සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ ජනවරමේ බර හොදින් දන්නවා… එය ගෞරවයෙන් භාවිතා කරන හැටි ඔබට පෙන්වන්නම් – ටිල්වින් සිල්වා!

by editor
නොවැම්බර් 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • දැන් මේ රටේ දිනුව පැරදුන පුරවැසියො නෑ… හැම පුරවැසියෙක්ම දිනුම්… දේශපාලකයෝ පරාදයි… එකතුවෙලා රට හදන්න පටන් ගනිමු. ටිල්වින් යෝජනා කරයි!

ලැබුණු ජන වරමේ බර හොඳන්ම දන්නා බවත්, එය ගෞරවනීයව රට ගොඩනැගීමේ කාර්ය සඳහා භාවිතා කරන ආකාරය සම්බන්ධව ජනතාවට වග කියන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අද පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ජනතාව සහතික වුනේය.

ජනතාවගේ මුදලින් යැපෙමින්,  ජනතාව මත බලය මුදා හැර පවත්වාගෙන ගිය පැරණි ප්‍රභූ අධිපතිවාදී දේශපාලනය ජනතාව විසින්ම අවසන් කර ඇති බවත්, දැන් ඇත්තේ ජනතාවගේ පාලනයක් බවත් ලේකම්වරයා පැවසුවේය.

ඔහු පෙන්වා දුන්නේ මහ ඡන්දය හමාර වීමත් සමග පැරදුන ජනතාවක් හෝ ජයග්‍රහණය කළ ජනතාවක් ලෙස කොටස් දෙකක් නැති බවය. ඇත්තේ පරාජය වූ ගර්හිත දේශපාලකයින් පිරිසක් බව ඔහු අවධාරණය කළේය. මේ ජනතා ජයග්‍රහණය ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයක් නොව, සමස්ථ ජනතාව ලැබූ ජයග්‍රහණයක් බව කී ටිල්වින් සිල්වා නිර්මාණය වන ඉදිරි පුනරුද යුගය වෙනුවෙන් රොද බැඳගන්නා ලෙස ජනතාවට ආරාධනා කළේය.

“ජනතාවට කියනවා දැන් පැරණි යුගය අවසන්. ජනතාව විසින්ම ජාතිවාදය ප්‍රතික්ෂේප කරලා තියනවා. ආගම්වාදය ප්‍රතික්ෂේප කරලා තියනවා. ඒ දේශපාලන නායකයින්ට වඩා ජනතාව ඉන්නේ උඩින් කියලා ඔවුන් පෙන්වා දීලා තියනවා. දැන් ඔවුන් ආගම්වාදය ජාතිවාදය මත යැපුන දේශපාලනය අවසන් කරලා. ” ඔහු කීවේය.

RelatedPosts

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

ගෙවුන දින 52කට ආසන්න කාලය තුළ වියදම් අවම කරගනිමින් ප්‍රභූත්වයක් ආරෝපණය කර නොගෙන ජනතාව හා ජීවත් වෙමින් කළමණාකරන පාලන ක්‍රමයට ජනතාව ප්‍රිය වීම සහ ඒ සම්බන්ධය ඇතිවුන විශ්වාසය ජනාධිපතිවරණයට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් මහ මැතිවරණයේ දී ජනතාව විසින් ලබා දීමට හේතුවක් වූ බව ද ටිල්වින් සිල්වා පැවසුවේය.

“අපත් තුනෙන් දෙකක ජන වරමක් ඉල්ලුවෙ නෑ… නමුත් ජනතාව එය ලබා දිලා තියනවා. ඒ ජනතා විශ්වාසය ආරක්ෂා කළ යුතුව තියනව. එය අභියෝගයක්. තුනෙන් දෙකේ බලයක් කිසිවෙකුටත් දෙන්නන එපා කියලා අදහසක් අපට තිබුණා. අධික බලය පාලකයො භාවිතා කළ කැත ආකාරය නිසා. නමුත් අප දැඩි වගකීමකින් ඒ ලැබුන අධික බලය පරිස්සමින් පාවිච්චි කරන බවට වග අවධාරණය කරනවා. අප කවදාවත් පවතින බලයෙන් මත්වෙන දේශපාලන පක්ෂයක් නෙමෙයි. එහෙම දේශපාලනයක් තිබ්බා. නමුත් ඒ දේශපාලනය දැන් පරාදයි. ‘

“අප කවදාවත් දේශපාලන බලයෙන් හිස උදුම්මවා ගන්නේ නෑ, අධික බලය ජනතාව ගේ යහපත සඳහා භාවිතා කරන්නේ කොහොමද කියලා අපි පෙන්වනවා. අප ඒ බලය යොදා ගන්නේ ජනතාව පීඩාවට පත් කිරිමට නොවෙයි. රට ගොඩනගන්න ප්‍රජාතන්ත්‍රවාදය තහවුර කරන්න. ජනතා බලාපොරොත්තු ඉටු කරන්න. අපි ඒ ගැන රටට සහතික වෙනවා. ”

“මේ ජනවරමේ බර ගැඹුර අපට තේරේනවා. අප භාරගෙන තියෙන්නේ සරල රටක් නෙමෙයි. ණය බරින් මිරිකුන, ආර්ථක වශයෙන් බංකොලොත්වුන,  දුප්පත්කම වැඩි වුන මත්ද්‍රව්‍ය ජාවාරම වැඩිවුන, ජාවාරම් වැඩිවුන රටක්. ජාත්‍යාන්තරයේ දී  ප්‍රතිරූපය බිඳගත්තු රටක්. මහජන මුදල් වලින් දේශපාලකයින් ජීවත් වුන රටක්. ඒක වෙනුවට අපි ක්‍රමයක් හදන්න ඕන. ”

ග්‍රාමීය දුප්පත් කම තුරන් කිරිම මෙන්ම පිරිසිදු රටක් ගොඩනැගීම, විනය ගරුක රටක් ගොඩනැගිම ජනතාවාදී දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම වැටුණු ආර්ථිකය යළි නගා සිටුවීම සඳහා ලැබුණු බලය පාවිච්චි කරනවා මිස පක්ෂයක් ලෙස වරප්‍රසාද ලබා ගැනීම සඳහා දේශපාලන බලය අවභාවිතා නොකරන බව ටිල්වින් සිල්වා සහතික වුනේය.
“.දැන් ඡන්දයද ඉවරයි. ඡන්ද දෙකේදිම අපි අපේ ඡන්ද සංස්කෘතිය වෙනස් කළා. පශ්චාත් මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා නැති මැතිවරණ අපි කරලා පෙන්නුවා.”

“නැවත වරක් කියනවා මේ ජයග්‍රහණය බරක්. අප ඒ අවබෝධයෙන් ඉන්නේ. අපේ දේශපාලනයෙ
මින් පස්සේ ජයග්‍රාහකායො පරාජිතයො කියලා කොටස් දෙකක් ජනතාව අතර නෑ. දේශපාලකයො පරාජය වුනා. දැන් අපි ඔක්කොම පුරවැසියො. මේ ජයග්‍රහණයේ ජාතික ජන බලවේගයේ නෙවෙයි. අපට ඡන්ද දුන්න නුදුන්න සියලුම දෙනාගේ අයගේ ජයග්‍රහණයක්. මේ රටේ සියලුම පුරවැසියන් වෙලා වට්ටපු රට ගොඩනැගීමට එකතු වෙමු. මේ රට ලෝකයේ උඩින්ම තියන රටක් බවට පත් කරමු.” ටිල්වින් සිල්වා පැවසුවේය.

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනාධිපති සහෝදරයා… සමරන්න පෙර බය වෙන්න… එක් අතපසුවීමකින් සහෝදරකම් අහවර විය හැකියි!

Next Post

කළුතර රත්තරන්ට මනාපයි… මනාප ප්‍රතිඵල නිකුත් වෙයි!

Related Posts

පුවත්

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026
පුවත්

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026
පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!
  • චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!
  • අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.