බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව පුදුම සහගතයි!.. අගරදගුරු හිමිපානෝ විදෙස්ගත ලාංකිකයන්ට කියති!

by editor
ඔක්තෝබර් 17, 2021
in පුවත්
Malcom-Ranjith
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

පාස්කු ප්‍රහාරයේ නිර්දේශ සියල්ල ක්‍රියාත්මක කරන බවට ඡන්දයට පෙර දී පොරොන්දු වී ජනාධිපති ලෙස දිවුරුම් දුන් පසුත් සහතික කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාස්කු කොමිසමේ වාර්තාව තමන් අතට පත් වී දින දෙකක් ගිය තැන තමන්වහන්සේ අමතා එම නිර්දේශ සියල්ලම ක්‍රියාත්මක කළ නොහැකි බවත්, එසේ කළහොත් තමන් අප්‍රසාදයට පත්වන බවත් දැන්වූ බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ  පැවසූහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ  ඔස්ට්‍රේලියානු ශ්‍රී ලංකා යුක්ති සංසදය සමග සූම් තාක්ෂණය ඔස්සේ   පාස්කු දින ප්‍රහාරය පිළිබඳ එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණයක් අමතමිනි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ ද මෙම සම්මන්ත්‍රණයට එක් වී සිටියහ.

එම සම්මන්ත්‍රණයේ දී කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කළේ මේ ප්‍රහාරය පසුපස අන්තවාදී මුස්ලිම්වරුන් කිහිපදෙනෙක් පමණක් නොසිටි බව තමන් වහන්සේ දන්නා බවය. මේ ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ හැසිරීම පුදුමසහගත බවත් දැන් යුක්තිය ඉෂ්ට කරගැනීම සඳහා ජාත්‍යාන්තර ප්‍රජාවගේ සහය පැතිය යුතු කාලය එළඹ ඇති බවත් උන්වහන්සේ කීහ.

එම සම්මන්ත්‍රණය අමතමින් කාදිනල් හිමිපානෝ මෙසේ ද ප්‍රකාශ කළහ.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

“ජනාධිපතිවරණයට ඡන්දය ඉල්ලන කාලෙ ජනාධිපතිතුමා රටෙ වටේ ගිහින් කිව්වෙ තමන් බලයට පත් වුනාම මේ ප්‍රශ්නයට විසඳුම් දෙනවා කියලා. ඔහු බලයට පත් වූ වහාම රදගුරුතුමන්ලා සමග කළ සාකච්ඡාවකදි පැවසුවේ පාස්කු කොමිසමේ නිර්දේශ හා තීරණ ක්‍රියාත්මක කරනවා කියලා.“

“ඒත් අපට පාස්කු කොමිසමේ වාර්තාවෙ පිටපතක් ලැබුනාම ඔහු ඔහුගේ ආණ්ඩුවෙ කීපදෙනෙක් පත් කළා කොමිසමේ ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කරන්නත්,  ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක නොකරන්නත් . ඒ ජනාධිපතිතුමාගේ අවශ්‍යතාවලට අනුව. එය දේශපාලන තීන්දුවක්. ස්වාධීන තීන්දුවක් නෙමෙයි.

වාර්තාව නිකුත් වෙලා දින දෙකකට පස්සේ එතුමා මට කතා කළා. ඔහු මට කිව්වා වාර්තාවෙ නිර්දේශ සියල්ලම  ක්‍රියාවට නන්වන්න බැහැ කියලා. සමහර නිර්දේශ ක්‍රියාත්මක කළොත් ඔහු අප්‍රසාදයට පත්විය හැකි බවත් කිව්වා. ආණ්ඩුව ඒ වාර්තාවේ නිර්දේශ බොහොමයක් ක්‍රියාවට නන්වලා නැහැ. එයින් කාලයත් නාස්ති වුනා. අපි හැමෝගෙම බලාපොරොත්තු නැතිවුනා.

වාර්තාවේ පෙන්නුම් කරන්නෙ නීතිපතිතුමා බුද්ධි අංශවලින් සැක සහිත සිද්ධීන්  සම්බන්ධයෙන් ප්‍රශ්න කළ යුතු බවයි. ඒත් එවැනි දෙයක් වෙලා නෑ.  ඒ සියල්ලම වචනවලට සීමා වුන දේවල් විතරයි.

වත්මන් ආණ්ඩුව වත්මන් නායකයින් වින්දිතයින්ගේ සියලුම බලාපොරොත්තු බිඳ දමා තියනවා. අපට ඔවුන්ගේ මෙම ක්‍රියා කලාපය පිළිබඳවම පුදුම සහගතයි. අපට කිසිම වුවමනාවක් නෑ කිසිම කෙනෙකුගෙන් පලි ගන්න. ප්‍රහාරය සිදුවුනාම ලොකු කලබල රටේ ඇතිවෙන්න හැකියාව තිබුණා. අපි එවැනි තත්වයක් ඇතිවීම වැළැක්වීමට කළ හැකි සියල්ලම කළා.

ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් සමග අපි බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියා මුස්ලිම් ජනතාවට හිරිහැර නොකරන ලෙසට. මම මුස්ලිම් ජනතාව ආරක්ෂා කළා.

අපි දන්නවා මේ ප්‍රහාරය පසුපස ඉන්නෙ අන්තවාදී මුස්ලිම්වරු හත් අට දෙනෙක් විතරක් නෙමෙයි කියලා.

මේ පිටුපස ඉතාම ලොකු දෙයක් සිද්ධවුනා. අපිට දැනගන්න ඕනෑ මොකක් ඒ කියලා. ඒක දැනගන්නකල් අපිට සෑහීමකට පත් වෙන්න බෑ. ඒක හෙළි වුනේ නැතිනම් මිනිස්සු රැවටීමක් වෙනවා. අපිට ඇත්තටම ජාත්‍යාන්තර ප්‍රජාවේ සහය අවශ්‍යයයි.  පාස්කු ප්‍රහාරය පිටුපස්සේ එදා මොකද වුනේ කියලා ඇත්තටම දැගන්න. කවුද ඒක කළේ. දේශපාලන අරමුණු තකා කවුද ඒ පුද්ගලයින්ව පාවිච්චි කළේ. අපට එය දැනගැනීමට අවශ්‍යයයි.

.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

තෙල් ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක්

Next Post

ඉදිරි දෙසතිය තුළ සෑම සහල් කිලෝවක්ම රුපියල් 25 -50 මිලකින් වැඩි වෙනවා…  සහල්  නිශ්පාදකයෝ අනතුරු අඟවති!

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.