අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෙරට දේශපාලන පරපුරක කතක් නවසීලන්ත පාර්ලිමේන්තුවට

දේශපාලනයට ගැම්ම ආවේ රිචඩ් ද සොයිසා ඝාතනයෙන්...

by Lanka Sara Editor
ඔක්තෝබර් 18, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා දේශපාලනයේ සලකුණු තැබූ කීර්තිමත් දේශපාලන පරම්පරාවක පුරුකක් වූ, මානව හිමිකම් නීතිඥවරියක වන වනුෂි වෝල්ටර්ස් මහත්මිය නවසීලන්ත මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබේ.

ඇය කම්කරු පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ වයඹ දිග ඕක්ලන්ඩ්හි අපර්හාබර් ඡන්ද බල ප්‍රදේශයෙන් විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී පෝලා බෙනට් පරාජය කරමිනි.

ශ්‍රී ලංකා සහ නවසීලන්ත ද්විත්ව පුරවැසියකු වන වනූෂි සිය මාපියන් සමගින් නවසීලන්තයට සංක්‍රමණය වන්නේ අවුරුදු පහේ දී පමණය. ඇය මෙරට දේශපාලනයේ ඉතිහාසගත පරම්පරාවක වත්මන් පුරුකක් බව කිව යුතුය.

කොළඹ පළමු නගරාධිපති වෛද්‍ය සර් රතනසෝති සරවනමුත්තු මහතා

කොළඹ පළමු නගරාධිපතිවරයා වූ වෛද්‍ය සර් රතනසෝති සරවනමුත්තු සහ මෙරට පාර්ලිමේන්තුවේ දෙවන මන්ත්‍රීවරිය සහ පළමු දෙමළ මැතිසබේ සාමාජිකාවක වූ වෛද්‍ය ලුයිසා නයිසුම් සරවනමුත්තු යන දෙපලගේ දියණියක වූ වෛද්‍ය සීතා සරවනමුත්තු මහත්මිය වනූශිගේ මිත්තණියයි. ඒ සිය පියා වන ජන රාජනායගම්ගේ පාර්ශවයෙනි. ඔහුට හා ප්‍රීතිවා මේතර් දෙපළට දාව උපන් දරුවන් තිදෙනාගේ බාලම දරුවා වනූෂි ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙරට පාර්ලිමේන්තුවේ දෙවන මන්ත්‍රීවරිය නයිසම් සරවනමුත්තු මහත්මිය

ඇය පවසන පරිදි ඇයට දේශපාලනයට පිවිසීමට පළමු පෙළඹවීම ඇති කරන්නේ 1990 ශ්‍රී ලංකාවේ දී ඝාතනයට ලක් වූ ජනමාධ්‍යවේදී රිචඩ් ද සොයිසා යන තම පියාගේ දෙවන මස්සිනාගේ ඝාතනයයි. රිචඩ් ද සොයිසා යනු වෛද්‍ය මනෝරානි සරවනමුත්තුගේ පුත්‍රයා ය. මානව අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගූ ඔහුගේ ඝාතනය මානව හිමිකම් කෙරෙහි, නීතිය කෙරෙහි මෙන්ම දේශපාලනය කෙරෙහි ද තමන් පෙළඹවීමට හේතු වූ බවට ඇය කියන්නීය. එවකට ඇය බාලවයස්කාර දැරියක් වුවද එම ඝාතනය තම ඥාතියකු ලෙස නොව මානව හිමිකම් ක්‍රියාකාරියකුගේ හඬ යටපත් කිරීමක් වූ බවට තමාට දැනුනේ යැයි ඇය සිහිපත් කරන්නීය.

1990 දී ඝාතනයට ලක්වූ මෙරට ප්‍රසිද්ධ ජනමාධ්‍යවේදීයකු, රංගන ශිල්පියකු හා ලේඛකයකු වූ රිචඩ් ද සොයිසා මහතා

මානව හිමිකම් නීතිඥවරියක වූ වනුෂි බටහිර ඕක්ලන්ඩ්හි ජීවත් වන්නියකි. ඇගේ සැමියා රයිස්, ඔවුන්ගේ පිරිමි දරුවන් තිදෙනා වන එලියට්, ලූකා සහ සාචා සහ මව ෆර්න් ද එහි වෙසෙති.

වනුෂි ජාතික හා ජාත්‍යන්තර අත්දැකීම් සහිත නීතිඥවරියකි. ඇය ප්‍රජා නීති ක්ෂේත්‍රයේ වසර 9ක්, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හි ජාත්‍යන්තර මණ්ඩල සාමාජිකාවක් ලෙස වසර 6ක් ගත කර ඇති අතර පෞද්ගලික පුහුණුවීම්, රාජ්‍ය අංශය සහ ප්‍රජා අංශයේ සේවය කර ඇත.

කම්කරුවන් සඳහා සාධාරණ රැකියා තත්වයන් සහතික කිරීම සඳහා වැඩ කිරීමේ සැලසුමක් ඇය සතුව ඇති අතර, ඇය COVID-19 න් පසු සේවකයින්ගේ රැකියා සුරක්‍ෂිතතාවයට සහ අවස්ථාවන්ට අඛණ්ඩව අය සහාය වනු ඇත. වනුෂිට අවශ්‍ය වන්නේ වාසය කිරීමට හැකි නිවාස වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමට සහ අවශ්‍ය ඕනෑම අයෙකුට නීතිමය උපකාර ලබා දීමට ය. වනුෂි මානව හිමිකම් කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු සහ ඕක්ලන්ඩ් සහ නෝර්ත්ලන්ඩ් හි ප්‍රජා ව්‍යාපෘතිවල නවසීලන්තයේ විශාලතම පදනමක උතුරු කොටස භාරව කටයුතු කරමින් සිටියාය.

වනූෂි වෝල්ටර්ස් රාජනායගම් මහත්මිය
Tags: නවතම
Share69Tweet43
Previous Post

රිෂාඩ් හැංගුණු හේතුව මහින්දානන්ද කියයි

Next Post

ලෝකයට අයිති කලා කෘතියකට ගල් ගසන තමිල්නාඩුවේ කුරුමිණි මිනිස්සු

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.