මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය වාට්ටුවලට ඇතුළු වන රෝගින්ගේ සංඛ්‍යාත්මක වැඩිවීම මත රෝගින්ට වාට්ටුවේ ආලින්දයේ බිම නිදා ගැනීමට සිදුව තිබේ .
සාමාන්‍ය බෝ නොවන රෝග , හදිසි උත්සන්න වූ රෝග (හෘද , ස්නායු) , හදිසි අනතුරු ආදිය සම්බන්ධයෙන් නේවාසික ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් වන රෝගින් වර්ගීකරණය කොට දැමිම සඳහා නුවර ජාතික රෝහලේ ඉඩකඩ සිමා වීම මත මෙලෙස බිම නිදා ගැනිමට සිදුව ඇතිබව රෝහල් ආරංචි මාර්ග පවසයි.
නේවාසික ප්‍රතිකාර සදහා දෛනිකව රෝගින් එකසිය හැටත් හැටපහත් අතර පිරිසක් ඇතුළත් වන අතර ඔවුන් සඳහා ප්‍රධාන වෛද්‍ය වාට්ටුවෙ ඇත්තේ ඇඳන් දෙසීය පනහක් පමණ බැවින් රෝගීන් සඳහා එය ප්‍රමාණවත් නොවන බව ද හදිසි ප්‍රතිකාර ඒකකයේ වැඩ නිමවූ විට මෙම ගැටලුව නිරාකරණය වන බව ද ජාතික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක කියා සිටියේය.
යෝජිත සිවුමහල් ගොඩනැගිල්ලක්වන හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරිම් කටයුතු මේ වන විට නතර වි ඇති අතර අමාත්‍යංශයේ මැදිහත් වීම මත එහි වැඩකටයුතු නැවත ආරම්භ වීමට නියමිත බව ද රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියේය.