මනම්පිටිය නිමල් ජයරත්න –
මඩකලපුව වාලච්චේන කරුවන්තේනි හංදියේ පිහිටි පෞද්ගලික යතුරු පැදි, හා පාපැදි රථ ගාලක අද (18) සවස හතරට පමණ ඇති වු ගින්නකින් එම යතුරුපැදි හා පාපැදි ගාල සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව වාලච්චේන පොලිසිය කියයි,

මෙම ගින්න හේතුවෙන් යතුරුපැදි ගාලේ ගාල් කර තිබූ යතුරුපැදි තිහක් හා පාපැදි හතක් සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති බව වාලච්චේන පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාර අප කළ විමසීමකදී පැවසීය,
පුද්ගලයෙක් විසින් පාළුවට ගිය ඉඩමක මෙම රථ ගාල පවත්වාගෙන ගොස් තිබේ.
අයෙක් පුද්ගලික ඉඩමතට ගිනි තැබීම හේතුවෙන් ගින්න පැතිරී ගොස් එම යතුරුපැදි සහ පාපැදි රථ ගාල විනාශ වී ඇති බව මේ වන විට අනාවරණය කරගෙන ඇති බවද පොලිසිය සඳහන් කරයි,
පුද්ගලික රථ ගාල පවත්වාගෙන ගිය පුදුකුඩිඉරිප්පු වාලච්චේනේ ප්‍රදේශයේ අයෙකු අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කරයි,
එම පාපැදි හා යතුරුපැදි ගාලේ තිබු පාපැදි අටක් සහ ත්‍රීරෝද රථයක් පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව බේරාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධ වාලච්චේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාර ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි,







