ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මඟින් 16 වැනි වරටත් සංවිධානය කළ 2022 වසරේ ප්‍රකාශිත සිංහල නවකතා අතුරෙන් විශිෂ්ටතම නවකතාවට හිමි ස්වර්ණ සම්මානය මෙවර නෝබට් අයගමගේ ලියූ ”කුර හඬෙකි වියැකෙන’ කෘතිය විසින් හිමි කර ගත්තේය.
සම්මාන උලෙළ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ඊයේ (08) පස්වරුවේ පැවැත්විනි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අංශ ප්‍රධානි මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේ දි වසරේ හොඳම නවකතාවට හිමි ස්වර්ණ පුස්තක සම්මානය සමඟ රුපියල් ලක්ෂ අටහමාරක මුදල් ත්‍යාගයක්ද නොබට් අයගමගේ වෙත ප්රදානය කෙරිනි.
පසුගිය වසරේ ප්‍රකාශිත නවකතා අතුරින් නවකතා 12 ක් දෙවන වටයට නිර්දේශ වී තිබූ අතර ඒවා අතරින් මෙවර ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටය සඳහා විනිශ්චය මණ්ඩලය විසින් තෝරාගෙන ඇති නවකතා පහකි.
- කූර හඬෙකි වියැකෙන – නෝබට් අයගමගේ ෆාස්ට් පබ්ලිෂින් (සුරස) ප්රකාශනයකි.
- ඩූඕ – DUO – සුරත් ද මැල් – සරසවි ප්රකාශනයකි.
- උසාවි ගිය නෙරූඩා නොහොත් කාම ඝෝරකවියා –පී.බී.ජයසේකර – කෙහෙලි ප්රකාශනයකි.
- පහනක අඳුර – එරික් ඉලයප්ආරච්චි – ගොඩගේ ප්රකාශනයකි.
- මුන්නක්කරේ සංසාරේ – මංජුල වෙඩ්වර්ධන – විදර්ශන ප්රකාශනයකි.







