2015 බලයට පත් වුන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මැතිවරණ ප්‍රකාශය අනුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සිදුකරනු ලැබුවේ ජනමත විචාරණයකට තුඩු දෙන කිසිදු වගන්තියක් ව්‍යවස්ථාවෙන් ඉවත් නොකරන බවට වූ ප්‍රතිපත්තිමය තීන්දුවමත බවත්, පාර්ලිමේන්තුවේ උපරිම ධූර කාලය හය අවුරුද්දේ සිට පස් අවුරුද්ද දක්වා අඩු නොකිරීමට තීන්දුව ගනු ලබන්නේ උක්ත ප්‍රතිපත්තියට අනුකූලව කැබිනට් මණ්ඩලයේත් වත්මන් ජනාධිපතිවරයා අගමැති ලෙස සභාපති ධූරය දැරූ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය අධීක්ෂණයට පත්කළ කැබිනට් අනු කමිටුවේත්, නීතිපතිවරයාගේත් පූර්ණ අනුමැතිය මත බවත්, එවැනි තත්ත්වයක් තුළ මෙම ප්‍රශ්නගත වගන්තිය 19 වැනි ව්‍යවස්ථාවට ඇතුළත් වනුනේ තමන්ගේ ප්‍රමාදයක් ලෙස යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ හුවා දැක්වීම පිළිබඳව තමන්ට ඇත්තේ දැඩි කළකිරීමක් බවත් ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශය කර තිබේ.
ඊයේ (19) ජනාධිපති රනිල් වික්‍රමසිංහ කීවේ තමන් ව්‍යවස්ථාව පිළිබඳ කටයුතු භාර දුන්නේ චොක්සි විශාරදයාට බවය. ඔහු ජීවතුන් අතර නොසිටි නිසා ජයම්පති වික්‍රමරත්නට එය භාර දුන් නමුත් ඔහුට අත්දැකීම් නැති නිසා ව්‍යවස්ථාවේ මේ වරද සිදුවන්නට ඉඩදී ඇති බවය. නැවත අත්දැකීම් නැති කිසිම කෙනෙකුට වගකිමක් භාර නොදෙන බව ද ජනාධිපතිවරයා කීවේය.
අද ආචාර්ය ජයම්පති වික්‍රමරත්න නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටින්නේ 83 වැනි ව්‍යවස්ථාව සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය බවය.
සිදුවුන දේ ලිඛිතව පැහැදිලි කරමින් ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.








