අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යකඩ හොරකමට චාමර සම්පත් රාජ්‍ය ඇමති සම්බන්ධයි… සිමෙන්ති සංස්ථාවේ හිටපු සභාපති CID යයි!

by editor
අගෝස්තු 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවෙන්  මාස 02ක කාලයක් තුළ   මිලියන  22ක යකඩ ප්‍රමාණය සොරකම් කිරීම සම්බන්ධව චාමර සම්පත් රාජ්‍ය ඇමතිවරයා වගකිවය යුතු බවටත්, ඒ සම්බන්ධව වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසටත් දන්වා ශ්‍රි ලංකා සිමෙන්ති සංස්ථාවේ  හිටපු සභාපති නීතිඥ ගාමිණී ඒකනායක අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේය.

ඔහු පැමිණිල්ල ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබුණේ  සිමෙන්ති කම්හල් භූමියේ විසිරී තිබුණු රුපියල් බිලියන ගණනක යකඩ ප්‍රමාණයක් සම්බන්ධව තාක්ෂණික කමිටුවක් මගින් ඇගයීමක් කර තිබුණු බවය.

අනතුරුව යළි කර්මාන්ත ශාලාව ඉදිකිරීම සඳහා  කැබිනට් තීරණය ප්‍රකාරව ටෙන්ඩර් පටිපාටියට මෙම භූමියේ ඇති අබලි යකඩ විකිණීමේ තීන්දුව ක්‍රියාත්මක  කිරීමට අදාල සියලුම පියවර තමන් අරගත් බව හිටපු සභාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කීවේය.

එහෙත් කැබිනට් තීරණය ක්‍රියාත්මක කරනු වෙනුවට  චාමර සම්පත් රාජ්‍ය ඇමතිවරයා මුලින්ම සිදුකර තිබුණේ කම්හල් භූමියේ ආරක්ෂාවට සිටි හමුදාව ඉවත් කර සීමිත සංඛ්‍යාවක් පමණක් ඉතිරි කරගෙන කම්හල් භූමිය අනාරක්ෂිත කළ   බවය.

එමෙන්ම බදුල්ලෙන් ගෙන්වා ගත් පුද්ගලයින් හත් දෙනෙක් මෙම කර්මාන්ත ශාලාව වෙත බඳවාගැනීමත් හමුදාව ඉවත් කර භූමිය අනාරක්ෂිත කිරීමෙන්  මාස දෙකක් තුළ  මිලියන 22ක යකඩ එක්වර ඉවත් වීමත් අතර පැහැදිලි සම්බන්ධයක් ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එබැවින් මෙම යකඩ හොරකම ගැන පූර්ණ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු සභාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේය.

මෙම යකඩ හොරකමේ චෝදනාව සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී කළ හෙළිදරව්වකට අනුව ඉන් කිපුණු චාමර සම්පත් රාජ්‍ය ඇමතිවරයා ඊයේ එම ප්‍රශ්න කිරීම කළ මන්ත්‍රීවරයාට සහ අද අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගිය කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ හිටපු සභාපති නීතිඥ ගාමිණී ඒකනායකට අතිශය පහත් ආකාරයට පාර්ලිමේන්තුවේ දී බැණවැදුනේය.

එම කතා විලාශය පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වූ අතර ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ඒ අවස්ථාවේ දී විවාදය නරඹමින් සිටි පාසල් දරුවන්ගෙන් පාර්ලිමේන්තු නියෝජිතයන් වෙනුවෙන් සමාව ඉල්ලුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිසිය,  බිළිඳු සිරුරක් මහ මග දමා ගිය කාන්තාව ලේ පැල්ලම් ඔස්සේ ගොස් සොයා ගනී….

Next Post

පොදුජන පෙරමුණේ අය මහින්දගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් තියලා 13 ගැන කතා කරගන්න… ඒක මට වැඩක් නෑ…. ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.