බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෛත්‍රී පැජට් පාරේ නිවස අත් හරී… පොලොන්නරු යන්න බඩු අස් කරයි….

by editor
මාර්තු 31, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු ජනපති  මෛත්‍රීපාල සිරිසේන පැජට් පාරේ  ඔහු මේ දක්වා පදිංචි වී සිටි නිවස හැර යෑම සඳහා මේ වනවිට  නිවසේ බඩු අස්කරමින් ඉන්න බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ලංකාසරට හෙළි කරයි.

මේ වනවිටත් ඔහුට කොළඹ නිවසක් නැති නිසා එම සියලු බඩු භාන්ඩ පොලොන්නරුව තෙක් ප්‍රවාහණය කිරීමට සැලසුම් කර ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

නිවසේ සිද්ධිය සම්බන්ධව නිල ප්‍රකාශයක් නොකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් තීරණය කර ඇතැයි ද දැනගන්නට ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන   භාවිත කරමින් සිටි පැජට් පාරේ ඔහු ජනපතිවරයාව සිටිය දී භාවිතා කළ නිවසය. එම  නිවස අඛණ්ඩව භාවිත කිරීමට යහපාලන රජයේ අමාත්‍ය මණ්ඩලය කැබිනට් තීන්දුවක් ගෙන තිබිණි.

එම තීරණය   එම තීරණය මූලික අයිතිවාසිකම් පෙත්සමක් හරහා අභියෝගයට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පයිකියසෝති සරවනමුත්තු විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් අනුව විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, විනිසුරු යසන්ත කෝදාගොඩ සහ විනිසුරු මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල  පසුගිය 29 වැනිදා එම කැබිනට්  අත්හිටුවමින්    අතුරු නියෝගයක් නිකුත් කළේය.

මෙම නියෝගය පෙත්සම විභාගයේ  අවසන් තීරණය දක්වා බලපැවැත්විනි. මේ නියෝගය නිකුත් කිරීමට පෙර   පසුගිය  (28) මෛත්‍රිපාල සිරිසේන   ශ්‍රේෂඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසය

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජනාධිපතිවරයින් විශ්‍රාම යාමෙන් පසු ඔවුන්ට හිමි විය යුතු ප්‍රතිලාභ ඇතුළත් ගැසට් පත්‍රයට අත්සන් තැබුවේ 1986 වසරේ පෙබරවාරි මස 18 වන දාය. එය එම වසරේ පෙබරවාරි මස 21 වන දා නිකුත් කෙරිණි.

‘1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත’ට අනුව,  “සෑම හිටපු ජනාධිපතිවරයෙකුට ම සහ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවකට ම ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය තුළ වාසය සඳහා උචිත නිවාසයක් නිවාස කුලියෙන් තොරව සැපයිය යුතුය.”

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, යම් හෙයකින් උචිත නිවාසයක් සැපයීමට නොහැකි අවස්ථාවක අදාළ ජනාධිපතිවරයාගේ විශ්‍රාම වැටුපෙන් තුනෙන් එකකට සමාන දීමනාවක් නිවාස කුලිය ලෙස ලබා දිය යුතු බවය.

මෙම පනත අනුව හිටපු ජනාධිපතිවරයෙකු අභාවයට පත් වුවහොත් හිමි විශ්‍රාම වැටුපෙන් තුනෙන් දෙකකට සමාන විශ්‍රාම වැටුපක් සහ නිල නිවස බිරිදට හෝ සැමියාට ඔවුන් ජීවත් වන තුරු ලබා දිය යුතුය.

කෙසේ වෙතත් මේ නිවාස   සින්නක්කරව ලබා දීමක් නොවේ.

හිටපු ජනාධිපතිවරයා කොළඹ නිවස හැර යන්නේ ඒ නෛතික තත්වයන් තිබිය දී ය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පැජට් පාරේ නිවස සම්බන්ධව පැන නැගී ඇති ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා රජය සමග සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස්පක්ෂය සූදානම් වෙමින් සිටියේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධව අප කළ විමසීමක දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්   කියා සිටියේ හිටපු ජනාධිපතිවරයෙක් වශයෙන් මෛත්‍රීපාල සිරිසේනට නිවසක් ඇතුළු ව්‍යවස්ථානුකූලව හිමි වරප්‍රසාද හිමි  විය යුතු බවයි.

හිටපු ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන්  මේ වනවිටත් එම වරප්‍රසාද භුක්ති විඳින බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පේරාදෙණියේ සැත්කම් නැවැත්වීමට රෝහල් අධ්‍යක්ෂ තීරණය කර ඇත්තේ අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීම් 03කට පස්සේ….

Next Post

හොංකොංහි දරුවන් 2000ක් මාපියන්ගෙන් වෙන් කෙරේ

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.