කොවිඩ්-19 හේතුවෙන් හුදකලා කොට රෝහල් ගත කිරීම හේතුවෙන් පසුගිය සති හයක කාලය තුළ වයස අවුරුදු 10 ට අඩු ළමුන් 2,000 ක් පමණ ඔවුන්ගේ දෙමාපියන්ගෙන් වෙන් වී ඇති බව හොංකොං ආධාර සපයන ආයතන අනාවරණය කර තිබේ.
කොවිඩ් වයිරසය පාලනයේ දී සිදුකරන හුදකලා කිරීම් සහ ප්‍රතිකාර කිරීම්වලදී ආසාදිත දරුවන් දෙමාපියන්ගෙන් වෙන් නොකරන ලෙස නීති සම්පාදකයින්, වෛද්‍ය නිලධාරීන්, නීති විශාරදයින් සහ මානසික සෞඛ්‍ය සංවිධාන ඇතුළු පිරිස්වලින් යුත් මෙම සංවිධාන හොංකොං රජය වෙත අවධාරණය කර ඇත.
පීඩාවට පත් පවුල්වලට ඔවුන්ගේ ආතතිය සහ ශෝකය සමනය කිරීමට උපකාර කිරීම සඳහා පැහැදිලි මග පෙන්වීමක් ලබා දෙන ලෙස ද ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.
මේ අතර, Mind Hong Kong මානසික සෞඛ්‍ය ආධාර සපයන ආයතනයේ විධායක සභාපති ආචාර්ය ලුසී ලෝඩ් පැවසුවේ කුඩා කාලයකට හෝ තම දෙමාපියන්ගෙන් දරුවෙකු වෙන් කිරීම ලමා අපයෝජනයක් මෙන්ම පශ්චාත් කම්පනයට තුඩු දිය හැකි දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දිගුකාලීන බලපෑමක් ඇති කළ හැකි තත්වයක් බවයි.