ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙමින් සිටි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වන අලි ප්‍රහාරයකට ලක්ව අම්පාර රෝහලේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග කියයි.
මේසේ වන අලි ප්‍රහාරයට ලක්වන්නේ ලංකාවේ සංචාරයක නිරතවෙමින් සිටි 34 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි. වන අලි නැරඹීමට ගොස් පානම අදගම වැව් රක්ෂිතයේ සිටියදි ඇය මෙම වන අලි ප්‍රහාරයට ලක් වී ඇත.
පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







