චීනයේ ඕනෑවට වඩා කිට්ටු වීම මත ඉන්දියාවේ අවිනිශ්චිත භාවට පත්ව තිබු ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් යළි විශ්වාසය තහවුරු වන ආකාරයේ පෙර තිබූ තත්ත්වයේම සම්බන්ධතාවක් ඉන්දියාව සමඟ අරඹන බව විදේශ අමාත්‍ය ජී.එල් පීරිස් මහතා ඉන්දියාවේ ද හින්දු පුවත් පත සමඟ සම්මුඛ සාකච්ඡාවක් ලබා දී ප්‍රකාශ කර තිබුණි. පසුගියදා ඉන්දියාවේ සංචාරයකට ගිය විදේශ අමාත්‍යවරයා එම පුවත් පත විසින් නගන ලද ප්‍රශ්න හමුවේ ප්‍රකාශ කර ඇති දෙයින් ගම්‍ය වන්නේ මේ වනවිට ඉන්දියාව සමඟ සැබවින්ම අලුත් ගමනක් ඇරඹීමේ පෙර නිමිති පහළ ව ඇති බවය. ඒ පිළිබඳව තහවුරු වන තවත් එක් කරුණක් වන්නේ ඉන්දියාව තුළ අභ්‍යන්තර දේශපාලන කරළිය තුළද අමාත්‍ය ජී.එල්.පීරිස් මහතාගේ සංචාරය තීරණාත්මක අවධානයට ලක් වීමය ඊට දිය හැකි ආසන්නතම උදාහරණය පසුගියදා ඉන්දීය රාජ්‍ය සභාවේදී ද මේ පිළිබඳව සිදුවූ සංවාදයයි.
එහිදී රාජ්‍ය සභා මන්ත්‍රි ඒ විජයතුමාර් ඉන්දීය විදේශ අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ශ්‍රි ලංකාව මේ දිනවල මුහුණ දෙන දැඩි ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාව සිය ආධාරය ලබා දෙන්නේද යන්නය. ඔහුගේ ප්‍රශ්නයේ දෙවැනි කොටස වූයේ එසේ ආධාර ලබා දෙන්නේ නම් ඒ මොනවාද ඒ වෙනුවෙන් ශ්‍රි ලංකාවෙන් ඉන්දියාව වෙත ලැබෙන කැප කිරීම් හෝ ඇපය කුමක්ද ආදිය පිළිබඳව පැහැදිළි කරන ලෙසය.
මේ පිළිබඳව පිළිතුරු දුන්නේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වී මුරලීදරන්ය. ඔහු සඳහන් කළේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ අසල්වැසියන්ට පළමුව ප්‍රතිපත්තිය යටතේ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් සහය ලබා දෙන බවය. ඒ අනුව අසල්වැසි රාජ්‍යයන් අවශ්‍ය උදව් ද්විපාර්ශ්වයටම වාසි සහගත ලෙස ලබා දෙන බවට ඔහු පිළිතුරු දුන්නේය. එහිදී ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් මෙතෙක් ලබා දී ඇති ආධාර පිළිබඳව ද ඔහු ඉන්දීය රාජ්‍ය සභාව හමුවේ පැහදිළි කළේ මෙසේය.
“ පශ්චාත් කොවිඩ් වසංගතයෙන් පසුව ආර්ථික වර්ධනයකට ගමන් කරන ශ්‍රි ලංකාවට හැකි සෑම ආකාරයකින්ම සහය ලබා දෙනවා. පසුගිය ජනවාරි මාසයේ 22 වනිදා ශ්‍රි ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක මුදල් හුවමාරු ණය පහසුකමක් ලබා දුන්නා. මෙම ණය පහසුකම ඇමෙරිකානු ඩොලර් මිලියන 512ක් ලෙස මාස දෙකකින් පියවන පොරොන්දුව මත. ඊට අමතරව ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ඉන්ධන ලබා ගැනීමේ ණය සහනයක් ශ්‍රි ලංකාවට ලබා දුන්නා. භූ ගෝලීය වශයෙන් සමීප මිතුරකු ලෙස ශ්‍රි ලංකාව සහ ඉන්දියාව ඉදිරියේදී එන ආර්ථික වාසි සහ අවස්ථා එක සේ ග්‍රහණය කර ගැනීමටත් ආර්ථිකමය වශයෙන් අන්තර් සම්බන්ධතා වර්ධනය කර ගැනීම පිළිබඳවත් අවධානයට ලක් වුණා.“ එසේ වුවද එයින් ගම්‍ය වී තිබුණේ ඉන්දියාව විශේෂිත වූ ප්‍රතිලාභයක් ශ්‍රි ලංකාවෙන් බලාපොරොත්තු නොවන බවය. මේ ඉන්දියාව ශ්‍රි ලංකාව ආර්ථිකමය වශයෙන් අමාරුවේ වැටුණු අවස්ථාවේ ලබා දුන් සහයෝගය පිළිබඳව ඉන්දීය රාජ්‍ය සභාව වෙත නිල වශයෙන් එක් කළ වාර්තාවකි.
එහෙත් ඉන්දීය විදේශ අමාත්‍ය ජේ ජයශංකර් සහ ශ්‍රි ලංකා විදේශ අමාත්‍ය ජී.එල් පීරිස් අතර සාකච්ඡාවේදී ඉන්දියා ශ්‍රි ලංකා හවුල් ගමනේ දැඩි සම්බන්ධතා හැදෙන පුරුක් කිහිපයක් ගැන කතා බහ කර තිබුණි. ඒ එකක්වත් නිල වශයෙන් අවසාන එකඟතාවකට පත්ව නැති බව අමාත්‍ය ජී.එල් පීරිස් මහතාම පුවත් පත් සාකච්ඡාවේදී ප්‍රකාශ කළත් මේ පිළිබඳව අමාත්‍යවරයා සුබවාදීව සටහන් කරන්නේ ඒ පිළිබඳව මඳ පමණින් හෝ කතා බහට ලක්ව ඇති නිසා බව අපට පිළිගත හැකිය.
මෙම සාකචඡාවේදී විදේශ අමාත්‍යවරයා දෙරට අතර දැනට පවතින ආර්ථික සම්බන්ධතාවලට අදාල පියවර පිළිබඳව කතා කරන අතරේ ඉදිරියේදී අත්සන් කිරීමට සූදානම් වන අවබෝධතා ගිවිසුම් කිහිපයක් පිළිබඳවද මතක් කර දී ඇත. එයින් එකක් වන්නේ ඉන්දීය අගමැති මෝදි මහතාගේ මූලිකත්වයෙන් ශ්‍රි ලංකාවේ බෞද්ධ විහාරස්ථාන දියුණු කිරීම සඳහා වෙන් කිරීමට බලාපොරොත්තු වන ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක මුදලයි. ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර භූ ගෝලීය බන්ධනයෙන් එහා ගිය ආධ්‍යාත්මික බන්ධනයට පදනම වූයේ ඉන්දියාවෙන් ලද බුදු දහමයි. මෙම විශාල මුදලින් ශ්‍රි ලංකාවේ බෞද්ධ ජනතාව ඉන්දියාව සමඟ පවතින බැඳීම යළි තහවුරු කිරීටමේ නිසැක මාර්ගයක් බවට දෙරටම විශ්වාස කරන බව පෙනේ.
මේ ක්‍රියාමාර්ගය ඉදිරියේ තිබියදී පසුගිය කාලයේ ඉන්දියාව ශ්‍රි ලංකාවට අතිශයන්ම සමීප වූ අවස්ථාවන් ගැනද ජී.එල් පීරිස් අමාත්‍යවරයා මතක් කර තිබුණි. එයින් වැදගත් එකක් ලෙස ඔහු දකන්නේ මෝදි අගමැතිගේ අසල්වැසියන්ට පළමුව ප්‍රතිපත්තිය මත ශ්‍රි ලංකාවට ලැබුණු කොවිෂීල්ඩ් කොවිඩ් එන්නත් පන් ලක්ෂයයි. ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙසේ ලැබුණු අතර ශ්‍රි ලංකාව එනනත්කරණය ආරම්භ කළේ මෙලෙස නොමිලයේ ලද එන්නත් තොගයෙනි. කෙසේ වුවද ඉන්දියාව දැඩි සේ කොවිඩ් මාරයානේ බැට කරද්දී මේ පහසුකම තවදුරටත් ඉන්දියාවට ලබා දීමට නොහැකි වීම නිසාද ශ්‍රි ලංකාවට යම් යම් පීඩාවන්ට ලක් වන්නට සිදු වූයේය.
එසේම කොළඹ වරාය ආසන්න මුහුදේ මහා පරිමාණ නැව් දෙකක් අනතුරට ලක් වූ අවස්ථාවේ එයින් ඇතිවිය හැකි සමුද්‍රීය බලපෑම සහ පාරිසරික බලපෑම අවම කිරීමට සියල්ලට කලින් පැමිණියේ ඉන්දීය නාවික සහ ගුවන් හමුදා සහය කණ්ඩායම්ය. එය මෙම් විපත් දෙකම සමනය කනිරීටම්දී සැලකිය යුතු කාර්යය භාරයක් ඉටු කළේය. එවැනිම තවත් හදිසි අවශ්‍යතාවකදී අසල්වැසියා ලෙස ඉන්දියාව ආවේ කොවිඩ් වෛරස වසංගතය හේතුවෙන් ඔක්සිජන් අවශ්‍ය වන රෝගීන් ප්‍රමාණය අනපේකෂිත ලෙස ඉහළ යද්දීය.
එම අවස්ථාවේදී ශ්‍රි ලංකාවේ නිෂ්පාදිත ඔක්සිජන් ධාරිකාව ප්‍රමාණවත් නොවූ අතර හදිසි සැපයුම් ලෙස ඉන්දීය නාවික හමුදාවෙන් සහ ශ්‍රි ලංකා නාවික හමුදා නෞකා දෙකකින් ඔක්සිජන් සැපයීමක් සිදුවිය. ජී එල් පීරිස් අමාත්‍යවරයා තවදුරටක් පවසා තිබුණේ මේ සියලු ඉන්දීය ලබා දීම් කිසිසේත් දුන් එකකට තවත් එකක් හුවමාරු කිරීමක් සේ ක්‍රියාත්මක නොවුණු බවය. මේක දෙනව නම අරක ඕන ආකාරයේ ගනුදෙනුවක් ඉන්දියාව සමඟ පසුගිය වසර 15 තුළ සිදු කෙරුණු ගනුදෙනු ආධාර හෝ සම්බන්ධතාවලදී සිදු නොවුණු බව විචේශ අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සම්බන්ධයෙන් අත්සන් කෙරුණු ගිවිසුම ද මේ වනවිට රටවල් දෙකම තම තමන්ගේ පැවැත්මට අනෝන්‍ය වශයෙන් සවිමත් පදනමක් නිර්මාණය කරවන බව මේ වනවිට අවබෝධ කරගෙන ඇත.
කෙසේ වුවද පසුගිය කාලය තුළ ඉන්දියාවට සාපේක්ෂව චීනය සමඟ යම් ආකාරයේ රාජ්‍ය තාන්ත්‍රීය සමීපත්වයක් නිරීක්ෂණය කිරීමට හැකි වූ බව අප පිළිගත යුතු කරුණකි. මෙය නිසැකවම කලාපය තුළ යම් අවිනිශ්චිත බවක් නිර්මාණය වීම ස්වාභාවිකය. වෙසෙසින්ම ඉන්දියාවට ශ්‍රි ලංකාවේ එක් තීරයක් එක් මාවතක් චීන සංවර්ධන ක්‍රමෝපායයේ නාමයෙන් සිදු කෙරෙන සහ සිදු කෙරුණු ඇතැම් ක්‍රියාකාරකම් තර්ජනයක් සේ සංවේදනය වීම ද වැලකිය නොහැකිය.
එහෙත් මෝදි රජයේ ක්‍රෙමාපාය බව පෙනෙන්නේ සියල්ලට කලින් අසල්වැසියා හොඳින් තබා ගැනීමේ ඓතිහාසික ආසිතාතික ක්‍රමෝපාය ඔස්සේ මේ තර්ජන සමනය කිරීම බව පෙනේ.
එහෙත් මේ වනවිට ඉන්දියාව සමඟ යම් තුලනාත්මක සම්බන්ධතාවකට පාර විවර කර ගැනීමට ශ්‍රි ලංකාව සමත්ව ඇති බවක් පෙනේ. ජී.එල් පීරිස් අමාත්‍යවරයාම කියන පරිදි ඓතිහාසික ව මෙන්ම භූගෝලීය වශයෙන් ආසන්නතම අසල්වැසියා ලෙසින්ද කලාපයේ විශාලතම රාජ්‍යය මෙන්ම ශ්‍රි ලංකාවට මූල්‍ය ආධාර ලබා දෙන තුන්වැනි රාජ්‍යය වශයෙන් ඉන්දියාව සලකන බවය.
මේ වනවිට ශ්‍රි ලංකාව ලබන මාර්තු මාස අගදී කොළඹ දී පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුව සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ආරාධනය කර ඇති අතර ඔහු බොහෝ දුරට ඊට සහභාගී වනු ඇති වට විශ්වාස කෙරෙයි. මෝදි අග්‍රාමාත්‍යවරයාගේ හ්‍රි ලංකා සංචාරයෙන් පසුව ඉන්දීය ශ්‍රි ලංකා සබඳතා තවත් ක්‍රෙමා්පායයික පියවරකින් ඉදිරියට යනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රිකයෝ පවසති.







