අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 මේ පොහොර ගෙන්වීම  රටේ මිනිස්සු මහා අනතුරකට ඇද දමාවි… මට   තියෙන්නෙ විශාල කණගාටුවක්…. මහාචාර්ය ආනන්ද කුලසුරිය

by editor
සැප්තැම්බර් 22, 2021
in පුවත්
පාංශු ක්ෂුද්‍ර ජීවවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ආනන්ද කුලසූරිය

පාංශු ක්ෂුද්‍ර ජීවවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ආනන්ද කුලසූරිය

Share on FacebookShare on Twitter
  • මේ අපරාධය කරන්න එපා කියලා මුලින්ම කිව්වෙ පළවෙනි ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමේ දි…

  • කරුණු සහිතව මේ ගැන කිව්වෙ වසර 50ක පරීක්ෂණ අත්දැකීම් සහිත ක්ෂුද්‍රජීව විද්‍යාඥ මහාචාර්යවරයෙක් විදිහට…

  • ඒ කරුණු පිළිඅරන් වගේ එදා කිව්වා කිසිම කාබනික පොහොරක් පිටරටින් ගෙන්වන්නෙ නෑ කියලා… ඒත් අපි කියන දේ අහන්නෙ නෑ… දැන් ටොන් ගණන් ගෙන්වනවා…

  • රටත් මිනිස්සුත් විශාල අනතුරක… මට මේ වෙන දේ ගැන දුකයි…

මේ රටේ ජනතාව අනාගතයේ දී මුහුණ දිය හැකි බරපතල අර්බුදය පිළිබඳ තමන්ට ඇත්තේ බලවත් කම්පාවක් බවත් වසර 50ක පරීයේෂණ අත්දැකීම් සහිත ක්ෂුද්‍රජීවී විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් ලෙස කිසිම රටකින් කිසිම ආකාරයක කාබනික පොහොරක් හෝ කාබනික ද්‍රව්‍යයක් රට තුළට නොගෙන්වන ලෙස දීර්ඝ වශයෙන් සහේතුකව කරුණු දක්වා තිබිය දී රට ව්‍යසනයකට ඇද දමමින්  කාබනික ද්‍රව්‍ය ටොන් ගණනින් ගෙන්වීමට කටයුතු කර ඇති බවත්  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ආනන්ද  කුලසුරිය  පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ අද (22) නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනට එක් වෙමිනි.

එහි දී ඔහු පැවසුවේ තමන්      හරිත වගාවක් සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායට රැස් වෙමින් පැවති පළමු රැස්වීමේදී  කිසිම කාබනික පොහොරක් හෝ ද්‍රව්‍යවයක් රට තුළට නොගෙන්වන ලෙස කරුණු සහිතව ප්‍රකාශ කරද්දී  එවැන්නක් සිදු නොවන බවට සහතික වූ බවය.

එහෙත් පොහොර ටොන් ගණනින් රට තුළට ගෙන්වීමට කටයුතු කිරීමේ ව්‍යසනය කණගාටුවෙන් බලා සිටින බව මහාචාර්යවරයා කීවේය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

එහි දී ඔහු කී කතාව මෙසේය.

“ හරි සැලසුමක් තියනවා නම් හරියාකරව රට තුළ කාබනික පොහොර නිශ්පාදනය කිරීමේ හැකියාව තියනවා. ඒ සතියෙන් දෙකෙන් නෙමෙයි. ලබන මහ කන්නය වනවිට බොහෝ දුරට සියයට අසූවක්වත් කාබනික පොහොර අවශ්‍යතාවය දේශීයව   සපුරාගන්න පුලුවන්.“

“මා හරිත ව්‍යාප්තියක්  සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායෙ සාමාජිකයෙක් විදිහට පත් කරන් හිටියා. නමුත් එහි එක රැස්වීමකට  පමණය මා සහභාගී වුනේ. ඒ ආරම්භක රැස්වීමේ දී මම පැහැදිලිව කරුණු සහිතව කිව්වා මොනම හේතුවක් යටතේවත් කාබනික පොහොර හෝ කාබනික ද්‍රව්‍ය කිසිම  විදේශ රටවලින් ලංකාවට ගෙන්වීම කොහෙත්ම සිදුසු නෑ කියලා.  එහෙම කරන්න එපා කියලා. මම රටක් නම් කළේ නෑ.“

“මේක මම කිව්වෙ ක්ෂුද්‍ර ජීව විද්‍යාඥ මහාචාර්යවරයෙක් වශයෙන්. වසර පනහක පමණ පරීක්ෂණ පළපුරුද්දක් තියන විද්‍යාඥයෙක්  වශයෙන්. එහෙම ගෙනාවොත්  භයානක අවදානමක් රටට තියනවා කියන එක මා පැහැදිලි කළා.“

“ මා ප්‍රසිද්ධියෙ   එම අදහස් දැක්වූ අවස්ථාවේ  දී  ඒ අය කිව්වා –  නෑ… කොහොමටත් කාබනික ද්‍රව්‍ය පිටරටින් ගෙන්වන්න අදහසක් නෑ… කියලා. “

“ අන්තිමට වුනේ මොකක් ද?. මෙට්‍රික් ටොන් ගනනින් කාබනික පොහොර පිටරටන්  ආනයනයක කරන්න හදනවා. “

“මේ පොහොර සාම්පල්  පරීක්ෂණවලදි අපි දැක්කා ශාඛවලට හානිකර ව්‍යාධි ජනක අර්වීනියා ඛාණ්ඩයේ බැක්ටීරියාවක් තියනවා.  ඒක පැලෑටි විද්‍යාඥයො හොඳින්ම හඳුනන ව්‍යාධි ජනක බැක්ටීරියාවක්.“

“අපි ඉදිරිපත් කරලා තිබුණ විද්‍යාත්මක දතත්, අපි කරලා තියන ප්‍රකාශ ගැන තැකීමක් නෑ.     අපි කියන ඒවා ගණන් ගන්නෙ නැතිව මේ ගනුදෙණු  කරගෙන යනවා. මට ලොකු කණගාටුවක් තියනවා. මේ රටේ ජනතාව ලොකු අනතුරකට පත් වේවි. “

මහාචාර්ය කුලසූරිය අවසාන වශයෙන් කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලොහාන්ට එරෙහිව පරීක්ෂණයට විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයෙක් පත් කෙරේ….

Next Post

ෆයිසර් එන්නත් මිලදී ගන්න ලෝක බැංකුවෙන් ඩො.මි. 100ක ණයක්

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.