පාදෙණිය අනුරාධපුර මාර්ගයේ ගල්ගමුව මීගස් හන්දිය ප්රදේශයේදී ජීප් රථයක ගැටුණු අලි පැටියෙක් එම ස්ථානයේම මිය ගොස් තිබේ.
මිය ගිය අලි පැටියා අවුරුදු 05ක් පමණ වයස බව හඳුනාගෙන ඇත.
ඊයේ (12)රාත්රියේ දොළහට පමණ මෙම අනතුර සිදුව තිබෙන බව ගල්ගමුව වනජීවී නිලධාරීහු පවසති.
කුරුණෑගල සිට අනුරාධපුර දක්වා ධාවනය වූ අවුට්ලෑන්ඩර් වර්ගයේ ජීප් රථයට මෙම අනතුරින් දැඩි හානි සිදුව ඇත.
දරුවන් දෙදෙනෙකු සමඟින් සිව් දෙදෙනෙක් ගමන් ගත් මෙම රථයේ රියැදුරු මේ වන වනවිට ප්රතිකාර සඳහා ගල්ගමුව රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම ප්රදේශය වන අලි බහුලව ගැවසෙන ප්රදේශයක් බවට ප්රදර්ශන පුවරු සවිකර තිබුණත් මෙම රථය අධික වේගයෙන් පදවා ඇති අතර වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇතැයි ගල්ගමුව වනජීවී නිලධාරීහු පවසති.
මේ අනතුර පිළිබඳව නීතිමය වශයෙන් කටයුතු කිරීමට සැලසුම් කර ඇති බව ද පැවසූහ.
අනතුරට පත් වාහනය සහ මියගිය අලියා ඡායාරූපවලින් දැක්වේ.







