැකයක්  ඇති වී තිබේ.

අයෙත් ක්‍රිකට්…

කෙසේ වෙතත් මේ මරණ තර්ජන හමුවේ ඩුබායි බලා යන ධම්මික නිරෝෂන් රැකියාව කරන්නේ ඩුබායි හි ක්‍රිකට් පුහුණු ආයතනයක සහාය පුහුණු කරුවෙක් ලෙස බව හෙළි වී තිබේ. ඔහු යළි රටට එන්නේ සිය වීසා දිගු කරගෙන ආපසු පිටත් වීමේ අරමුණ ඇතිවය. ඒ යන ගමන අතර සිය මිතුරු පාසල් ක්‍රිකට් පුහුණු කරුවෙක් ද කැටුව යෑමට ඔහු සැලසුම් කර තිබිණි.

එමෙන්ම ඔහු මරා දමනු ඇතැයි යන්න පිළිබඳ කිසිම සැකයක් ඔහුට නොතිබුණු බව මේ වනවිට කරන විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අත්හැරුණ ජිවීතයට යළි පැමිණ නිවැරදි දිශානතියකට ජීවිතය යොමු කරගැනීම සඳහා ධම්මික නිරෝෂන්ට අවසථාව නොලැබිණි.

ඔහුට යහපත් මිතුරන් සිටියේ නැත. යහපත් මගපෙන්වන්නන් හිටියේ නැත. සංගක්කාර විසින් උපුල් තරංග ගොඩදැම්මා සේ ධම්මික නිරෝෂන්ව ගොඩදැමීමට කෙනෙක් හිටියේ නැත.

කියන්නට ඇත්තේ එක දෙයකි. හොඳ මිතුරන් හොයා ගන්න. ජීවත් වීමට එය පමණක් වුවද ප්‍රමාණවත්ය.

බුදුන්වහන්සේ ද ඒ බව කීහ. උන්වහන්සේ වදාළේ කල්‍යාණ මිත්‍රත්ත්වය සම්පතක් බවය. බාලයන් සේවනය නොකර සිටීම මංගල කාරණාවක් බවය. ක්‍රිකට් ජීවිතයේ දී  ධම්මික නිරෝෂන්  වටේ සිටි  බාලයන් ඔහු ජීවිත අත්හරින අවස්ථාවේ ඔහු පසුකර බොහෝ දුර ගොස් තිබිණි. නැවත කියන්නේ ධම්මික නිරෝෂන වටිනා රටට වටිනා සම්පතක් නොවි මේ පඩිසන් දුන්නේ ඔහුට මිතුරෙක් නොසිටි පවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෙහෙම කතා ඇහුවම කලකිරෙනවා… ආචාර්ය ජයම්පති වික්‍රමරත්න රනිල් ජනාධිපතිට පිළිතුරු දෙයි!

Next Post

අත්අඩංගුවට ගත් පුත්තලමේ රත්තරන් සබ්රි ට ලක්ෂ දෙකක ඇප!

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.