සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ ඔටුන්න වැනි හිස්වැස්ම දාගත්තේ නාට්‍යයක් රඟපාන්න නෙමෙයි…

පාස්කු ප්‍රහාරයේ  දරාගන්නම බැරි දේ ගැන කාදිනල් හිමියෝ කියති...

by editor
නොවැම්බර් 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකරන්නෙ ඔවුන් අපරාධයේ කොටස් කරුවන් නිසා ද? පාස්කු අපරාධකරුවන්ට ඉබි කටු අස්සේ සැඟවී සිටිය නොහැකියි… ඔවුන් දෙවියන් වහන්සේ ගේ උසාවිය ඉදිරියේ නියතවම හෙළිදරවු වෙනවා…

  • මේ ඔටුන්න දාගෙන ඉන්නෙ නාට්‍යයක රඟපාන නළුවෙක් වේන්න නොවෙයි. අවසාන මොහොත දක්වා තනතුරේ වගකීම දරමින් මේ අපරාධයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කරගන්න කැප වෙනවා…

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට  වගකිවයුතු පාර්ශව පියවර නොගැනීමෙන් මෙම ප්‍රහාරහය පසුස ඔවුන් සිටින බවට සැකයක් මතුවන බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ඊයේ (23) වාද්දූව ශුද්ධාත්මයානන්ගේ දෙව්මැදුර ප්‍රතිසංස්කරණය  කර විවෘත කිරීම වෙනුවෙන් පැවති විශේෂ දේව මෙහෙයකට එක් වෙමිනි.

එහිදී උන්වහන්සේ ප්‍රකාශ කළේ තමන් මේ ඔටුන්නක් වැනි හිස්වැස්මක් දමාගෙන සිටින්නෙ නාට්‍යයක රඟපාන නළුවෙක් වන්නට නොවන බවය.  මේ රටේ ජනතාව වෙනුවෙන් වගකීමක් තමන්වහන්සේට තිබෙන බව පැවසූ උන්වහන්සේ  ප්‍රකාශ කළේ ඒ වගකීම වෙනුවෙන් දිවි හිමයෙන් කැපවන බවත්, අපරාධය කළ අය දෙවියන්වහන්සේගේ උසාවිය ඉදිරියේ හෙළිදරව් වන නිසා ඉබි කටු ඇතුළේ සැඟවී බේරී ඉන්නට නොසිතන ලෙසත්ය.

කාදිනල් තුමෝ ඒ අවස්ථාවේ දී මෙසේ ද පැවසූහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“වර්ෂ 2019 අප්‍රේල් මාසයේ 21 වැනිදා සිදුවුනු බෝම්බ ප්‍රහාරය නිසා අපේ රට තුළ විශාල විනාශයක් ඇතිකිරීමට යම් කිසි කණ්ඩායමක් කටයුතු කළ බව පෙනෙන්නට තියනවා. ඒ පිළිබඳව පවත්වන ලද කොමිෂන් සභා වාර්තාවල යම් යම් දේවල් සඳහන් වෙලා තියනවා.“

පූජා ප්‍රසාදීන්වහන්සේලාගෙන් විශේෂ ඉල්ලීමක්..

“මතුපිටින් තිබුණු දේට වඩා යටින් ඊට වඩා ලොකු වැඩපිළිවෙළක් තිබුණා කියලා අපට එන්න එන්ම වැටහෙනවා. අපට පළිගන්න ඕනකමක් නෑ කාගෙන්වත්. කාටවත් දඬුවම් කරන්න අපට රුදාවක් නෑ. නමුත් අපි ඇත්ත මොකක් ද කියලා දැනගන්න ඕන. ඒක සොයාගන්න තුරු අපි මේ අරගලය අතහරින්නෙ නෑ.

මං විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා මගේ පූජා ප්‍රසාදීන්වහන්සේලාට. අපි එකට එකතුවෙලා මෙතනදි කටයුතු කළ යුතුයි. එහෙම නැතිනම් අපේ පූජාත්‍රය නිකම් සක්‍රමේන්තු පූජාත්‍රයක් බවට පත් වෙනවා. ඊයේ පෙරේදා ගාමිණී පෙරේරා පියතුමා සාක්ෂි දෙන්න ගිය වෙලාවේ 300ක් පමණ ප්‍රසාදීන්වහන්සේලා කොළඹ පදවියෙ ඒ මිය ගිය අයගේ පින්තූර අතේ තියාගෙන මේ කරන වැඩේට තමන්ගෙ විරෝධය පල කළා එක  හඬින්. එතන අප සියලු දෙනා සිටිය යුතුයි.

අද අපේ රටේ ඉතාමත්ම භයානක තත්වයක්. අපි මේ දේශපාලනය කරනවා නෙමෙයි. මේ ඔටුන්නක් වගේ එකක් දාගෙන ඉන්නෙ නාට්‍යයක් රඟපාන නළුවෙක් නිසා නෙමෙයි. මේ තනතුර විහිලුවක් නෙමෙයි.  මේ තනතුර දරනවා නම් ජනතාව අතර මාංශගත වෙන්න ඕන. ජනතාවගේ දුකේදී සැපේ දී ඔවුන් අතර ඉන්නට ඕන.

නරකම පැත්ත

මේකෙ ඔක්කොන්ටම වඩා නරකම පැත්ත තමයි මේ ප්‍රහාරය ගැන හොඳට දැනගෙන ඉඳලා ඒක වළක්වන්නට ඇතැම් උසස් උදවිය තනතුරු හොබවන උදවිය ප්‍රසිද්ධියේ පොරොන්දු දුන්න උදවිය මුකුත් වුනේ නෑ වගේ ශාන්තුවරු වගේ ජීවත් වෙනවා. ඒක තමයි අපිට හුඟක් දුරට දරාගන්න බැරි කාරණාව.

ඒ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් නිර්දේශ කරලා තියන දේවල් පවා ක්‍රියාත්මක කරන්නට බලධාරීන් කටයුතු කරන්නෙ නැහැ. අපි කොච්චර කිව්වත් කියන දේ අහන්නෙත් නෑ. ඒක එහෙම වෙන්නෙ මොකක් හරි හේතුවක් නිසා ද?. මොකක් හරි වගකීමක් තියනවද ඒ ගොල්ලන්ගේ මේ ප්‍රහාරවලට. දැන් අපට සාධාරණ සැකයක් ප්‍රශ්නයක් ඇති වෙනවා.

ඒ සැකය ප්‍රශ්නය දුරු කරන්නට නම් ඒ අය මොනද කරන්නට ඕන, ජනාධිපති කොමිෂන් සභාවෙන් නිර්දේශ කරලා තියන හැම දෙයක්ම ක්‍රියාවට නන්වන්ට කටයුතු කරන්න ඕන. එයාලට ඒක කරන්න බැරිනම් අඩුම ගානෙ කරන්න පුලුවන් කෙනෙකුට හරි ඒක කරන්න බාර දෙන්න ඕන.

අපට උසාවියක් තියනවා. ඒක තමයි දෙවියන්වහන්සේගේ උසාවිය. උන්වහන්සේගේ උසාවියෙන් යුක්තිය ඉෂ්ට වෙන බව අපි දන්නවා. සත්‍ය හෙළිදරව් වන බව අපි දන්නවා.  ඒ නිසා ඉබි කට්ටක් අස්සෙ හැංගිලා තමන්ව ආරක්ෂා කරගෙන ඉන්න පුලුවන් කියලා කවුරුහරි හිතනවා නම් ඒ අය කරන්න තමන්ම රවටා ගැනීමක්.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කින්නියා ඛේදවාචකයට වගකිවයුත්තේ ඉම්රාන් මහරුෆ් මන්ත්‍රීගේ නගරාධිපති මස්සිනා

Next Post

ජගත් විශේෂ නියෝජිතයෙකු 26 දා දිවයිනට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.