සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති සහෝදරයා… සමරන්න පෙර බය වෙන්න… එක් අතපසුවීමකින් සහෝදරකම් අහවර විය හැකියි!

by editor
නොවැම්බර් 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

ඉල්ලුවේ ශ්‍රමදානයකි. ජනතාව භූමිදානයක් සූදානම් කර තිබේ. ඔවුන් කියන්නේ එසේය.  ජනාධිපති සහෝදරයා මේ ජයග්‍රහණය සැමරීමට පෙර බිය විය යුතු බව අපි යෝජනා කරමු. මේ ඉතිහාසගත ජයග්‍රහණයකි. ජයග්‍රහණය ලැබූවන්ටත් බිය උපදවන සුළු ජයග්‍රහණයකි. ජනතාව ලබා දී නැත්තේ අහවල් දේ පමණි. ජනතා වගකීම අත් හරින මුල්ම නිමේශයේ අපේ සහෝදරකම් ඉවර බව ජනතාවගේ පැත්තේ සිට ලියා තැබිය යුතුව තිබේ.

පාර්ලිමේන්තු බහුතරය හිමි කර ගැනීම සඳහා අවශ්‍ය වූ අවම ආසන සංඛ්‍යා 113කි. 2024 මහ මැතිවරණයේ සමස්ථ ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ආසන 159ක් හිමි කර ගෙන තිබේ. ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ තනි පක්ෂයක් ලෙස තුනෙන් දෙකකට වඩා වැඩි පාර්ලිමේන්තු බහුතරයක් ජාතික ජන බලවේගය අත් කරගෙන ඇත.

ජාතික ජනබලවේගය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 6,863,186කි. දෛවෝපගත ලෙස එය 69 ලක්ෂයක ජන වරමකි. 69 ලක්ෂයක ජන වරම ගත් මින් පෙර සිටි ජනාධිපතිවරයා ජනතා අපේක්ෂා බිඳ දැමූ උච්ඡතම අවස්ථාවේ මිනිස්සු ඔහුව පැන්නුවේ ඔහුගේ පාලනය පොළොවේ ගසමිනි. බලය සම්බන්ධ සම්ප්‍රදායික ආධිපත්‍යයක් සහ පදනමක් නොමැතිව ජනතා බපාපොරොත්තු මතම ගොඩනැගුන මෙම ආණ්ඩුව අප ප්‍රාර්ථනා කළ සිහිනය වූයේය. එම සිහිනයේ අංශුවක් විනාශ වීම අපව බරපතල ලෙස රිද්දවන බව කිව යුතුව තිබේ.

ජාතික ජන බලවේග ආණ්ඩුව ලබා ගත් ඡන්ද ප්‍රතිශතය සියයට 61.56%කි. විපක්ෂය ලෙස සමගි ජන බලවේගය හිමිකර ගෙන ඇති ආසන සංඛ්‍යාව 40කි. ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 17.66 % කි. .

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ද සමගින් ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය මන්ත්‍රී ධූර 08ක් හිමිකරගෙන ඇත. රනිල් වික්‍රමසිංහගේ කළ පුරුදු අය සහිත නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 2ක් සමගින් ආසන 5ක් හිමිකර ගෙන තිබේ.

RelatedPosts

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

පොහොට්ටුවට මන්ත්‍රී ධූර තුනකි. මන්ත්‍රී ධූර දෙක සමග එක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයකි. පොහොට්ටුව දැන්  සියයට තුනේය.  අවුරුදු හතරකට පසු සියයට තුනේ සිටි  මාලිමාව සියයට 62ක් ලබාගෙනය. ඒ 69 ලක්ෂයක ජන වරමක් සහිතවය.  මේ ගණිත රටාව අපට කියන්නේ නොවිය හැක්කක් නැති බවය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ද මන්ත්‍රී ආසන 3ක් හිමි කර ගෙන තිබේ. පළමු වරට මහ මැතිවරණයකට තරග කළ දිලිත් ජයවීරගේ සර්ව ජනබලය පක්ෂය එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි කරගෙන තිබේ. රනිල් වික්‍රමසිංහ 2019 මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට පැමිණියේ තම පක්ෂයට ලැබුණු එකම ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයෙනි.

එක්සත් ජාතික පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය, සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසය, සමස්ථ ලංකා මහජන කොංග්‍රසය, යාපනය ස්වාධීන කණ්ඩායම් අංක 17 සහ ශ්‍රී ලංකා කම්කරු පක්ෂය එක් මන්ත්‍රී ආසනය බැගින් දිනා ගෙන ඇත. එතැන ආසන 06කි.

පාර්ලිමේන්තුව සුද්දයි

2024 මහ මැතිවරණයට පෙරම පාරම්පරික උරුමයක් ලෙස දේශපාලනය කරමින් දශක ගණනක් පාර්ලිමේන්තුවට පැමිණ ගර්හිත දේශපාලනයක් කළ මන්ත්‍රීවරුන් ස්වයං ව විශ්‍රාම ගැන්වූ මැතිවරණයකි.

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මෙම පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකිරීමට මුලින්ම තීරණය කළහ. ඔවුන්ගේ දේශපාලනය ඉව මොනතරම් තියුණුදැයි මැතිවරණයට පසු දිනයේ දී සනාථ වූයේය.

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙවර මහ මැතිවරණය සඳහා තරග නොකිරීමට තීරණය කළ ද ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ ජාතික ලැයිස්තුවේ මුල් ම අපේක්ෂකයා ලෙස ඇතුළත්ව සිටියේය. පසුගිය පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස කටයුතු කළ මහින්ද යාපා අබේවර්ධන ද මෙවර මහ මැතිවරණය සඳහා තරග කළේ නැත. ඔහු ද ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ ජාතික ලැයිස්තුව සඳහා ඇතුළත්ව සිටියේය.

පූර්ව තක්සේරුවක් මත මෙවර මැතිවරණයට තරග නොකළ හිටපු මන්ත්‍රීවරු රැසකි. චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ , විමල් විරවංශ, පාඨලී චම්පික රණවක, නාලක ගොඩහේවා, ලක්ෂ්මන් කිරිඇල්ල, ජෝන් සෙනවිරත්න, මාවෙයි සේනාධිරාජා, සි.වී. විග්නේෂ්වරන්, ෂාන් විජයලාල් ද සිල්වා, විමලවීර දිසානායක, එස් බී දිසානායක , කනක හේරත් , වාසුදේව නානායක්කාර, ජනක බණ්ඩාර තෙන්නකෝන්,ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, කෙහෙළිය රඹුක්වැල්ල, සිරිපාල ගම්ලත්, ගීතා කුමාරසිංහ, ප්‍රදීප් උඳුගොඩ, ඩී.බී. හේරත්, ගුණතිලක රාජපක්ෂ, විජිත බේරුගොඩ, ජගත් පුෂ්පකුමාර, කුමාරසිරි රත්නායක, වෛද්‍ය ගයාශාන් නවනන්දන, ලොහාන් රත්වත්තේ, සුදත් මංජුල, උදයකාන්ත ගුණතිලක සහ කරුණාදාස කොඩිතුවක්කු යන හිටපු මන්ත්‍රීවරු ඒ අතර වූහ.

එමෙන්ම නාමල් රාජපක්ෂ, රංජිත් මද්දුමබණ්ඩාර, සාගර කාරියවසම්, තිස්ස කුට්ටිආරච්චි, ගාමිණී ලොකුගේ, ටිරාන් අලස්, ජයන්ත වීරසිංහ, සුරේන් රාඝවන්, තලතා අතුකෝරළ, සී.බී. රත්නායක, ජයන්ත කැටගොඩ, ඩලස් අලහප්පෙරුම, ඉම්තියාස් බාකීර් මාකාර්, ජී.එල්.පීරිස්, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මෙවර මහ මැතිවරණයට තරග නොකළ අතර ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ සමගි ජන බලවේගය යන පක්ෂවලින් ජාතික ලැයිස්තුවට නම් ඇතුළත් කරගෙන සිටියහ.

කුල්ල කුජීත වී හක්ක දොට්ට පැන්න සිද්ධිය

දැන් සියල්ල ඉවරය. හීන සුන් වී ඇත. මැතිවරණයට ඉදරිපත් වී බන්දුල ගුණවර්ධනට අනුව කුල්ල කුජීත වී හක්ක දොට්ට පැන්න ම්නත්‍රීවරු වන්නේ රමේෂ් පතිරණ, මනූෂ නානයක්කාර, ඉසුරු දොඩංගොඩ, මහින්ද අමරවීර, අජිත් රාජපක්ෂ, කංචන විජේසේකර, නිපුණ රණවක, ශෂේන්ද්‍ර රාජපක්ෂ, ප්‍රමිත බණ්ඩාර, රෝහණ දිසානායක, දිළුම් අමුණුගම, මහින්දානන්ද අළුත්ගමගේ, රෝෂාන් රණසිංහ, සංජීව එදිරිමාන්න, උදය ගම්මන්පිල, සුසිල් ප්‍රේමජයන්ත, විදුර වික්‍රමනායක, පියල් නිශාන්ත ද සිල්වා, රාජිත සේනාරත්න, එස්.එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, එස්.සී මුතුකුමාරණ, රංජිත් සියඹලාපිටිය, තාරක බාලසූරිය, සාරතී දුෂ්මන්ත, ජොන්ස්ටන් ප්‍රනාන්දු, අසංක නවරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, ශාන්ත බණ්ඩාර, ප්‍රේමලාල් ජයසේකර, ජානක වක්කුඹුර, නිමල් ලන්සා, ඉන්දික අනුරුද්ධ, අරුන්දික ප්‍රනාන්දු, හරින් ප්‍රනාන්දු, ප්‍රසන්න රණවීර, පිල්ලෙයාන් හෙවත් සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන්, නිමල් සිරිපාල ද සිල්වා, පවිත්‍රා වන්නිආරච්චි, ඩග්ලස් දේවානන්ද, අංගජන් රාමනාදන්, සෙල්වරාසා ගජේන්ද්‍රන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, කුලසිංහම් දීලීපන්, M.A සුමන්දිරන් එතනය.

චොකා මල්ලි, ජොනී, ගම්මන්පිල, සිට සුමන්තිරන් දක්වා විවිධ මාදිලියේ ප්‍රතිකාර රහිත පිළිකා ඉවත් වී ඇත. ටිරාන් අලස් ඇතුළු මැරයින් සහ ගවයින් සහිත ජාතික ලයිස්තුවෙන් යන්න හිටි සෙට් එකත් ගෙදරය. ඉල්ලූ දේ ලැබී ඇත. විධායක ජනාධිපති ධූරය, පිරිසිදු පාර්ලිමේන්තුව සහ තුනෙන් දෙකක ජන වරම ආණ්ඩුවට ලැබී තිබේ. දැන් අපට දෙන්නට කියා අහවල් දෙයක් නැත. මිනිස්සු වෙනස සඳහා කැපවන්නත් සූදානම්ය. මේ ඡන්දය දුන්නේ ගෙදරට අහවල් දේ බලාගෙන නොවේ.  දැන් තමන්ට එල්ල වී ඇති කයියනාකය විකට නාමය තමන්ට නොගැලපෙන බව සාධනය කිරීමේ වගකීම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සතුව ඇත. ඔහුට දැන් අභියෝගය වනු ඇත්තේ වෙන කවරෙක්වත් නොව, ඔහුමය. මින් පෙර හැට නව ලක්ෂයේ ජන වරම  කැරකුන ආකාරය සිහි කරගන්න.  පුනරුද යුගයක් සඳහා කැපවීමට අප සූදානම්ය.  තේරුම් ඇති අවධියේ සිට අඩුම තරමින් දශක තුන හමාරක් තිස්සේ අපේ පරපුර දුටු සිහිනයත් එයය.  ඒ ශුද්ධ වූ සිහිනය එක බිඳකුදු හකුළුවන්නට කිසිවෙකුට අයිතියක් නැති බව ලියා තබමු.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගාල්ල – මාතර මනාප ප්‍රතිඵල – පළපුරුදු මහදැනමුත්තන් රැසක් නිවෙස්වල…

Next Post

මේ ජනවරමේ බර හොදින් දන්නවා… එය ගෞරවයෙන් භාවිතා කරන හැටි ඔබට පෙන්වන්නම් – ටිල්වින් සිල්වා!

Related Posts

පුවත්

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026
පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

ජූනි 27, 2026

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!
  • අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…
  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.