බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිලධාරීන්ගේ අවුලෙන් රට පැටලවූ නාවික හමුදාවේ කොවිඩ් කෙළිය

ජනාධිපතිවරයා ඉදිරියේ ඇත්ත හෙළි වනතුරු නාවිකයෝත් බලා හිඳිති.

by editor
ජූනි 15, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ හමුවූ කොවිඩ් 19 වයිරස ආසාදිතයන්ගෙන් සියයට 46ක් එනම් අඩකට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදා සාමාජිකයන් වීම පිළිබඳව මේ වනවිට රටේ ඉහළ අංශවල අවධානය යොමු ව ඇති අතර මේ සම්බන්ධයෙන්  ජනාධිපතිවරයා වෙත වාර්තාවක් ලබා දීමට කටයුතු කර ඇතැයි  නාවික හමුදා ආරංචි මාර්ග පවසයි. වැලිසර හමුදා කඳවුරේ නාවිකයන්ට කොරෝනා ආසාදනය වීම හුදෙක් සුදුවැල්ලේ මත් ලෝලීන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම මත පමණක් පැවරීමට නාවික හමුදාවේ ඇතැම් නිලධාරීන් උත්සාහ කළ ද අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ සහ අධ්‍යක්ෂ ධුර දරන ඉහළ  නාවික නිලධාරීන් කිහිප දෙනකු ගේ අවිධිමත් ක්‍රියාපටිපාටිය නිසා මෙම තත්ත්වය නිර්මාණය වූ බව මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

මුලින්ම වැලිසර නාවික හමුදා කඳවුරේ භටයන් කිහිප දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනා ගැනුණු අප්‍රියෙල්  මස 22 වැනිදා සිට මේ දක්වා එම ඉහළ නිලධාරීන් කොවිඩ් 19 වැළැක්වීම සම්බන්ධයෙන් ලබා දුන් මූලික සෞඛ්‍යය මඟ පෙන්වීම් නොසලකමින් තමන් ගේ ලකුණු දමා ගැනීමේ මෙහෙයුම් දියත් කිරීම නාවිකයන් 880කට පමණ  කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම කෙරෙහි බල පෑ බව මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

අත්තනෝමතික පිළිවෙත.

විශේෂයෙන් නාවික හමුදාවේ මෙහෙයුම් භාර අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ සම්බන්ධයෙන් ගන්නා ලද අත්තනෝමතික පියවර මේ තත්ත්වයට හේතු වී ඇති බව නාවික හමුදාවේ ඉහළ නිලධාරීන්ගේ පවා අදහස වී තිබේ. සෞඛ්‍ය සේවා පිළිබඳව නාවික හමුදා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම  ඊට පහළ නිලවල සාමාජිකයන් මෙම ඉහළ නාවික නිලධාරියාට මෙහිදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සහ රෝගය වැළැක්වීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කළ ද මේ යෝජනා බැහැරලමින් ක්‍රියාත්මක වී ඇති බව මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

පළමු වරට නාවික හමුදා සාමාජිකයන් අතරින් ආසාදිතයන් දෙදෙනකු හමුවීමත් සමඟ ඒ වනවිට වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා සිටි නාවික සෙබළුන් සහ නිලධාරීන් ගණනාවක් ආපසු ගෙන්වීමට කටයුතු කිරීමේ දී කිසිදු ආරක්ෂිත පියවරකින් තොරව කොළඹට ප්‍රවාහනය කොට කොළඹ පාසල් කිහිපයක පිහිටුවා තිබූ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කිරීමට පියවර ගත් අතර එහි දී  එකවර විශාල පිරිසකට රෝගය ආසාදනය වූයේ ඒ වනවිටත් රෝග ලක්ෂණ නොපෙන්වා කොවිඩ් 19 වයිරස ආසාදනය වී සිටි සෙබළුන්ගෙනි. මෙසේ නාවික හමුදා සෙබළුන් කොළඹට ප්‍රවාහනය කිරීමට නාවික හමුදාවේ බස් රථ යොදා ගැනුණු අතර එම බස් රථ කිහිපයකම රියදුරන් සහ සහයකයන්ද ඒ වන විටත් රෝගයට ගොදුරු වී සිටියවුන් බව පසුව සිදු කරන ලද විමසීම්වලදී අනාවරණය වී තිබේ. එසේම රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා නිර්දේශ කෙරුණු දේශීය ආයුර්වේද චිකිත්සාවක් වන දුම් මුට්ටි ආශ්වාස කිරීමට ඉඩ සැලැස්වීමේදී එය විධිමත් අයුරින් සිදු නොකිරීමද මෙසේ රෝගය නාවික හමුදා සාමාජිකයන් බොහොමයක් අතර ව්‍යාප්ත වීම කෙරෙහි බලපා ඇත.

නොසැලකිල්ල

නාවික හමුදාව යනු මුහුදේ හමුදා මෙහෙයුම් සිදුකරන ප්‍රධානතම ආරක්ෂක ඇණියයි. ඒ අනුව රට ආරක්ෂා කර ගැනීම සඳහා තම නාවික හමුදාව සතු නෞකා සහ එහි සේවය කරන නාවිකයන් ආරක්ෂා කිරීම නාවික හමුදාවේ පළමු රාජකාරියකි. ඉතා දක්ෂ ලෙස ත්‍රස්තවාදීන් සමඟ සටන් කොට නිරන්තර රට රැක ගැනී‍මේ කැපවීමකින් සිටින නාවික සෙබළුන් ඇහැට නොපෙනෙන වෛරසයක් වෙත බිලි දෙන්නට කටයුතු යෙදුණේ ද නොසැලකිලිමත් ව නිසා ය යන්න පිළිගැනෙන කරුණයි.

සිදුකළ යුතුව තිබුණේ වෛරසය පැතිර යන මූලික අවස්ථාවේම තම නෞකා කොළඹ වරායෙන් පිටත් කර වෙනත් ආරක්ෂිත ස්ථානයකට යැවීමය. එහෙත් නෞකා සහ ඩෝරා යාත්‍රා බොහෝමයක් කොළඹ වරායේ නැංගුරම් ලා තිබූ අතර ඒවා වෙනත් ස්ථානවලට මාරු කරන්නට පටන් ගත්තේ තත්ත්වය බොහෝ දුර දිග ගිය පසුවය.  නෞකා සහ ඩෝරා යාත්‍රා වෙන් ස්ථානවලට යොමු කරද්දීවත් අවම ළුශයෙන් දුරදිග බලා ක්‍රියා කොට නැති බව පැවසේ. එම නැව්  යැවීමට පෙර PCR පරීක්ෂණය සිදුකර නෞකා තුළ වෛරසය පැතිරී ඇති දැයි සොයාබැලිය හැකි වුවද  එය එසේ සිදු නොකර   මෙම නෞකා නොපෙනෙන වෛරසයට   බිලිවීමට ඉඩ හැරිණි.

මේ පිළිබඳව තවදුරටත් ලංකාසර වෙත අදහස් දක්වන ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරියකු පැවසූයේ ඔහු  දන්නා පරිදි නාවික හමුදාවට කොරෝනා වෛරසය පැමිණීමට පෙර පවා  වැරදි පාරේ ගිය බවය. බොහෝ විට නාවික හමුදාව තිබූ රාජකාරියට බැහැරව යමින් ඉහළ නිලධාරීන්ගේ පෞද්ගලික අවශ්‍යතා සහ ඉහළ නිලධාරීන් ගේ පැවැත්මට අවශ්‍ය ලකුණු රැස් කිරීම සිදු වූ අතර කිසිම විටෙක තම කණිෂ්ඨ නිළධාරින්ගේ සහ නාවිකයන්ගේ අවශ්‍යතා ඉඳුම් හිටුම් පිළිබඳ සොයා බැලීමට කටයුතු නොකළ බව එම ආරංචි මාර්ග තහවුරු කර තිබුණේය.

සෑම නාවික හමුදා කඳවුරකම සාද පවත්වමින්  ඉහළ නිලධාරීන් සිදු කළේ ජනතාවගේ මුදල් විනාශ කරමින් තම පටු අරමුණු ඉෂ්ට කර ගැනීමය. ඉහළ නිලධාරීන් නාවික හමුදාපතිවරයාගේද ඇස් වසමින් මෙම කටයුතු සිදු කර ඇති අතර මේ සියලු අකටයුතු ඉදිරියේ දී ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා හමුවේ දිග හැරෙනු ඇති බව පීඩිත නාවිකයෝ විශ්වාස කරති.

Tags: නවතම
Share254Tweet43
Previous Post

මේ මහනුවර ජාතික රෝහලයි…

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා පුජනී ලියනගේ රිය අනතුරකින් මිය යයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.